සඳට බැළුම් හෙලූ අය

Oct 25, 2021

අහිතකර හාද්ද !




ජීවිතේට අත්‍යාවශ්‍යයම නෑ කියල
හිතෙන ඔයාව
දවසේ අනවශ්‍යයම මොහොතෙදිත්
හිතට එන කරුමෙ

හැබෑටම
කියනවකො වදේ
ඔහේ මොකද්ද මට කවපු ඉනාව

තාමත් මං ඇලෙන්නෙම
ඔය ඇස් වල හිනාවට
ඒ වුනාට,
ඩන්හිල් දුම ඒ තරම් රස බව
ඇත්තමයි මං දැනන් හිටියෙ නෑ
ඔයා මගෙ දෙතොල් පෙති
ඉඹින තුරාවට

ඔයා දන්නව නේද ?
මං ඉන්නෙ දුම් නොබොන කලාපෙක
අන්න ඒ නිසයි
මට අමතක නොවෙන්නෙම
ඒ නිකොටින් සුවඳ හාද්ද

මට තාම මතකයි
ඒ ගොම කොළ පාට
බාච්චු කමීසය
තැන තැන විසිරිල තිබුනෙ
කහ පාටින් මල් රටාවට

නවත්තපු තැනින්
ආයෙමත් පටන් ගන්න
කවදාවත්ම බැරි උනාට
ඔයා විඳවන්නම ඕනෙ මං වගේම

ගලන්නම ඕන තැනකදි
හිරවුනාම
දැනෙන වේදනාව !!

21 comments:

  1. සුන්දර නිර්මානයක්! හැමදාම වගේම . . . .

    ReplyDelete
  2. අහිතකර හාද්ද!
    එන්ඩ එපා ඕවට
    හහ්, අහිතකර හාද්ද!

    ජයවේවා!
    Myself Hattor

    ReplyDelete
    Replies
    1. නැතුව ඉතින් හාදු උනත් ශරීරයට අහිතකර වෙන්න පුලුවන් නොවැ

      Delete
  3. සුන්දර නිර්මාණයක් ! හැමදාම වගේම...

    ReplyDelete
    Replies
    1. අලුතින් වචනයක් ලියන්න බැරිතරමට බිසිද අප්පා...කොපි පේස්ට් කරන්නේ...

      Delete
    2. පුරුදුවෙනවනේ...ඒකයි....!!!

      Delete
  4. අහිතකර වෙන්න පුළුවන්, මේ කොරෝනා වසංගතය නිසා

    ReplyDelete
  5. හරිම හැඩයි.
    ඔබේ පල නොකළ කවි/ගී https://londonkavi.com/contact/ වලටත් , ලේඛකයිනි, ඔබේ ගේය පද නිර්මාණ සඳහා මේ වෙබ් අඩවිය විවෘතයි!
    මේ ගේය පද සංචිතයට එකතු කිරීම සඳහා ඔබේ කාව්‍ය නිර්මාණ අප වෙත එවන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමු.

    මේ ව්‍යාපෘතිය පිළිබඳව වැඩි විස්තර සඳහා:
    https://geeliyamu.blogspot.com/2020/10/blog-post.html

    වෙත යවන්න .

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අයියා ...ඒ දැනුවත් කිරීමට

      Delete
  6. අපූරුයි... ඒක වෙනස්ම ටච් එකක් තියෙන කවියක් කියල හිතෙනව. ❤️❤️❤️❤️❤️

    ReplyDelete
  7. කෙලෙස කියනුද
    හාදු අහිතකර
    නිසැකවම අපි සියල් දන
    හාදු නොපතන්නෝ නොවෙත්...

    එනමුදු
    මා මෙන් ඔහුද
    විඳවිය යුතු යැයි කියනු කිමැ ඔබ
    ආදරය නම්
    මා විදවුවද
    ඔහුට සැමදින සතුට පැතුමනෙ

    ReplyDelete
    Replies
    1. මේ ඔබෙ සැප මගෙ සතුටයි කියන ජාතියේ කයියක් නෙවෙයි අනේ.හැමදම එව්වා බෑ 🤗 මේ මට දුකනම් බොටත් ඒ දුකම දැනියයුතුයි කයියක්.

      Delete
    2. ඕ හරි හරි. එහෙම වෙන්නත් ඕනි තමයි😊😁

      Delete
  8. මේ වන විටත් ඔබගේ බ්ලොගය අප අපගේ සින්ඩියට ඇතුලත් කොට හමාරය. එය "අංක 8 කැටපත් පවුර" කොලමයේ දක්වා ඇත! අපට අවශ්‍ය වන්නේ බ්ලොග් ස්වර්ණමය යුගයක් යලිත් ඇතිකිරීමටය. ඒ සඳහා ඔබගේ සහයෝගයද අප නිරන්තරයෙන් බලා පොරොත්තු වෙමු. අප පිළිබඳව හැකි උපරිම ප්‍රචාරණයක් ලබා දෙන්න!

    ReplyDelete
  9. සුන්දර පද පෙළක්. "හිතට එන කරුමෙ" - එකනම් මාරම සුන්දර කරුමයක්...

    ReplyDelete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...