සුන්දර සුවබර බිනර මාසයක් වේවා ඔයාලට!💐💐💐
බොහොම අවිවේකී සති අන්තයකට පස්සෙ සදුඳාට එළිය වැටුනේ අලුත් මාසයක් එක්කමයි.සැප්තැම්බර් ඒ කියන්නෙ බිනර මාසේ.නිකිණි කියන අගෝස්තු මාසෙට වගේම මං බිනර කියන සැප්තැම්බර් මාසෙටත් හරිම මනාපයි.අපේ අම්මා මට ඔය නම දාලා තිබුනනම් මං මොන ලෝකෙන් හරි බිනර කියන නම තියෙන කොල්ලෙක් හොයා ගන්නවා ඒ කාලේ.කොහෙද ඉතින් අපේ අම්මට ඕව තේරෙන්නෙ නෑනේ. (මේක පෝස්ට් කරන්න කලින් අම්මට නොපෙනෙන්න settings හදන්න ඕනේ නැත්තං මේ පින්බර උදෑසන අම්මා මට ජාතිය අමතනවා🤭 ) මං නිකිණි කෙනෙක් නොවී මට බිනර කෙනෙක් හම්බුනේ නැති සෝකෙට මං ලියන ගොඩක් කතාවල ඒ නම් දෙක තියෙන ඩබලක් ඉන්නවා.ඔයාලට කියන්න පූරුවේ ඉදන් එන මොකද්දෝ කෝන්තරේකට මට සෙට් වෙන්නෙම " චා " යන්නමයි.ඒ අකුර මට අපලයි කොහෙද ඉතිම් මේ දෛවය ඒක පිලිගන්නෙම නෑනේ. බලන්න ඒක උච්චාරණය කරද්දිම මොකද්දෝ වරදක් තියෙනව නේද කියල ( පොඩ්ඩක් ඉන්න හබී බබීවත් බ්ලොක් කරල තමා මේක දාන්න වෙන්නෙ නැත්තං නිවාඩු දවසෙ කොහේ හරි ගිහිල්ලත් හමාරයි 🙃)
හුටා මට අමතක උනානේ ඔය කලින් පෝස්ට් එකේ නිදි නැති රෑ නැටූ නාඩගම ගැන ලියල එයැයි මට රෙනෝගෙ cctv එක කියල කුප්ප කතා කියල තිබ්බනෙ.එයැයි එහෙම කිව්වයි කියල මං සැලෙනවද හිතවත.මට ඕන්නං අර ඉස්සරහට එයි කියල එයා හිතන ලියවිලි ගැන අදම ලියන්න පුලුවන්.ඒ උනාට ඕන්නෑ ඉස්සරහට තමා වඩා රසවත් ඒ නිසා රැඳීසිටින්න ඕගොල්ලො හොදේ.
ඉතින් ඔයාලා හිතන්නේ දැන් අපිට උදේට කැඳ නෑ කියලද.මොන පිස්සුද අනේ කැඳ නම් වරදින්නේ නෑ.නානාප්‍රකාර කොළ කැඳ, කුරක්කන් කැඳ,කොල්ලු කැඳ අපිට ලැබෙනවා හිතවතුනි.නැන්දම්මාගේ කැඳ හැදිල්ලයි අපේ අක්කාගේ මල් පිස්සුවයි අස්සේ මාත් ඔන්න ඔහෙ ඉහගහල ඉන්නව තාමත්. ආ..ඔය පහුගිය දාක අපි නුවර පලාතේ ගියා නොවැ.කියන්න දුකයි අපේ අක්කගෙ මල් රෝගයේ විසබීජ ගිහින් ආතුර වෙලා මාත් සල්ලි දීල මල් පැල අරන් ආවානේ.🙄 අක්කාටනම් දැන් මල් පිස්සුව විතරක් නෙවෙයි ගෙඩි පිස්සුවත් තියෙනව.උන්දෑ උස්සන් ආවා පැනි දොඩම් ගහක්.අනේ හොදා මං හිතුවා එයැයිගෙයි මගෙයි මුනුබුරන්වත් ඒවායේ ගෙඩි කාවිනේ කියල.මොන පිස්සුද ඒකි කියපි ඒවා බට් ය.අවුරුද්දෙන් ගෙඩි එනව කියල.එයාට කියල තියෙන්නෙත් ගන්නොරුවේ හෙල බොජුන් එකේ පැල තවානෙන්.බලන්න ඉතින් ලබන අවුරුද්දෙ අපිට මේ ගසේ බොහෝ පැනි දොඩම් තිබේ තමා.ඒක හිටවන්න පර්චස් එකහමාරක විතර පෝච්චියකුත් ඇන්න ආවා කියපංකො.දැන් ඉතින් ඕකට පස් පුරවන්න අර කෙල්ලියො දෙන්නා කන කට්ට මතක් වෙනකොට මට දුකේ බෑ.ඔන්න පැනි දොඩං ගහෙන් තමා ඊළඟට මං එයැයිගෙ ගෙඩි කෙරුවාව දැනගත්තෙ.අම්මටසිරි කිව්වලු දෙහි,අඹරැල්ල,තව මොකක්ද අවුරුදු තුනෙන් පීදෙන ගෙඩියක් ඔය වගේ ගස් පර්චස් එකහමාරේ පෝච්චි වල හිටෝලා ස්ලැබ් එක උඩ දිලිසි දිලිසී තියෙනව.පුහ්..එයැයි හිතාගෙන ඇති මල්වලට රැවටුනා වගේ ගෙඩි පම්පෝරියටත් රැවටිලා මටත් ගෙඩි පිස්සුව හැදෙයි කියල.ආයෙ මටෙයි කියල අමුතුවෙන් මොටෝ ගෙඩි ගස්.එයැයිගෙ ගෙඩි මගෙත් ගෙඩි තමා හා නැද්ද ? 🤭
මල්සමය නිමවේවිදෝ
ගෙඩි සමය ඇරඹේවිදෝ
පසුව ලියමි:
කෝකටත් මං ලබන අවුරුද්දේ නිකිණි මාසෙට නුවර ට්‍රිප් එකට දැන්මම දින වෙන්කරල තියා ගත්ත.පැනි දොඩම් පලදාවෙන් ගිලන්පස පූජ කරන්න යන්න එපෑයැ.🤭
පසුවටත් පසුව ලියමි :
ඔයැයිලට කියන්න මයේ සැමීගෙ මුල නම චා උනාට එයාට ඊට පස්සේ තියෙනවා සාස්සන නමක්.මං ඒ නමටත් මනාපයි.එයා දුශ්මන්ත මං සකුන්තලා.ආයෙ ඉතින් නිකිණි බිනර වගේයෑ එව්ව බලාපල්ල ගැලපීම 🥰
(මට අද Lady J යන්න
තියෙනව ළමායි 😉)
**************
මේක මේ බුකියට ලියූවක් නිසා ඒකට ගැලපෙන වාක්‍යයත් තීනවා.ඔන්න ඔහෙ එහෙමම දැම්ම ආයෙ එඩිට් කරන්න බෑ අනේ

මේකත් නියමයි.
ReplyDeleteමම කොහෙද කියෙව්වා, මිනිස්සු නගර වලට ගාල් වෙනවා, පහසුකම් නිසා, පස්සෙ මල්, ගෙඩි ගස් හිටෝනවා පරිසරය මිස් වෙන නිසා කියලා. අවුලක් නෑ.😁
හප්පා ඇති යන්තං එකෙක් හරි මේක බලලා කමෙන්ට් එකක් දාලනේ.මං හිතුවෙ මෙව්ව කාටත් පේන්නෑ කියල 🙃
ReplyDeleteඒක තමයි අපි කියන්නෙ, අඩුම ගානේ වැටක්වත් ගහපියව් කියලා. ජීවන සටන අවුවස්සෙ මෙහෙම හරි ලියන එකට පොඩි තල්ලුවක් දෙන්න.
Deleteමහිතේ දැන් කස්ටිය බිසී .
ඒකනේ ඒකනේ තල්ලුවක් දියව් 🙃
Deleteහොඳටම බිසී . ඒත් නෑවිත් පුළුවනෑ . අපේ මායියා චෙරි ගහක් හිටෙව්වා . පොඩි ගෙවත්තේ ඒක තියනව . තව ටෝරසියක් පොඩි ගස් තියනව . මම නම් ඒකට මනාපයි .හිත හරි සන්සුන් ගෙවත්තේ ඉන්න කොට
ReplyDeleteඔව් ඔව් මල් කියන්නෙ ගස් කියන්නේ ඉතින් හිත නිවන සුවපත් කරන් දෙයක් තමා.මටය්හ් දැන් ටික ටික මල් පිස්සුව හැදීගෙන එනවා වගේ 🙃
Deleteමල්බර වෙලා තමයි පලබර වෙන්නේ.
ReplyDeleteඔව් එතකොට ජීවිතේ සොමිබරයි 😉
Deletewonderful written.
ReplyDeleteThanks 😍
Deleteකතාව නම් කියෙව්වා... හරිම මෙව්වා එකකින්. එක එක කාලෙට එක එක අදහස් මල්.... ගෙඩි වැවිල්ල නරකමත් නෑ කියලයි මට නම් හිතෙන්නේ.
ReplyDeleteස්තූතියි මෙහෙ ආවට ආයෙමත් කාලෙකින් ❤
Delete