
දළදාවෙ තේවාවෙ හඬ ඇහෙන මානයක
නුවර වැව රැළි ගසන සුළං වැහි කෝඩයක
නුවර දුම් රිය ඇදෙන පහළ මිටියාවතක
හන්තාන කඳු වැටිය තෙමන මල් තුහිනයක
සැරිසරා සැරිසරා නුවර හැම වීදියක
සොයමි මම මඟහැරුන අපේ පෙම් පුරාවත
බාලිකා සිහිනයේ සැරිසැරූ සොඳුරු ඇස්
තවම ඒ වාගෙම කතා කරනව නේද...
දුම් දදා මාතලේ දුවන කෝච්චිය ඇතුලේ
මටම වෙන් කරන් ආ අසුන තව ඇති නේද...
සුදු ගවුමේ රැළි අතර බොඳ වෙච්ච ඒ හීන
මට වගෙම ඔයාටත් තාම මතකයි නේද....
ඇස් වලින් ලිය දුන් ප්‍රේමයේ පළමු කව
සොඳුරු සුහදාණනේ පපුවෙ තව ඇති නේද...
ගුළි කරන් පළමු පෙම
ලෝකයේ දෙපැත්තක
හූල්ලන අපේ හිත්
එදා මෙන් අහම්බෙන්
මේ නුවර වීදියක ආයෙමත් හමුවෙයිද......?
මට පෙන්නේ කවියො ඔයා පට්ට බුට් එක්ක දාගෙන වගේ... හරි දුක හිතෙන විදිහට ඔයා ලියලා තියෙනවා....
ReplyDeleteහැමදාම අහිමිවිම එපා... දැන් දුක්වින්දා ඇති සතුටු වෙන්න පුලුවන් එවා දෙක තුනක් දාන්න කො...
හරි හරී ටිකක් ඉන්නකො හිමි වීමේ වගෙම අහිමි වීමෙත් සුන්දරත්වයක් තියෙනවනෙ පූ
Deleteඒ සොදුරු සීන
ReplyDeleteසිතට එබෙයි හෙමිහිට
අපි ආදරෙන් ගිය ඒ තැන්වල
මතක සුවද තාම හිත්වල..
ලස්සනයි.. අදයි මම මේ පැත්තට ආවේ..
සාදරෙන් පිලිගන්නවා යාලුවේ බොහොම ස්තුති මේ පැත්තට ආවට
Deleteahimiwiima oyaa godak lassanata akuru karala thiyanawa kawi...
ReplyDeleteස්තූති ටූටී
Deleteහිමි වීමේ වගෙම අහිමි වීමෙත් සුන්දරත්වයක් තියෙනවනෙ
ReplyDeleteඅහිමිවීමෙ සුන්දරත්වයක් නෑ කවියො..
හැබැයි ඔයා ඒක සුන්දරව ලියලා.
ඔන්න ඔයාවත් follow කලා.ලස්සනයි.පුලුවන් හැමවෙලාවකම කියවන්නම්.අපිටත් follow පාරක් දාන්න.
ReplyDelete