සඳට බැළුම් හෙලූ අය

Aug 26, 2020

පෙඟී ගිහින් සිතිවිලිවත් නෑ !

 



අතිශය ශූෂ්ක කලාපයක

ඇනි ඇනී විස කටු තුඩු

රිදුම් දෙද්දීත් පය

ඇවිද යමි

නවතිනු බැරි නිසාම


ගිලි ගිලී කර වටක් කළල් දිය මත

හිරවෙද්දීත් හුස්ම

නො එල්ලී පිඳුරු ගස් වල

පිහිනමි

මියෙන්නටවත් අවසර නැති නිසාම


පිහිට වන්නට නොවේ

අසා ඉන්නටවත් දුක

කියන්නට කෙනෙක් නැති දා

ගොලුවෙමි

මුනිවත  ඇවැසි නිසාම


හැල්මේ දුවන ජීවිතය

පුංචි ඉස්පාසුවක  කෙළවර 

ඉඳහිටක නැවතී

සොයමි 

මූනිච්චාවට ආදරෙයි කියූ අය





12 comments:

  1. මූනිච්චාවට ආදරෙයි කියූ අය.. හ්ම්ම්...දුක තමයි... ලස්සනයි සඳ ලියවිල්ල.

    ReplyDelete
  2. හැල්මේ දුවන ජීවිතය
    පුංචි ඉස්පාසුවක  කෙළවර 
    ඉඳහිටක නැවතී සොයමි
    ආදරෙයි කියූ අය....!


    ReplyDelete
  3. ලස්සනයියියියියියියියියියියියියියියියියියියියියි .... :)

    ReplyDelete
  4. මුනිවත හොදයි දෙබසින් දුක වැඩි හිංදා....

    ReplyDelete
  5. වැදුනා දැනුනා රිදුනා...
    මාව කියෙව්ව වගේ...

    ReplyDelete
  6. Replies
    1. මූනිච්චාවට කියන කතා නොවැ

      Delete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...