
තරු අරණ සරසන්න
සඳ වතිය පායන්න
මගේ ලොව එකළු කර
ඔබේ ඇස් දල්වන්න
සදාදර බැති පෙමින්
ඔය දෙපා දෝවන්න
සඳ එළිය ඇබින්දක්
අරන් හනිකට එන්න.....
සේපාලි සුවඳ ගෙන
සීත මඳ නළ එන්න
හද නිම්නයේ කවුළු
දැන් විවර කරලන්න
නුරා පෙම් යහනාවෙ
පිච්ච මල් අතුරන්න
පෙමාතුර මගෙ හිතට
ඔබේ වාරුව දෙන්න....
පිණි කඩා හැලෙන රෑ
තරු නිවා හංඟන්න
සේඳ සළුවෙන් වසා
සඳ අනේ දුර යන්න
පිණි වැටෙන සීතලේ
උණුහුමට ගුළි වෙන්න
ඔබේ ඔය පපුතුරේ
ඉතිං මට ඉඩ දෙන්න.....
අපූරු පද පෙළක් සහෝදරි.... ලස්සනයි.. :D
ReplyDeleteබොහොම ස්තූති මේ පැත්තට ආවට සහෝදරී
Deleteසදවති නැතුව කවිකාරි කියලා හැදුවනම් ගති නේද? මොනවා වුනත් ඔයාගේ නිර්මාණ ගති
ReplyDeleteම්ම්ම්ම්.... ඔව් ඉස්සර ඉදලම හැමෝම මට කියන නම කවිකාරි... ඒත් මට හිතුනා පොඩ්ඩක් වෙනස් වෙන්න පූ
Delete