සඳට බැළුම් හෙලූ අය
Jan 31, 2012
දයාබර සංජුලා ............
පොල්තෙල් පහනෙ මළානික එළිය ජීවිතේ රැකගන්න අසීරු ප්‍රයන්තයක යෙදිල. " මේ පහන නිවෙන්න දෙන්න හොද නෑ " උදෑසන කව්දෝ කිව්ව මට මතකයි.හුන් තැනින් නැගිටින්න හිතක් නොවුනත් මම නැගිටලා ගිහින් පහනට තෙල් වක්කලා.ඒත් ඒ කැමැත්තකින්නම් නෙවෙයි. පහනක් වගේ එළිය දුන්න ජීවිතයක් නිවිල ගියාට පස්සෙ මේ පහන් දැල්ල රැකගෙන මොකටද.....මට එක පාරටම නුඹ දිහා බැලුනා... සංජුලා..... මගේ දයාබර මිතුරිය.... සදාකාලික සුව නින්දේ..... සුදෝ සුදු මංගල ඇඳුමින් හැඩ වුණ නුඹේ වත වෙන කවරදාටත් වඩා සුන්දරයි කියල මට හිතෙනව. හැමදාමත් ඔය තොල් අතර සටහන් වුණ ආඩම්බර හීන් හිනාව අදත් ඒ විදියටම ඔය තොල් අතර සටහන් වෙලා.මම දැනගෙන හිටියනම් ඊයේ නුඹ මාව හොයාගෙන ආවෙ ආයෙ කවදාවත්ම නො එන්න සමුගන්න කියල..... ඇයි සංජු උඹ මට මෙහෙම කලේ......? වැළි කෙළියේ පටන් අප අතර ගොඩ නැගුණ මිතුදමට නුඹ ඊයේ බොරු කලා නේද ... ? නුඹටත් වඩා නුඹේ හිත කියවපු මට එක තත්පරේකට නුඹව තේරුම් ගන්න බැරි වුණ අවාසනාව... පුංචිම දේටත් මහා හඩින් හිනැහෙන නුඹේ කිංකිණි හිනාව..... ආදරේට ගතු කියන්න තොල් උල් කරන ඔය මුව..... හැම තිස්සෙම අඩන්න බලන් ඉන්න ඔය ඇස් දෙක...... බොඳ වෙච්ච මගේ නෙතු ඉස්සරහ මැවි මැවී මගේ සිතුවිළි ඈත දුරකට තල්ලු කරනව.
ඇල්පෙනෙති තුඩක තරම්වත් දුකක් , කරදරයක් , වේදනාවක් නොවිඳ නොදැන උපන් දා පටන්ම නුඹ හැදුනෙ පුංචි සුරංගනාවියක් වගේ.නුඹේ සුවිසල් නිවස අසල පුංචි ගෙදරක ජීවත් වුණ මම නුඹේ හොඳම යාලුවා වුණේ අපි දෙන්නම වැටි වැටී ඇවිදින කාලෙදීමයි. ඊට පස්සේ ඉදන් කන්න බොන්න සෙල්ලම් කරන්න රණ්ඩු අල්ලන්න විතරක් නෙවෙයි නාන්න බාත් රූම් එකට යන්නත් නුඹට මාව නැතුව බැරි වුණා.ඒසා ළඟින් උන් මාව දාල උඹ කොහොමද මෙච්චර දුරක් තනියම ගියේ සංජු.....? අඩුම ගානේ යනවවත් නොකියා......
අපි කොයිතරම් හොඳ යාළුවෝ උනත් ,වසර දහ අටක් එකම බත් පත බෙදන් කෑවත් නුඹේ සමහර ලඳ බොළඳ සිතුවිළි වෙනස් කරන්න මටවත් පුළුවන් කමක් තිබුනෙ නෑ . නුඹ ජීවත් උනේ නුඹම හදා ගත්ත ලස්සන හීන ලෝකෙක. ඒ හීන ලෝකෙන් කවදම හරි නුඹම හිතල බිමට බහීවි කියල මම හිතුව. එහෙම නැත්තන් හිමින් හිමින් අනූපම නුඹව පොලවෙ පය ගහලා ඉන්න , යථාර්තයට මුහුණ දෙන්න පුලුවන් කෙල්ලෙක් කරයි කියලා මම විශ්වාස කලා. ඒත් අනූපම නුඹට ආදරේ කියූ දා ඉදන් නුඹට තරම්වත් සැනසිල්ලක් මට තිබුනේ නෑ. හැමදාමත් මට කියන්න මොකක් හරි පැමිනිල්ලක් නුඹට තිබුනා.
" අනූපම අයිය මට ආදරේ නෑ නෙතූ.... එයාට මාව එපා වෙලා......"
මේ වචන ටික නුඹේ මුවින් පිට නොවුණු දවසක් ගැන මගේ මතකයේ නැති තරම්.තවත් දවසක නුඹ ඉස්කෝලෙ ගේට්ටුවෙන් ඇතුල් වෙන්නෙ කඳුළු බේර බේර.
" අද අනූපම අයිය ආවෙ නෑ .... මං ඇස් රිදෙනකන් බලන් හිටියා... ඇයි නෙතූ එයා මට මෙහෙම කරන්නෙ....මං දන්නවා එයා මට ආදරේ නෑ...."
" මොකක්ද බං මේකේ තේරුම..... ඌ ආවත් වැරදී... නාවත් වැරදී... විනාඩියක් දෙකක් පරක්කු උනත් වැරදී.... උඹ අමතක කරන්න එපා අනූපම කියන්නේ මේ රටට ඕන කරන දක්ෂ ඩොක්ටර් කෙනෙක් කියල....එයාට බලන්න ඉන්න එකම ලෙඩා උඹ විතරක් නෙවේ... ඒ නිසා උඹ ඇණයක් නොවී ඌට සිහියෙන් වැඩක් කර ගන්න දියන්කෝ....
විහිලුවෙන් හරි මං නුඹට කිව්වේ ඇත්ත.අනූපම සමරදිවාකර දක්ෂ වෛද්‍යවරයෙක්.අපිට වඩා වසර දහයක් පමණ වැඩිමල් ඔහු නුඹේ ජීවිතේට එබිකම් කලේ අහම්බයකින් වගේ.පාසල් සෞඛ්‍ය සතියේ දේශනයකට පැමිනි ඩොක්ටර් අනූපම අවසන නුඹේ පෙම්වතා වුණේ නුඹේ දෙමාපියන්ගෙත් අවසරය මද්දෙ.
මට අනූපම සිහිවේ. නුඹේ ඇවතුම් පැවතුම් ඉදිරියේ ඔහු මොන තරම් අසරණව උන්නාද.....
" මට සංජුලාව වෙලාවකට තේරුම් ගන්න බෑ නෙත්මී... මම ලෙඩෙකුගේ අතින් ඇල්ලුවත් මූණ බෙරි වෙනව....මං පාරේ යන පොඩි එකෙක් එක්ක හිනා උනත් වරු ගානක් මාත් එක්ක කතා නොකර ඉන්නව....හොස්පිටල් එකට එන්නෙ නහය වහගෙන... ගඳයිලු ... වමනෙට එනවලු....දැනට ඒ දේවල් පැත්තකට දාමු... ඒත් කවදා හරි එයා මගේ වයිෆ් වෙලා අපි එක ගෙදර ඉන්න ඕනෙ නේද.... එදාටත් මේ කෙල්ල මේ විදියට පිස්සු නැටුවොත් අපිට මොකද වෙන්නෙ නෙත්මී....? අනේ ඔයාවත් එයාට තේරුම් කරලා දෙන්න නෙතූ නංගී ප්ලීස්...මම එයාට ගොඩාක් ආදරෙයි.... ඒකිගේ හුරතලේට... ඒ පිස්සු වැඩ වලට මම පණ වගේ ආදරෙයි.... ඒත් ජීවිතේ කියන්නෙ එයයි මමයි විතරක්ම ඉන්න සුරංගනා ලෝකයක් නෙවෙයි නේද....? මේ කෙල්ල මේක කවදා තෙරුම් ගනීද නෙතූ......
____________ මතු සම්බන්ධයි____________
Subscribe to:
Post Comments (Atom)
රංකඳ රාවණා !!
ඔන්න කාලෙකට පස්සෙ මගේම බ්ලොග් එක මටම මතක් වෙලා මේ පැත්තට ආවා.හදිස්සියෙම එන්න හිතුනෙ නම් මගේ ජීවිතේ තවත් හීනයක් සැබෑ වීමක් ගැන පුංචි ආරංචිය...
-
අද මැයි මාසේ 17 වෙනිදා.... අද වගේ දවසක ඔයා මේ ලෝකේ එළිය දකිනවා අද වගේම දවසක මම ඔයාගේ ලෝකෙට එළිය අරන් එනවා ( ඒ ඔයා කියන විදිය ) ඔව්... ඒ ...
-
මේ දවස්වල මගේ සාමාන්‍ය දින චරියාව සේරම අන්ජබජල් වෙලා. අනේ කාටවත් කිසිම කරදරයක් නැතුව කතාවක් කවියක් ලියාගෙන සිංදුවක් අහගෙන ඉඳලා හිටලා සත්තර...
-
ඔන්න ඉතින් ඔයාලට මතක ඇතිනේ මේ ළඟදී මං ගිය පොදු ගමනාගමනයේ චාරිකාව. ඒක කොයි තරං ජොලිද කියනවනම් තාමත් මගේ දකුණු අත උස්සනක...
ලස්සන කතාවක්.. අකුරු ටිකක් පොඩි කලොත් හොදයි නේද?
ReplyDeleteදෙවෙනි පාරටත් ආසාවෙන් කියෙව්වා.... අපිට දිග කතාවක් දෙන්ඩො.....
ReplyDeleteහරි මම ඒක කලා දිනේශ්....ස්තුතී මේ පැත්තට ඇවිත් යනවට
ReplyDeleteපොඩ්ඩක් ඉවසන්ඩෝ පූ
ReplyDeleteලස්සන කතාවක් වගෙයි... දිනේෂ් අයියා කිව්වා වගේ අකුරු ටිකක් පොඩි කරා නම් හොඳයි.. :D
ReplyDeleteස්තූති Ice මම අකුරු පොඩි කලා...
ReplyDelete