සඳට බැළුම් හෙලූ අය
Sep 24, 2019
පෙම්වන්ත නොවූ පෙම්වත !
පලින් පල ලෙහී ඉහිරුණු
කඩමාලු අතීතෙක
මතක මැස්මක් දෙකක්
හැරුණු කොට
දැන් ඉතින්
අල්ලා බදා ගන්නට
කිසිවක්ම නැති...
අනපේක්ෂිත මොහොතක
අපේක්ෂිත හාදුවක
සුවඳ සුසුමින්
මන්මත්වීම
හදිසි අනතුරකැයි සිතා
සලකුණු මැකෙන තුරු
දරාගැනීමේ ලේපය ගැල්වීම
තමයි දැන් යුතු....
දකින්නට සිහින මැවීම
ඒ හීන සැබෑ කරගන්නට
වෙහෙසීම
මෙයින් මතු අත් හරින්නට
තීරණය කර ගත් බැවින්
ආදරෙයි ආදරෙයි කිය කියා
ඔබේ පසු පස යලි නො එල්ලෙමි
සත්තමයි
යලිදු කිසිදාක...
........................................
" ආදරේ තියෙන්නෙම
අයිති නැති තැන් වල
දුර ඉන්න කොටත්
ළඟ වගේ දැනෙන එකට "
කවියොනම් කියන්නෙම ඔහොම
මල විකාර ! උන්ට පිස්සුද කොහෙද
ආදරේ කියන්නෙම ,
පොරොන්දු දෙන එකට
එවා කඩල බිඳල දාන එකට
උන්නාද මැරිලාද හොයා
නොබලන එකට
දුකක වේදනාවකදි
අහක බලන එකට
මතක් උනත් අමතක උනා
වගේ ඉන්න එකට
කොටින්ම ආදරේ කියන්නේ
යාලු කමත් නැති වෙන එකට...
හා හා දැන් ඔබ කියාවි
ආයෙමත් ආදරේ බව
ඉතින් ආදරේ කියන්නෙම
ඔන්න ඕකට
ආයෙ ආයෙමත් රැවටෙන එකට ...
Subscribe to:
Post Comments (Atom)
දිනූ මගේ යකෝව්....!
මෝඩ තරිඳු බැලුවාය.කෙටියෙන්ම කියනවා නම් මරුය..මරේ මරුය.සතියේ දවසක 7.30 ශෝ එකද හවුස්ම ෆුල් ය.මියුසික් අතිවිශිෂ්ටය..හැමෝගෙම ඇක්ටිං ද එහෙමය.මං ...
-
මේ දවස්වල මගේ සාමාන්‍ය දින චරියාව සේරම අන්ජබජල් වෙලා. අනේ කාටවත් කිසිම කරදරයක් නැතුව කතාවක් කවියක් ලියාගෙන සිංදුවක් අහගෙන ඉඳලා හිටලා සත්තර...
-
අද මැයි මාසේ 17 වෙනිදා.... අද වගේ දවසක ඔයා මේ ලෝකේ එළිය දකිනවා අද වගේම දවසක මම ඔයාගේ ලෝකෙට එළිය අරන් එනවා ( ඒ ඔයා කියන විදිය ) ඔව්... ඒ ...
-
සුන්දර සුවබර බිනර මාසයක් වේවා ඔයාලට!💐💐💐 බොහොම අවිවේකී සති අන්තයකට පස්සෙ සදුඳාට එළිය වැටුනේ අලුත් මාසයක් එක්කමයි.සැප්තැම්බර් ඒ කියන්නෙ ...

ආදරේ තියෙන්නෙම අයිති නැති තැන් වල
ReplyDeleteදුර ඉන්න කොටත් ළඟ වගේ දැනෙන එකට.
මල විකාර අනේ
Deleteඔන්න ඔන්න ආයෙත් කුරු කුරු ගානවා ...
ReplyDeleteදවස් දෙකයි නේ කතා නොකළේ...
(ඊට වැඩිද...මට මතක දවස් දෙකයි කියල ඒ තරමට ඔබ ලඟින් මම)
ආදරෙයි නේන්නං ඇයි හිතන්නේ බොරු කියලද?
ඔය තරහ බොරුවට නේද?
පිළිගන්නවා නේද මගේ මේ ආදරය!!!
හප්පා බටර්.....
Deleteඇති යාන්තං ලයිට් ආවා!
ReplyDeleteරයිස් කුකර් එක වැඩ
තව මිනිත්තු දහයයි
බත් හැළිය රෙඩි.
ආ රේඩියෝ එකේ සිංදුවකුත් යනවා වෙලාවටම.
අමතක කොරලමු පෙරනි කතා ආ ආ
ඒ උනාට තාම මහ වැස්ස නැවතිලා නෑ
Deleteආදරේ තියෙන්නෙම
ReplyDeleteඅයිති නැති තැන් වල
දුර ඉන්න කොටත්
ළඟ වගේ දැනෙන එකට
මල විකාර අනේ
Delete