සඳට බැළුම් හෙලූ අය

Feb 13, 2012

රතු මල් සාරිය......





ඔව් රත්තරං
ඒ අපේ ආදරේ ලස්සනම දවස්
ඒ ආදරේ සුවඳ තාමත් හිත පුරා තැවරෙන්නෙ හරීම ආදරණීය විදියට
ඒ මතකය දිගේ කොච්චර ගිහින් ආවත් එපා වෙන්නෙ නෑ.....
හති වැටෙන්නෙ නෑ.....
අදත් ඔන්න මං ඒ පාර දිගේ චුට්ටක් ඇවිදින්න යනව.....
ඒ අපේ ආදරේ පටන් ගත්තට පස්සෙ ආපු මගේ මුල්ම උපන්දිනය....
ඔයා මට තෑගි කලේ සුදු පසුබිමේ රතු මල් වැටුණ සාරියක්

" ආයේ මාව බලන්න එනකොට මේක ඇදන් එන්න හොදේ මට ලස්සන බලන්න "

ඔයා එහෙම කිව්වම මට තරු විසිවුණා
ඇයි දෙවියනේ කවදා මම සාරි ඇදලද...
ඒත් මම හා කිව්වා
ඕන තැනටයි එපා තැනටයි හැම තැනටම
ලේසියට පහසුවට ඩෙනිමක් දාගෙන දුවන මට සාරි ඇදිල්ල අලුත්ම අලුත් අත්දැකීමක් වුණා
සාරි ඇදිල්ල කෙසේ වෙතත් සාරියක් ඇදගෙන ඉන්න ඕන පිළිවෙලවත් මම දැනගෙන හිටියේ නෑ....
එත් මටත් ලොකුවට උවමනාව තිබුනා
මේ හපන්කම කරලා ඔයාට පෙනන්න
එහෙන් මෙහෙන් පටලගත්තු සාරියත් උස්සගෙන පය පැටලි පැටලී ඔයාගෙ ඉස්සරහට ආපු මාව දැකල
ඔයාගේ මූණේ ඇඳුණු හිනාව........
මගේ මූණ ලැජ්ජාවට ජම්ඹු ගෙඩියක් වගේ රතු වුණා
ටිකා....ක් වෙලා හිස ඇල කරල මං දිහා බලා උන්ණු ඔයා

" ලස්සනයි මගෙ මැණික "

කියල මාව පපුවට තුරුළු කරගත්ත....
මතක් කරන මේ දැනුත් ඒ හිරිවැටීම එදා වගේම හිතට දැනෙනව රත්තරං....
ඉතින් මේ වෙනකොට කාලය අපිවත් අපේ ආදරෙත් අරන් බොහෝ දුර ඇවිල්ල
රතු මල් සාරියේ පාටත් හේදිලා ගිහින්
ඒත් ..... ඔයා දන්නවද.......
අපේ ආදරේ තරම්ම ආදරෙන්
මං තාමත් ඒ සාරිය පරිස්සම් කරනව.

10 comments:

  1. ලස්සන කතාවක් අක්කේ..

    ReplyDelete
  2. ස්තූති මල්ලි හැමදාම මේ පැත්තට ඇවිත් යනවට

    ReplyDelete
  3. පාස්වර්ඩ් එක අමතක වේලා මාර කට්ටක් මේ දවස්වල කැවේ කවියෝ.... අද හොයාගත්තා.. ආයෙත් ඔයාගේ නිර්මාණවලට කමේන්ට් කරන්න පුලුවන්...

    ළමයි 2න්නෙක් 3දෙනෙක් හදාගත්තානම් හොදට ඔයාලගේ ආදරේ පරිස්සම් කරගන්න පුලුවන්

    ReplyDelete
    Replies
    1. මම ඔයාව හැමතැනම හෙව්වා... ආර\චියක් නැත්තේ මොකද කියල හැමෝම කිව්වේ හාමිනේ ඉලපතෙන් ගහලා ඔයා ඉස්පිරිතාලෙ කියල. අනේ ආව එක ලොකු දෙයක් ඔයාගෙ කොමෙන්ටු නැතුව මට හරී පාලුයි

      Delete
  4. ළමයි 2න්නෙක් 3දෙනෙක් හදාගත්තානම් හොදට ඔයාලගේ ආදරේ පරිස්සම් කරගන්න පුලුවන්

    මේක නං ඇත්ත...

    ReplyDelete
  5. ආදරේ කොච්චර සුන්දරද
    ඔයාලව දැක්කම ආදරේට ලෝබ හිතනවා..

    ReplyDelete
  6. he he aadare berenawa kawiyage muunen affa...

    ReplyDelete
  7. ආයෙමත් මරු කතාවක්... :ඩි

    ReplyDelete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...