සඳට බැළුම් හෙලූ අය

Feb 10, 2012

ඔයා...... මට විශ්වයක්..........





ඔයා............

කඳුකර හැන්දෑවක මීඳුම වගේ සීතලයි
ඉර ගිලෙන වෙලාවට බටහිර අහස වගේ විචිත්‍රයි
රෝස පොහොට්ටුවකට වැටිච්ච පිණි බිංඳුවක් වගේ චමත්කාරයි
හිටි ගමන් ඇද හැලෙන මල් වැස්සක් වගේ ආකර්ශණීයයි
අහස වගේ....
වැස්ස වගේ....
මීඳුම වගේ
මට ඔයාව විඳින්න ඕනෙ.....
දන්නවද..........
මං ඔයාට ආදරෙයි.....ඉතින්....
ඉඩ දෙනවද මට ඒ ආදරේ
විඳින්න.....
විඳවන්න....

14 comments:

  1. ආදරේ විදින්න ඉඩ ඉල්ලුවත් ඇයි මේ ආදරේ විදවන්න ඉඩ ඉල්ලන්නේ?

    ReplyDelete
    Replies
    1. විඳවීමෙත් එක්තරා සුන්දරත්වයක් තියෙනවා නෙ ඒකයි

      Delete
  2. ඇයි විඳවන්න ආදරේ ඉල්ලන්නේ.

    ReplyDelete
    Replies
    1. ස්තූති මේ පැත්තට ආවට...
      විඳවීමෙත් එක්තරා සුන්දරත්වයක් තියෙනවා නෙ ඒකයි එහෙම කිව්වේ

      Delete
  3. මට නම් ආදරේ විඳිනකොටයි ලස්සන. විඳවනකොට මුළු ලෝකෙම එපා වෙනවනෙ.

    ReplyDelete
    Replies
    1. එහෙමන ඔයාට කවදාවත් ආදරේ විඳවන්න නොලැබේවා කියලා මම පතනව යාලුවේ

      Delete
  4. ආදරේ වින්දත් විදෙව්වත්.......හෑඩයී

    ReplyDelete
  5. හැමදාම වගේ අදත් තනි ඇහැට ඇඩෙන්න ආදරේ දොරේ ගලන්න ලියල තියනවා..එත මට එක ප්‍රශ්නයක් තියනව අක්කි..ආදරේ තියෙන්නේ විදින්න මිසක් විදවන්න නෙමෙයි නේද?

    ReplyDelete
    Replies
    1. ඔව් අපි කවුරුත් විඳින්න මිසක් විඳවන්න කමති නෑ නේ. එත් ආදරේ විඳවන එකෙත් අමුතු සුන්දරත්වයක් තියෙනවා

      Delete
  6. adare widimeth..widawimeth apuru lassanai mihiriyaawak thiyanawa..

    ReplyDelete
  7. විදවන්න එපා කවියො.. විදින්න ඔයාගෙ ආදරේ එච්චරටම සුන්දරයි,,

    ReplyDelete
    Replies
    1. මගේ විතරක් නෙවේ ඔයාගෙ ආදරෙත් ඔයාට විදින්න ලැබෙනවනම් තමා මම කැමති

      Delete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...