දුර ඈත අතීතයේ දවසක
බොහෝ ප්‍රේමයෙන්
එකම වහලක් යට
ජීවිතය බෙදාගත්
හිතවත ,
සමාවෙන්න
අත්වැරදීමකින් වගේ
මං ඔබේ මුහුණු පොතට එබුනා
බොහෝ කලකට පසුව
ඒ උදේම ඔබේ ප්‍රොෆයිල් පින්තූරය
අලුත් එකකට මාරුවී තිබුනා
ඔබ ඇයත් එක්ක එකම රාමුවක
හරි අපූරුවට මල් මල් හිනා
වස්සමින් උන්නා
ඇත්තමයි කල්පෙකට පස්සෙත්
මගේ ඇස් එක මොහොතකට
ගිනිකන වැටුනා
දැන් ඉතින් අඩන්නට තැවෙන්නට
හේතුවක් නැති මුත්
යංතමට ඇහි පියන් ගැහුණා
චුට්ටක් වයසට ගිහින් බඩත් ඇවිදින්
ඒත් ඔය දුඹුරු ඇස් වල මනමාල
හිනාව එහෙම්මම තිබුනා
සත්තමයි මට ආයෙමත් ආදරේ දැනුනා !!
ගල් ගහල කුරුළු කූඩුවට ඈ
හිනාවෙන හැටි..අම්මපා
මට යක්ශයා වැහුණා
මිට මොලවල කම්මුලට දෙන්න හිතුනා !!
සංසුන් වෙන්න ඔයාමනෙ යන්න දුන්නෙ
ඔයාමනෙ දිනුම දුන්නෙ
මගෙම හිත මට කියනවා ඇහුනා
' මට ඔයත් ඕනේ එයත් ඕනේ '
තුන්කොන් සටනක උච්චම මොහොතෙ
ඔයා කියපු හැටි ආයෙ ආයෙ ඇහුනා
මට තරමටම එයාටත්
ආදරේ බව කිව්වම
මගෙ පපුව දෙකට පැලුනා
බදාගන්නට මිසක් බෙදාගන්නට බැරි
ප්‍රේමයේ මතක කන්දම අරන්
මං ආයෙමත් හැරුනා
ඇසිල්ලකින් ඔයා ඒ අත අල්ලගත්තා !!
( පසුව ලියමි )
ඉතින් හිතවත ඔබ දන්නවාද
අර සොඳුරු කිවිඳිය 'වර්ණා '
එයාගේ බරම කවිය 'උත්තරා '
දැන් ඒක ගීයකට හැරිලා
මගේ මේ හෑල්ලට පහලින්
තියන්නම් ඒ සබැදිය අමුණලා
ඉඩ තියෙන වෙලාවක අහන්න
ඇයත් එක්කම එක්වෙලා
මරුනේ , සින්දුවත් ඔයාද ලිව්වේ . දැන් අලුතෙනම ඇමෙරිකාවේ යුරෝපයේ එන ට්‍රෙන්ඩ් එකක් polyamorous ලව් , ගැහැණු දෙන්නයි එක පිරිමියයි හෝ පිරිමි දෙන්නයි එක ගැහැනියයි .
ReplyDeleteදෙයියනේ ඇයි ඔය පසුව ලියමි එකේ තියෙන්නේ සිංදුව ගැන විස්තරේනේ.මේක වර්ණ රසිකා කිවිඳියගෙ ජනප්‍රිය කවියක්.ඒක තමා සිංදුවක් කරල තියෙන්නෙ.
Delete++++++++++++++++
ReplyDeleteඅපුරැයි
ReplyDelete