සඳට බැළුම් හෙලූ අය

සඳවතී මං

My photo
රෑ අහස එළිකරන... සිත් අහස සරසවන... තරුවකට පෙම් බඳින... සොඳුරු සඳවතිය .... මං...

Jan 27, 2012

බාලිකා හීන කඳුළේ ඇත්ත කතාව.....

මම මේ ලියන්න හදන්නෙ ඊයේ මම බ්ලොග් එකට අමුණපු නිසදැසේ නිධාන කතාව . මට මේ කතාව ලියන්න ඕනේ කියලා හිතුනේ ඒ නිසදැසට මගේ මිතුරු පූ දාපු කොමෙන්ටුව බැළුවට පස්සෙ
" මට පේන්නෙ කවියෝ ඔයා පට්ට බූට් එකක් දගෙන වගේ....."
ම්ම්ම්....ඔව් මේක පට්ට බූට් එකක් තමා.... එක විදියකට හැබැයි මේක පිටිපස්සෙ ඉන්නෙ මම නෙවේ.මම දැන් මේ ඔයාලට කියන්න යන්නෙ අන්න ඒ නොකියූ කතාව.ඔන්න ඉතින් අහන්නකො ඒ කතාව මේ නිසඳැසට වැඩිය සංවේදී.

ඒ මීට අවුරුදු හතරකට හතරාමාරකට විතර කලින් මම හා හා පුරා කියල සයිබර් අවකාශයේ සැරිසරන්න ගත්ත දවස්.අම්මෝ මට නිකන් මැජික් වගේ.....ඔය චැට් රූම් ගැන එහෙම මම මෙලෝ දෙයක් දැන ගෙන හිටියේ නෑ....ඒ දවස්වල campus එක හිටපු මගේ ඥාති වෙන සහෝදරියක් තමා මට ඒ උණ බෝ කලේ.හැබැයි ඉතින් ඒ චැට් කෙරුවාවෙන් මට වරදක්නම් වුනේ නෑ...අපෝයි මම දැන් මේ මොනාද කියන්නෙ මට කියන්න ඕනෙ මම ගැන නෙවෙයිනෙ.

හරි ඉතින් ඔන්න ඔහොම අන්තර්ජාලයෙන් මට මුණගැහුණ එදා ඉදන් අද වෙනකන් එකම විදියෙ ළෙන්ගතු කමින් සහෝදර සහෝදරියන් වගෙ ඉන්න කිහිප දෙනෙක් මගේ ජීවිතේ ඉන්නව.අන්න ඒ ගොඩේ ඉන්න කෙනෙක් තමා මේ කතාවෙ අයිතිකාරිය.චැට් එකෙදී අපි උඹ බං බොලන් කියන තරමට බොහොම සමීප වුනා. අපි එයාට කිව්වේ අක්කා කියලා.අක්කා කිව්වට අපි හිතුවේ අපිට වඩා අවුරුදු 4 , 5 ක පරතරයක් ඇති කෙනෙක් වෙන්න ඇති කියල.ඒත් අපි අපේ පුද්ගලික තොරතුරු බෙදාගන්න තරමට ළං උනාම තමා මම දැන ගත්තෙ එයා මගේ අම්මගේ වයසේ තරම් කෙනෙක් කියල.ඒක දැනගත්තා කියල අපි අතරේ ලොකු පරතරයක් ඇති උනේ නෑ...මොක්ද එයාට පුලුවන් ඕනම වයස් මට්ටමක කෙනෙක් එක්ක හිනාවෙලා කතාකරලා විහිලු කරලා ඉන්න.පස්සෙ පස්සෙ එයාගෙ පවුල් පසුබිම එහෙම දැනගත්තම අපිට පුදුම හිතුනා ඒ වගේ කෙනෙක්ට මේ තරම් බොලද වෙන්න පුලුවන්ද කියලා. ඒ මොකද එයා විදේශීය රටක ඉහල නිලයක් දරන කෙනෙකුගේ බිරිඳක් , එයා ජීවත් වෙන්නෙ උසස්යැයි සම්මත සමාජයක , ඒ වගේම එයා නුවර සාම්ප්‍රදායික වලව් පෙලපතකින් පැවත එන කෙනෙක්... ඒ හැම දෙම පැත්තකින් තිබ්බම එයා සාමන්‍ය සරල ගැහැණියක්... සැමියාගේ අධික කාර්‍යබහුල කමින් පීඩා විදිමින් ගෙදර හුදකලා උන බිරිඳක්....දරුවන් ලබන්න පින්මද උන ගැහැණියක්....හැබැයි ඒ දෙවලින් කඩා නොවැටී හැමතිස්සෙම හිනාවෙලා සින්දු අහලා සතුටින් ඉන්න කැමති කෙනෙක්....

කාලයක් යද්දී එයා චැට් එන එක නැවැත්තුවා
" මේ චැට් කිරිල්ලට මන් දැන් වයස වැඩී බං නංගී ඕවා හොද ඔයාලට තමා...." එයා එහෙම කිව්වා...හැබැයි එයා එතනින් එයාගෙ යාළුවන් හැටියට තෝරගත්ත අතලොස්සන්දෙනෙක්ගෙන් එක්කෙනෙක් වෙන්න මට වාසනාව තිබුනා.පස්සෙ පස්සෙ මගේම අක්කට මගේම අම්මටවත් නොකියන දේවල් එයාට කියන්න මම පුරුදු උනා.ඒ හැම දේකටම එයාගෙන් සාදාරණ පිලිතුරු උපදෙස් ලබුණා.
ඔන්න දවසක් skype call එකක් අතරතුරේදී මේ අක්ක මට මෙහෙම කිව්ව....

" නංගී මට ඔයාට කියන්න කතාවක් තියෙනවා....

" කියන්න අක්කා මම අහගෙන ඉන්නේ....."

මම ඉස්කෝලේ යන කාලෙ මං ගැන උනන්දු උන පිරිමි ළමයෙක් හිටියා.....

ඉතිං..........

මීට සුමානෙකට විතර කලින් එයාගෙ නමින් මගෙ FB එකට req එකක් තිබුනා....ඒ නම දැකලා මාව සීතල උනා නගෝ....මම හිතුව හරි ඒ එයාමයි....

ඉතිං අක්කා...කතාව මම හිතුවට වැඩිය රසබරයි වගේ දැණුන නිසා මමත් උනන්දු උනා...

එයා නිකමට FB එකක් ඇරල මාව search කරලා.......නිකමටවත් හිතුවෙ නෑලු මාව එහෙමවත් මුණගැහෙයි කියල ඔයා දන්නවද නංගී ඒ තමා මගෙ පලවෙනි ආදරේ...... කියාගන්න බැරි වුන ඒ ආදරේ මේ පපුවේ තාමත් හැංගිලා තියෙනවා නංගී......... අපි ඉස්සෙල්ලාම දැක්කෙ නුවර station එකෙදි..මම එතකොට ඉස්කොලෙ දහයෙ පංතියෙ විතර... එයානම් ඉස්කොලෙ යන පාටක් තිබුනේ නෑ.... හැමදාම හිටියේ පාට ඇඳුමින්... එයා මොකක් හරි රස්සාවක් කරනගමන් ඉගෙනගත්තා කියලා තමා මම හිතන්නෙ.... අපි සමහර දවසට එකම සීට් එකේ වාඩිවෙලා හොරෙන් බල බල යනවා අම්මෝ ඔයා දන්නවද නංගී ඒ වෙලාවෙ දැණුන දේවල් මට.........මට ඒ දවස් මැරෙනකන්ම අමතක වෙන්නෙ නෑ....අපි කතා කලේ ඇස් වලින් විතරමයි.... එත් එයා මගේ යළුවන්ගෙන් මම ගැන විපරං කරනවා.....මමත් එහෙමයි එයා ගැන විස්තර එයාට හොරෙන් හොයනවා....

" අයියෝ අක්කා........... ඔච්චර ආදරේ කලානම් ඇයි එයා ඔයාගෙන් කෙලින්ම ඇහුවෙ නැත්තෙ....."

අනේ බං නංගියේ ඒ කාලෙ දැන් වගේ නෙවේ... මම මේ කියන්නෙ 1970 ගනන් වල කතාවක්.....ඒ කාලෙ කෙල්ලෙක් දැක්ක පලියට කොල්ලෙක් උනත් එක පාර කතාවට එන්න බයයි... එත් එයත් දැනගෙන හිටියා මමත් දැනගෙන හිටියා අපි අපිට ආදරේ කරන බව.ඒක හරිම සුන්දර කාලයක්............. හැබැයි ඒ කාලෙ හරි ඉක්මනට ගෙවිල ගියා... අපිට අපි මගහැරුන.... මගෙ ඉස්කොලෙ ගමන නැවතුනත් හරි අපි ආයෙ කවදාවත් මුණගැහුනෙ නෑ....

එයා දැන් ලොකු උගතෙක්..... පදිංචිය ඇමරිකාවෙ. අපි දැන් ආයෙත් ආදරේ කරනව නංගී..... අපි දැන් හැමදාම email හුවමාරු කරගන්නවා....අපිට බැඳීම් තියෙනව... අපිට ආපහු හැරෙන්න බෑ... එහෙම හැරෙන්න පුලුවන් වයසකත් නෙවෙයි අපි ඉන්නෙ... අපිට එහෙම හැරෙන්න උවමනාවකුත් නෑ.... ඒත් අපි ආදරේ කරනවා... එදා අපිට කියාගන්න බැරි වුන හැමදේම .... ඇස් වලින් හොරෙන් හොරෙන් කතා කරපු හැම දේම අපි දැන් එලිපිට කතාකරනවා...... එයා ඇමරිකාවේ මම ඔස්ට්‍රේලියාවෙ... ඒත් අපේ හිත් තාමත් නුවර station එක ළඟ නැවතිලා බලන් ඉන්නවා...

තව මහ ගොඩක් දෙවල් ඒ ආදරේ ගැන කියන්න, ලියන්න හිතුනත් මේ ඇති කියලා හිතෙනවා
ඒ ආදරේ වෙනුවෙන් මම ලියපු නිසදැස තම මේ.....පහල ලින්ක් එකෙන් ගිහින් ඒ නිසඳැස බලන්න මෙතනින්.

බාලිකා හීනයක හැංගිච්ච කඳුළු

6 comments:

  1. මේ පෝස්ට් එකේ අකුරු පේන්නේ නෑ.. කළු පසුබිමේ කළු අකුරු කියවන්න අමාරුයි.. හයිලයිට් කරලයි මම බැලුවේ.. මට විතරක්ද දන්නේ නෑ එහෙම පේන්නේ..

    ReplyDelete
    Replies
    1. එහෙමද යාලු ඉන්න මම වෙනස් කරන්නම්

      Delete
  2. මමත් එහෙනම් ලොකු වැඩක් කොරලා ඇ...... හෙග් හේ.. කවියො මුලින්ම කියන්න ඕනේ කහා පාට අකුරැ රැතු පාට අකුරැ නිල් පාට අකුරැ වලින් ලිපි දාන්න එපා.. එක කියවන්න අමාරැයි.. වෙන පාටකින් දාන්න..

    අනේ මන්දා කවියො මමනම් එ අක්කා කරන දේ දැන් අනුමත කරන්නේ නැ... අපිට පලමු ආදරේ අමතක කරන්න බැ තමයි.. එත් එහෙම කිව්වා කියලා දැන් ආදරේ කරන කෙනාට වංක වෙන එක හොදනැ... මගේ අදහසක් විතරයි..ඕදේ.. එත් එ අක්කා ලොකු දුකක් විදලා තියෙනවා කියන එක මම පිලිගන්නවා...

    මේ ඔයා දන්නවාද මගේ පලමු ආදරේ මොකක්ද කියලා.. 4 වසරේදි පරිසරය පාඩම උගන්නපු ටිචර්.. කොහොම හරි මම ටිචර්ට ආදරේයි කියලා කිව්වා.. ටිචර් මගේන එ වචනේ එනකංද කොහේද බලං හිටියේ අහිංසක විදිහට ඔලුව නවලා හිනාවුනේ.. ඔලුව පහත්කරලා ඇලකරලා ඇස් හිනි කරලා මගේ දිහා මුලින්ම බැලුවේ.. එ බැල්ම කවදාවත් මට අමතක වෙන්නේ නැ..

    ‘‘තො පොඩි කාලේ ඉදන්ම වලත්තකං පුරැදු වුනාද? චාටාස්..‘‘ කිං කියන සද්දේ ගොඩාක් වේලා කන ඇතුලේ දොංකාර දුන්නා... අදතටත් මම ගෙහිං එ ටිචර්ව හම්බවෙනවා. එදා දාපු බැල්මක් දානවා ටිචර් නෙමේයි ටිචර්ගේ දුව...

    ReplyDelete
  3. අයියෝ පූ එතකොට මට දාන්න පාටක් නැහැනෙ.... ඔයාගේ පලමු පෙමනම් මාර ශෝක් අප්ප හි...හි.හී......
    ඔයා කියන දේ මමත් පිලිගන්නවා මෙතනදී එයා වැරදි තමා මමත් ඒ බව කීපවිටක්ම එයාට කියලා තියෙනවා. ඒත් ඉතින් ආදරේ හැටි ඔහොම තමා හැමතිස්සෙම තමන් කරන දේ නිවැරදි කියලා හිතනවා.

    ReplyDelete
  4. hikis..yako poo ayya mara buwekne...athi kammul parak kala beruna...

    ReplyDelete
  5. mm.. man ara kaviya luwee.. me adare genada manda akkii..

    ReplyDelete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.