සඳට බැළුම් හෙලූ අය

Feb 24, 2020

කොළඹ කියන්නෙ ඔයාට, ඔව් ඔයා පර්යාය පදයක් කොළඹට !




බොරලැස්ගමුව පැපිලියාන
කොහුවල කිරුළපන
තිඹිරිගස්යාය තුන්මුල්ල
ඔය සේරෝම පහුකරන්
එකසිය විස්ස
ගාට ගාට එනකොට
මං හදන්නෙම  අමතක කරන්න ඔයාව
( මට මතක් වෙන්නෙම ඔයාව )

කංකරච්චල් සංගීතය
දැන් නෑ තමා බස්වල
එෆ් එම් චැනල් එකක
හරි හිමිහිට ඇහෙනවා
ලක්ශ්මන්ගෙ
සඳ කිනිති නැමී නිල් දියට
එබෙන සේයාව
චික්...මේ බස් කාරයො
මට අමතක කරන්න
නොදෙන හැටි ඔයාව

නෙළුම් පොකුණ ගාවින් බහිද්දි
හදවත් ගැහෙන්නෙත් එකසිය ගානට
ඇත්තමයි මට හිතෙන්නෙම
අහම්බෙන් හරි මුණගැහේවිද
මං අමතක කරන්න හදන  ඔයාව

කොළඹ හුළඟත් හරි පුසුඹයි
මං දන්නව ඒ සුවඳ අයිති ඔයාට
රොබරෝසි මල හැලිල  එක  යායට
ග්‍රීන් පාත් පුරාම
කලා භවන ළඟදිත් මං හැරි හැරී හෙව්වෙ ඔයාව

මුණගැහුනු එක දවසකදිවත්
මට බැරි වුනා කියන්න මේ කාරණාව
මොනර නිල් පාට තමයි  ඇන්ඳහම ලස්සනම  ඔයාට
අහ්...මේ මොනව කිව්වත්
ඔයා බලන් ඉන්නකෝ
සත්තයි මං අමතක කරනවා ඔයාව

13 comments:

  1. ඒක ඇත්ත...මටත් මේ හැගීම ඇතිවෙලා තියෙනවා පේරාදෙණියෙ ගලහ හන්දියෙදි....ස්තූතියි

    ReplyDelete
    Replies
    1. ඒකත් එහෙමද.....බලන්න ඉතින් මට අනුන්ගේ හිත් කියවන පුලුවන් හැටි..

      Delete
  2. මම කියලා ලව් කරපු
    මගේ ප්‍රථම ආදරේත් ඉතිං
    නෙලුම් පොකුණ හැබැයි ඒ දවස් වල නම් නෑ ඔය නම
    ඉස්සරහා ඉස්කෝලේ
    ඉන්ටරැක්ට් ක්ලබ් එක වගේම
    ෆිසික්සි ක්ලාස් එකේ
    කෙම්ස්ටිරි ක්ලාස් වල
    පාට පාටින්
    තවමත් මගේ හිතේ තියෙනවා

    දවසක් එයා එනවා
    බොරලැස්ගමුව හන්දිය හරියේ
    මම බස් එකත් නවත්තගත්තා
    එයා එනකම් කොන්දොස්තරට කියලා
    මොකද එකසිය විස්ස නේ

    ඇය පුදුම උනා
    බස් එකේ හැමෝම
    අපි දෙන්න දිහා බැලුවා
    එයාගේ මුණ
    ලජ්ජාවෙන් රෝස උනා

    මගේ අත කොනිත්තලා
    ඇහුවා
    "ආ යූ ක්‍රෙසි"
    අවුරුද්දකින් එයා මාව දාලා ගියාම තමයි
    තේරුනේ වචනේ තේරුම

    -ආටියා-

    ReplyDelete
    Replies
    1. ආටියා- මට පේන්නෙ මේක මේ එකසිය විස්ස රූට් එකේ අවුලක්ද කොහෙද ...හි හී

      Delete
  3. මිසී,

    අඟු.. ලාන ලුනාව
    ඊළඟට මොරටුව...
    අපි ඉතින් බයිලා කාරයොනේ. කොළඹ ඔය කියන දිහාවල් හරියකට දන්නේ නෑ නොවැ.


    මිසී මේ එක නෙවේ . කොහොමද මල් වගාව. නැගල යනවද?

    ජයවේවා!

    ReplyDelete
    Replies
    1. ගල්කිස්ස රත්මලාන බෙලෙක්කඩේ ගොලුමඩම ආ ඒ රූට් එකත් හොදා තමා

      මල්? මම වවයි මල්....මේකේ ලියන එව්වා හැබෑවටම වෙනවා, වුනා කියල හිතන එක අන්තිම නරකයි නොවැ

      Delete
  4. ආදරයක හෝ අහිමි බැඳීමක අත්දැකීම් මට නම් තවම නැහැ. කොළඹ එක්ක මට තියන්නේ හොඳ යාළුවො කිහිපදෙනෙකුගේත්, දුම්රිය සහ ඉතිහාසය සමග බැඳුනු මතකයන් සහ සිහිවටනයන් කිහිපයකුත් විතරයි. මම ජීවත් වෙන්නේ මහනුවර. ඒත් එතන උනත් කවුරුත් මතක් කරවන තැනක් අදටත් නැහැ.

    ReplyDelete
    Replies
    1. ඒක හොදා . ඒ උනාට ඉතින් කවියක් කියවලා රස විඳින්න ඒක බාධාවක් නොවෙයිනේ....

      Delete
  5. සඳ කිනිති නැමී.....කැමතිම සිංදුවක්....!!
    ඇයි අමතක කරන්න දඟකන්නේ...ඔන්න ඔහේ පාඩුවෙ තියෙන්න දෙන්න...කවද හරි විකිනියැහැකි මහ ඉඩම වගේ කියලනේ කියන්නේ....!!

    ReplyDelete
    Replies
    1. ආ ලොකු මහත්තයත් ඉඳලා හිටලා හරි එනවා නේද මේ පැත්තේ.ඒ සින්දුවට කවුරුම හරි කැමතී කියපු එකත් ලොකු දෙයක් අප්පා.
      අනිත් එකනම් තේරුනේ නෑ.මහ ඉඩම වගේ

      Delete
  6. එකසිය විස්සෙ මතක ගොඩක් තියෙනවා වගේ 🤭

    නෙළුම් පොකුණ පහු කරලා තව ටිකක් ඉස්සරහට ගියා නම් මටත් මතක තියේ. ඒ වගේම බොරලැස්ගමුව පහු කරලා පිළියන්දලට එනකම් ආවානම් ඒ අතරට තව මතක එකතු වෙනවා.💜️

    ReplyDelete
  7. 120 කියන්නෙම මතක පුරවපු පාරාදීසයක්...ආදරේ එක්ක වගෙම යාලුකම එක්කත්...

    ReplyDelete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...