හුගාක් කාලෙකට පස්සෙ ඔන්න මං ආයෙමත් මේ පැත්තට ආවා....අනේ මංදා හැම තිස්සෙම මොනවාම හරි කුරුටු ගාන මම මේ බ්ලොග් එක අතඇරල අවුරුද්දක් එහෙමත් නැත්තන් දෙකක් විතර කාලයක් ඔහේ බලන් හිටිය.ඒ කාලෙ ඇතුළත ජීවිතේ මොන තරංනම් දේවල් සිද්ද උනාද.......දැන් ජීවිතේ ඉස්සරටත් වැඩිය කාර්ය බහුල වෙලා.
ආයෙමත් මේ බ්ලොග් එක ලියන්න ඕනෙ කියල හිතට දැනුනෙ සයිබර්වකාශයෙ අහම්බෙන් ගොඩ වැදුන නවාතැන් පලකදී ජීවිතේට සමීප වූ දයාබරයන් පිරිසක් නිසා. ඇත්තටම එයාල නිසා මට යම්කිසි නිර්මණශීලි හැකියාවක් තිබුණනම් ඒක වැඩි දියුණු වූ බව මම හැමදාම පිලිගන්න ඇත්තක්.එයාලා හැමොටම උපහාරයක් හැටියට මම ආපහු මේ අඩවියේ සැරිසරනව.....
මේ බ්ලොග් එක ආපහු නැවුම් හැඩයකින් ඔබට පුදන්න මට උදවු කරපු පිස්සු පූසා මල්ලිව මම මේ වෙලාවෙ ආදරෙන් මතක් කරනව.බ්ලොග් එක දිගටම කරගෙන යන්න කවියො.... කියල මාව හැමදාම දිරිමත් කරපු චතූ ඔයාටත් මම ගොඩක් ස්තුතී කියනව.ඔයාලගෙ දිරිමත් කිරීම් ,අවවාද , අදහස් වගේම උදහසුත් මම අද වගේම හෙටත් බලාපොරොත්තු වෙනව.
ඉතිං එන්න........... නේක රටා මවූ අහස් තළ සිසාරා සොඳුරු සඳවතී හිනැහෙන හැටි බලන්න.......
සඳට බැළුම් හෙලූ අය
Subscribe to:
Post Comments (Atom)
දිනූ මගේ යකෝව්....!
මෝඩ තරිඳු බැලුවාය.කෙටියෙන්ම කියනවා නම් මරුය..මරේ මරුය.සතියේ දවසක 7.30 ශෝ එකද හවුස්ම ෆුල් ය.මියුසික් අතිවිශිෂ්ටය..හැමෝගෙම ඇක්ටිං ද එහෙමය.මං ...
-
මේ දවස්වල මගේ සාමාන්‍ය දින චරියාව සේරම අන්ජබජල් වෙලා. අනේ කාටවත් කිසිම කරදරයක් නැතුව කතාවක් කවියක් ලියාගෙන සිංදුවක් අහගෙන ඉඳලා හිටලා සත්තර...
-
මෝඩ තරිඳු බැලුවාය.කෙටියෙන්ම කියනවා නම් මරුය..මරේ මරුය.සතියේ දවසක 7.30 ශෝ එකද හවුස්ම ෆුල් ය.මියුසික් අතිවිශිෂ්ටය..හැමෝගෙම ඇක්ටිං ද එහෙමය.මං ...
-
අද මැයි මාසේ 17 වෙනිදා.... අද වගේ දවසක ඔයා මේ ලෝකේ එළිය දකිනවා අද වගේම දවසක මම ඔයාගේ ලෝකෙට එළිය අරන් එනවා ( ඒ ඔයා කියන විදිය ) ඔව්... ඒ ...
මමද එක.. මේ නැවත පිඹිදිම චිරාත් කාලයක් සදහා වේවා කියලා මම මුලින්ම පතනවා.. දිගටම අපිට නිසදැස් දෙන්න කියවන්න.. අර ඔයාගේ කෙටි කතාවත් දෙන්න ඕදෙ
ReplyDeleteහරියෝ ඒකත් දාන්නම්
Deleteඅද තමයි මුලින්ම ආවේ. ඉස්සරහටත් එන්නම්කෝ
ReplyDelete