සඳට බැළුම් හෙලූ අය

සඳවතී මං

My photo
රෑ අහස එළිකරන... සිත් අහස සරසවන... තරුවකට පෙම් බඳින... සොඳුරු සඳවතිය .... මං...

Jun 5, 2012

දෙනුවන් අනුහස ... දහවන සජ්ජායනාව


සමහරුන්ට දැන් මේ කතාවේ මුල අමතකත් වෙලා ද දන්නේ නෑ.ඒ නිසා අද හිතුවා කතාව පොඩ්ඩක් මතක් කරන්න.කතාව පටන් ගන්නේ කවිති හොස්පිටල් එකක ඉන්නවා එයාට සිහිය එනවා එයාට කිසි දෙයක් හරියට මතකයක් නෑ එයා සිහිය ආවම එයාගේ මතකය අලුත් කර ගන්න පහුගිය අතීතය මතක් කරනවා.... එයාට දෙනුවන්ව ඉස්සෙල්ලාම මුණ ගැහුණ තැන ඉදන් එයාට හොස්පිටල් එකක සිහි නැතුව ඉන්න තරම් දෙයක් වුණ සිද්ධියට වෙනකං හැම දෙයක්ම එයා තනියම ආවර්ජනය කරනවා.

ඉතින් දැන් අද ඉදන් යන්නේ මෙ කතාවේ වර්තමාන සිද්ධි. දැන් කවිතිට සිහිය ඇවිත් අපි බලමුකෝ ඊළඟට වෙන්නෙ මොකද කියල.







ඉතිං මා සිහි එළවා ගතිමි.දින හෝ සති ගණනාවකට පසු මා රෝහල් සයනයක් මත නැවත ජීවිතය ලබමින් සිටිමි.සිහි ලද මොහොතේ සිටම ඝණ අන්ධකාරයම පමණක් පෙනෙන දෑස් වලින් මා ගෙවුණු අතීතය සිතුවම් පටක් සේ නැරඹීමි.සියල්ල හමාර කරන්නට සිතා අමු අමුවේ දෑස් වලට කතුරු තුඩින් ඇනගත් හැටි සිහිව ඉහ මොල ඇඳුම් කන්නට විය.ටෙලිනාට්‍යක චිත්‍රපටියකවත් ලේ වැගිරීමක් බිහිසුණු දර්ශනයක් නොබලන තරමට අතිශය සංවේඳී වූ මා මෙවන් කුරිරු දඬුවමක් මටම දී ගන්නට තරම් කුරිරු වූයේ කෙසේදැයි මටම දැන් අදහා ගන්නට නොහැක.දෑසත් හිසත් වසා මුලුමනින්ම වෙලා ඇති වෙලුම් පටි වලට යටින් හිස මහා ගොඩක් රිදෙන්නට විය.මා හිස බදා මහා හඩින් කෑ ගැසීමි.


" අම්මා...... අනේ අම්මා......"


හැකි වෙර යොදා මා කෑගැසීමි.එ සැනින් හුරුපුරුදු දෑතකට මගේ දෑත සිරවිය.


" සුදූ........ මගෙ නංගී.....


ආවරණය කරපු දෑසට ඔහු නොපෙනුනත් ඒ එකම වදනින් ඔහු හඩන බව මට දැනුණි.


" සුදු අයියා.... මං කොහෙද මේ ඉන්නේ... ඇයි මට කිසි දෙයක් පේන්නෙ නැත්තේ ... ආයේ කවදාවත් මගේ ඇස් පේන්නෙ නැද්ද අයියා....මගේ අම්මා කෝ... අනේ අම්මට එන්න කියන්න...."


" මගෙ නංගී.... මගෙ වස්තූ...දඟලන්න එපා... කලබල කරන්න එපා... මේ අහන්න ඔයා මේ ඉන්නේ හොස්පිට්ල් එකක.ඔයාට ලොකු Operation දෙකක් කරලා ඉන්නේ... දවස් දොළහකට පස්සෙයි අද ඔයා මේ වචනයක් කතා කරන්නෙ..... "


යහනෙන් නැගිට ගන්නට දඟලන මා ඒ වතට තුරුල් කරගෙන සුදු අයියා මා සංසුන් කරන්නට වෙහෙසුණි.දවස් දොළහක්..... දෙවියනි... දවස් දොළහක් මා ජීවිතයත් මරණයත් අතර සටන් කරන්නට ඇත.ඒ දවස් ගණනාවට මටත් වඩා මට පෙම් කල වුන් මැරි මැරී ඉපදෙන්නට ඇත.සුදු අයියාගේ මේ ඉකිබිඳින හඬන තැවෙන හඬ එයට ඕනාවටත් වඩා සාක්ෂිය.


" අම්ම කෝ සුදු අයියා..... "


" මේ දවස් දොළහට අම්මවත් මමවත් ඔයා ළඟින් හෙලවුනේ නෑ... අද ඔයාගේ මැහුම් කපනව රත්තරං.... අම්මා ගියේ පන්සලට ගිහින් එන්න..."


දැන් මේ වන්නේ මොනවාදැයි මට හරියටම තේරුමක් නැත.සුදු අයියා මට Operation දෙකක් කලායැයි කීවාට ඒ කොහෙටද මොකටදැයි මා දන්නේ නැත.කිටි කිටියේ බැන්ඩේජ් වලට තද වුන හිසේ සියුම් නාළිකා යාන්තමට පණ ගැහෙනවාක් මෙන් මට දැනේ.මම නැවතත් දෝතින්ම හිස බදා ගතිමි.


" කිසිම දෙයක් හිතන්න යන්න එපා පැටියෝ... ඔහොමම ටිකක් හාන්සි වෙන්න ... මම ඔයාට සිහිය ආවා කියලා Docter ට කියන්න ඕනෙ.."


ඔහු මා යහනේ හාන්සි කර කාමරයේ අභ්‍යන්තර දුරකතනයෙන් හෙදියක් අමතා මොනවාදෝ කියවයි. මා එහෙමම දෑස පියා ගතිමි.තාරා කෝ... දෙනුවන් කෝ ඔවුන් මා බලන්නට ආවාද....හිතේ දාහක් ප්‍රශ්න ය. එහෙත් ඒවා අසන්නට මේ සුදුසු වෙලාව නොව.ඉතින් මා ඉවසා සිටියෙමි.


" හෙලෝව්... දූ කවිති.... කොහොමද ඔයාට දැන් ....? "


එක පාරටම ඇසුන ආගන්තුක හඬකින් මා තිගැස්සී ගියෙමි.කවුද කින්ද මන්දැයි කියා තෝරාගන්නට දෑස් නොපෙනෙන මා ඔහේ නිහඬවම සිටියෙමි.මොහොතකින් ඒ හඬ ඇති පුද්ගලයා මගේ යහනේ තැනකින් වාඩි වී මගේ දකුණත අල්වා ගති.


" දූ ... කවිති... මම තමයි ඔයාව භාරව ඉන්න ඩොක්ටර් ජයසිංහ...."


කුතුහලයෙන් සිටි මා ඒය ඇසූ පසු ඩොක්ටර්ගේ අත සුහදව අල්ලා ගතිමි.


" ඉතින් මට කියන්න ... දැන් කොහොමද ඔයාට දැනෙන්නේ... ඇගට පතට මොනා හරි අමාරුවක් දැනෙනවද... ලේසි නෑ ඔයා මේ ලොකු නින්දකින්නෙ ඇහැරිලා ඉන්නෙ.."


දෑසින් නොදැක්කද ඔහු වෛද්‍යවරයෙකුට වඩා බොහෝ ළෙංගතු අයෙකු මෙන් මට දැනුනි.


" කෝ .... කෝ ... කතා කරන්න ඉතින්.... ඇස් බැන්දට අපි ඔයාගේ කට බැඳලා නෑ ... නේද අනුහස් පුතා...."


මා තවමත් නිහඬ නිසා ඔහු එසේ කීවේ අනුහස් අයියාවද හිනස්සන්නට විය යුතුය.


" කවිති දුව... මේ අහන්න... මම ඔයාගේ තාත්තගෙයි අම්මගෙයි හොද යාලුවෙක්... ඉද්දමල්ගොඩගෙ දුවව මගේ හොස්පිට්ල් එකේදී අර විදියට දැක්කම මම පුදුම වුනා....මම ඩොක්ටර් කෙනෙක්... ඒ වගේම ඔයාගේ තාත්තගේ වයසේ කෙනෙක් තාත්තා කෙනෙක් දරුවෙක්ට කියනවා වගේ මම දැන් මේ ටික ඔයාට කියන්නේ... ඔයා අහගෙන ඉන්න ඕනෙ හොදද..."


මම හිස වනා එය පිළිගතිමි.


" ඔයාව මෙහෙට ගේනකොට ඔයා හිටියේ බේරගන්න අමාරු තැනක... ඔයා දන්නේ ඔයා තුවාල කර ගත්තේ ඔයාගේ ඇස් දෙක විතරයි කියලනේ... ඔයා සිහි නැතුව වැටිලා තිබුනේ මාලු ටැංකියක් පෙරලගෙන..වීදුරු කටු ඇනිලා ඇස් දෙකට වැඩිය ඔයාගේ මොළයට බරපතල හානි වෙලා තිබුනා...අපි ඔයාගේ ඇස් අමතක කරලා ඉස්සෙල්ලා කලේ ඔයාගේ ජීවිතේ බේරගන්න ඔලුව පුරා ඇනිලා තිබුන වීදුරු කටු අයින් කරන්න ඔයාව Operation කරපු එක...."


ඩොක්ටර් ජයසිංහ නැවතිල්ලේ දොඩයි.මා හිරිවැටිගියෙමි.හිස පුරා වීදුරු කටු ඇනී ලේ ගලමින් වැටී සිටින මාවම මා මවා ගතිමි.


" ඒ Operation එක සාර්ථකයි... ඒත් අපිට ඔයාගේ ඇස් වල පෙනීම ගන්නනම් බැරි වුනා...ඒත් දුව ඔයා දුක් වෙන්න එපා.... ඔයා වගේම ලස්සන ගෑණු ළමයෙකුගෙ ලස්සන ඇස් දෙකක් අපිට ලැබුනා ... අපි ඔයාට ඒ ඇස් බද්ධ කලා....අද අපි ඔයාගේ බැන්ඩේජ් ගලවනවා.... ඉතින් අදින් පස්සේ ඔයාට පුලුවන් අලුත් ඇස් දෙකකින් අලුත් විදියට ජීවිතේ දිහා බලන්න...."


අහිමි වුන මගේ දෑස ගැන කම්පා වන්නද වෙනත් දෑසක් ලැබීම ගැන සතුටු වෙන්නද කියා මට නිනව් නැත.හඩන්නටවත් හිනා වෙන්නටවත් නොහැකිව මම බලා සිටියෙමි.


" මේ ටිකත් අහගන්න දුව.... වෙච්ච කිසිම දෙයක් ආයේ ආයේ මතක් කර කර දුක් වෙන්නවත් අඩන්නවත් තියාගන්න එපා...තවමත් ඔයාට හරියට මොළය වෙහෙසන්න හොද නෑ.... ඔයාගේ අම්මා... ඔයාගේ සුදු අයියා.. ඔයාගේ යාලුවෝ ඔයා වෙනුවෙන් මේ ටිකට අනන්ත දුක් වින්දා... කැපකිරීම් කලා...එයාලා ගැනවත් හිතලා ඔයා හොදින් ඉන්න ඕනෙ... අපි කොච්චර ඇඩුවත් හැපුනත් අපිට අයිති නැති දෙවල් අපිට අයිති නෑමයි දරුවෝ...එයාලගේ සතුට එයාලට දීල ඔයා ඔයාට අයිති සතුට ළං කර ගන්න...දැන් මේ දකින්න යන ඇස් වලින් ඔයා දකින්න ඕනෙ අලුත් ලෝකයක් ... තේරුනාද....මේ ළඟ ඉන්න කෙනාට වැඩිය හොද කෙනෙක් මේ ලෝකේ කොහේවත් ඔයාට නෑ දුවේ...මේ ටික මම කිව්වේ ඩොක්ටර් කෙනෙක් විදියට නෙවෙයි තාත්තෙක් විදියට..."


සැබැවින්ම ඒ අත බැන්ඩේජ් කල මගේ හිස පුරා දිව ගියේ අප්‍රමාණ සෙනෙහසින් විය යුතුය.


~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~


ඉතිං වෙනත් කෙනෙකුන් දන් දුන් ඇස් දෙකකින් මා මගේ අලුත් ලෝකය දකින්නට සූදානම් වුනෙමි.පෙන්නුවේ නැති වුනාට මහා තිගැස්මක් මසිතේ විය.ඒ තිගැස්මම අම්මාගේ සුදු අයියාගේ පමණක් නොව වෛද්‍යවරයාගේ හිතේද ඇතුවාට සැක නැත.ටිකෙන් ටික ලෙහෙන බැන්ඩේජ් පටි අස්සේ මගේ ඉරණම ලියා ඇති සේය.


" එක පාරට ඇස් අරින්නේ නැතුව වෙලාව අරගෙන හිමිහිට හිමිහිට අරින්න දුව..."


සියලු පටි ලිහී ගිය තැන ඒ උපදෙස ඩොක්ටර් ජයසිංහගෙනි.හිතූ තරම් ඉක්මනට ඇස් පියන් අරින්නට කොහොමත් බැරි සෙයකි.ඇහි පිහාටු වල මැලියම් ගෑවාක් මෙනි.විනාඩියක් දෙකක් හෝ තුනක් ගෙන මා හිමිහිට ඇස් විවර කළෙමි.බොඳ වුන මිනිස් රූප තුන හතරක් ටිකෙන් ටික සම්පූර්ණ වන්නට විය.හැම මුහුණක්ම පරදවා සුදු අයියාගේ සුදු මූණ මා ඉදිරියේම දිස් වුණි.ඒ ඇස් වලින් අමු අමුවේ හෝ ගා කඳුළු කැට වැටුණි.අම්මා මහා හඬින් ඉකි ගසමින්ම මට ළං විය.අනේ මා මේ හිත් වලට දුන් ගින්දරක්...


ඩොක්ටර් ජයසිංහයනුත් හෙදියන් කීප දෙනෙකුත් හැරෙන්නට මා බලාපොරොත්තුව උන් කිසි කෙනෙක් කාමරයේ උන්නේ නැත.අනේ තාරා ඔයා මාව මේ තරම් ඉක්මනට අමතක කලාද....?
දෙනුවන්ට මා නොවැදගත් බව සැබෑය. එහෙත් අර තරම් ළඟින් උන් තාරාට මට මේ තරම් දෙයක් සිදුවී තිබියදීත් මා දකින්නට නෑවිත් සිටින්නට තරම් හිත හදා ගන්නට කොහොම හැකි උනාදැයි මා දන්නේ නැත.තාරාත් දෙනුවනුත් එකට ඉන්නවා දැක මා මේ අනතුර කර ගත් බව කිසිවෙකුට රහසක් නොවන බව විශ්වාසය.මෙයට ඔවුන් වග කියන්නට ඕනෑයි සිතා මෙලෙස ඇය මා මගහරිනවා වන්නටද ඇත.


මේවා හිතන්නට තරම් නිවනක් මෙතන නැති වුවද හිත හතර අතේ දුවයි.


" ශා.... මේ ඉන්නේ කෙල්ල ලස්සනට.... දුවගේ පොටෝස් වලින් කලින් හිටපු ඔයාව මම දැක්කා ... ඒත් මට හිතෙන්නේ මේ ඇස් තමා ඔයාට ගැලපෙනම ඇස්...ඇත්තටම දැන් ඔයා හිටියට වැඩිය ලස්සනයි...."


ඒ ළෙංඟතු හඬ හිමි කාරුණික වෛද්‍යවරයාව ඔහුම මට දුන් අලුත් ඇස් වලින් මා සිත්සේ බලා ගතිමි.


" අනුහස් පුතා... කෝ ඔය කන්නාඩිය අල්ලලා මේ කෙල්ලට පෙන්නන්න එයාගේ අලුත් ඇස් දෙක..."


හුරුබුහුටි කණ්නාඩියකුත් රැගෙන මා අසලට ආ අනුහස් අයියා සැවොම බලා සිටිද්දී මොහොතකට මා තුරුල් කර ගති.ඒ ඇස් මේ තරම් හඩන්නේ සතුටටැයි මා විශ්වාස කළෙමි.


" ඔයාව ඇස් දෙක වගේ බලා ගන්න මම මගේ හිතට පොරොන්දු දීල තිබුන. ඒත් එක විනාඩි ගානක පරක්කුවෙන් ඒ ඇස් දෙක රැක ගන්න මට බැරි වුනා...ඒත් දැන් මේ ඇස් දෙක දිහා බලල මං පොරොන්දු වෙනවා... මගේ පණ ගියත් මං මේ ඇස් දෙක පරිස්සං කරනවා..."


සුදු අයියා කී ඒ කතාවට අලුත් ඇස් වලට බලා හිදිද්දී කඳුළු පිරෙන්නට විය.මා අපමණ සෙනෙහසින් සුදු අයියාට තුරුළු වීමි. ඒ අතිශය සංවේඳී මොහොතකි.බලා උන් සැවොම නෙතට ඉණු කඳුළු රහසින් පිස දැමීය.මා නෙතු පිරි කඳුලු ඒ දෑතින් පිස දමා අනුහස් අයියා කණ්නාඩිය මා දෑස ඉස්සරහට ගෙනාවේය.එකදු කෙස් ගසක්වත් නැති හිස බැන්ඩේජ් වලින් වෙලා තිබුනද ඒ ඇස් වලට මා බොහෝ හැඩට දිස් විය.ලා නිලට හුරු ඒ දිගු ඇස් මට දෙනුවන් සිහිකරවීය.සුදු අයියා මා දෑස් දෙසම බලා හිදී . සැනෙකින් මා ඒ සිතුවිල්ලෙන් මිදී කණ්නාඩියෙන් පෙනෙන මගේ රුවට හිනැහීමි.


" ඔන්න දැන් මගේ පේෂන්ට් ඔයාලට බාරයි...ඒ උනාට ඔලුවේ බැන්ඩේජ් කපන්න තව දවස් තුන හතරක්වත් යනවා....ඒ වෙනකොට මෙයාට අලුත් ඇස් වගේම අලුත් ජීවිතේකුත් ලෑස්ති කරන්න ඔයාලට පුලුවන් වෙයි...මේ දවස් ටික හොදට Rest කරලා ඔයත් ඒ අලුත් ජීවිතේ බාර ගන්න සූදානම් වෙන්න හොදද..."


අම්මාටත් අනුහස් අයියාටත් මටත් එක වරම අමතා එසේ කියා ඩොක්ටර් ජයසිංහ මගේ කම්මුලකුත් මිරිකා යන්නට ගියේය.


~~ මතුසම්බන්ධයි ~~
















ප/ ලි - අද කොටස ටිකම ටිකයි හොදේ.. ඔන්න දැන් කට්ටිය මාව මරන් කන්න ලෑස්ති වෙන්න එපා මේ ටික ටයිප් කර ගත්තෙත් හරිම අමාරුවෙන්. ඒ මොකද කියනවනම් තාමත් මම ඉන්නේ ලෙඩ මරගාතේ.උණනම් සනීපයි ඒත් කැස්සයි ඔලුව කැක්කුමයි තවම හරියට හොද නෑ. එක දිගට කොම්පීතලේ දිහා බලන් ඉන්න බෑ පුලු පුලුවන් වෙලාවට ටික ටික ලොග් වෙලා තමා යාලුවන්ගේ බ්ලොග් වලට යන්නෙත් සමහර පෝස්ට් එහෙමත් මිස් වෙලා මට ඒවත් කියවන්න ඕනෙ හිමින් හිමින්.ඒ අතරේ කතාවත් ටිකක් ටයිප් කර ගත්තා මොකද කට්ටිය කෝ කතාව කෝ කතාව කියලා අහන නිසා.ඔන්න එහෙනම් මේ ටික කියවලා ටිකක් කූල් වෙන්න හොදේ ඉක්මනටම දිගම දිග කොටසක් දෙනකන්.






























36 comments:

  1. කතාව මුල් ටික මතක් කරපු එක හොඳයි. මමත් මේ හා හාපුරා කියලා අද තමා මේ කතාව කියවන්න ආවේ

    ReplyDelete
  2. Hasitha - ස්තූති පැමිනීමට අනේ තරහ නැතුව එහෙනම් ගිහින් අනිත් කොටසුත් කියවලාම එන්න ඉඩ තියෙන වෙලාවක එතකොට කතාව තව පැහැදිළි වේවි

    ReplyDelete
  3. ikmanata ithuru tiak denna kaviyo hodada

    ReplyDelete
  4. හරේ කථාව දාලා...
    "දෙනුවන් පුතා... කෝ ඔය කන්නාඩිය අල්ලලා මේ කෙල්ලට පෙන්නන්න එයාගේ අලුත් ඇස් දෙක."

    මේකේ අනුහස් වෙන්න ඕනේ නේද අක්කියෝ...

    ReplyDelete
  5. මට නම් හිතෙන්නේ මේ ඇස් දෙනුවන්ගේ... කෙල්ලෙක්ගේ කිව්වට මේ ඇස් දෙනුවන්ගේ වෙන්නම ඕනේ... ගෑණු ළමයෙක්ගේ කියලා දෙන්න ඇත්තේ ඔයා ඒ ඇස් භාරගන්න එකක් නෑ කියලා හිතන නිසා... හරිම ලස්සනයි අක්කියෝ කථාව. වෙනදා වගේම හරිම ලස්සනයි..

    ReplyDelete
  6. ප්‍රාර්ථනා - ඔව් අනේ මට වැරදිලා ඔන්න මම එක හැදුවා..... ම්ම්ම්ම් .... ම්ම ඉතින් කතාවේ ඉදිරිය ගැන මුකුත් කියන්නේ නෑ හොදේ බලන් ඉන්නකෝ

    ReplyDelete
  7. SIHUVILI PALASA - සනීප උන ගමන් දානවෝ

    ReplyDelete
  8. මන්දා අක්කේ.. මේ කථාව බැලුවම වෙලාවකට මටත් කෑ ගහලා අඬන්න හිතනවා.. අනේ මන්දා... පුදුම විදියට ලස්සනයි.. තාරා අරම කරේ මොකද කියලත් මට හිතාගන්න පුළුවන් වගේ...

    ReplyDelete
  9. ලස්සනට ලියලා තියෙනවා කතාව ,ඉලග කොටසත් බලාපොරොත්තු වෙමි.

    ReplyDelete
  10. හ්ම්ම්..ප්‍රාර්ථනාට හිතුන දේ මටත් හිතුනා..ඒත් ඉතින් කවිති ගැන අපි කාව්‍යා ලියනකන්ම ඉමුකො..

    ඉක්මනින් සනීප වෙලා අපිට ඉක්මනින්ම කතාව ඕනේ.. :P

    ReplyDelete
  11. මේක දෙනුවන්ගෙ ඇස් දෙක කරන්න නම් එපා කාවෝ.( කාවා මරු නම නේ?ඒක හොඳයි ටයිප් කරගන්නත් බැරි කාව්‍යා ට වඩා) එදාට තමයි මම ඔයාව එල්ලුම් ගස් යවන්නෙ. (සැ. යු.මරණ තර්ජනයකි. )

    ReplyDelete
  12. හිතන් ඇති අපිට කතාව අමතක් වේවි කියලා.. එවුවා කොහේද?

    නිල් පාට ඇස් දෙනුවන්ගෙද කියලත් හිතෙනවා.. එහෙම වෙන්න ඉඩක් තියේවිද.. බලමු..

    ReplyDelete
  13. ප්‍රාර්ථනා - ලියන ගමන් මමත් අඩන වෙලාවල් තියෙනවා ප්‍රාර්ථනා නගෝ

    ReplyDelete
  14. රොබින් - ඉක්මනට දෙන්නම්කෝ

    ReplyDelete
  15. සිත්රූ සිහින - හ්ම්.... ගොඩක් අයට එහෙම හිතෙයි තමයි

    ReplyDelete
  16. සිඳු - හි හී ඔව් ඒ නම හොදා තමා ගොඩක් අය ලේසියට මට ඔහොම කියනවා.... අනෙ අම්මෝ මෙන්න මරණීය තර්ජන ඉහි ඉහි මම බයයි

    ReplyDelete
  17. Dinesh - ඔයාට කොහෙ අමතක වෙන්නද.... හි හී ඒක මමත් දන්නවා

    ReplyDelete
  18. අනේ අපොයි අද නම් මේක කියවද්දී මගේ අග හිරිවැටුනා.කලින් කොටසේදී හොද වැඩේ මේ මෝඩ කෙල්ලට කියලා හිතුනට අද නම් ඇත්තටම ගොඩාක් දුක හිතුනා..අද කතාව නම් බොක්කටම වදින්න ලියලා තියනවා අක්කි....ඇත්තමයි අද කතාව ටිකයි උනාට අනිත් හැම දවසකටම වඩා හිතට වදින්න ලියලා තියනවා...ටිකක් කල් අරන් ලියපු නිසා වෙන්නැති...අනේ මන්දා මේ කතාවේ වංගු ගොඩයි..කොහෙන් කෙලවර වෙන්න යනවද මන්දා...දැන් නම් මේකට ඇබ්බැහි වෙලා...

    ReplyDelete
  19. ලස්සනයි කවී.හැබැයි තේරුනාද මන්දා...දිගටම ලියපන්..!!!

    ReplyDelete
  20. අහ්..යකෝ මේක උදේ මට බලලත් දැක්කේ නෑනේ..!!!

    වෙනදාට වඩා පොඩ්ඩක් උනාට අද කතාව හරි ලස්සනයි අක්කියෝ...!!
    මේ ඔන්න ඊලග සැරේ ඔයිට වඩා නම් දෙන්න වෙයි..එහෙම නැත්තම්.... ගර්ර්ර්ර්ර්ර්ර්ර්ර්..

    ඔයා මොනවා උනත් ලස්සනට ලියනවා අක්කි..මගෙන් සුබ පැතුම්..!!!
    දිගු ගමනකට ආසිරි මගෙන්...ජය වේවා...!!!

    මෙතුවක් කාලෙට මම ඇබ්බැහි උන එකම කතාව.එල.. :D

    ReplyDelete
  21. බොරැ කියන්නේ මොකටද කිවියෝ.. අදනම් මගේ ඇහැට කදුලක් අවා.. එක කාවෙනුවෙන් ආවද කියලා තෙරේන්නේ නැ.. අනුහස් වෙනුවෙන්ද නැත්තං දෙනුවන් වෙනුවෙන්ද මේ කෙල්ල වෙනුවෙන්ද කියලා මේලො හසරක් තෙරේන්නේ නැ.... මේච්චරක් කල් බලපු කොටස්වලින් කියවලා අතරමං වුන කොටස මේක තමයි.. ඉස්සරනම් මේ කෙල්ලත් එක්ක කෙන්තියෙන් හිටියේ අද අනුකම්පාවක් තියෙන්නේ... අනේ මන්ද කිවියෝ...

    මේ කිවියෝ මම නිවාඩුවක් දලා ඔයාගේ හබියට එහා පැත්තේ ඉදන් මේ කතාව ටයිප් කරලා දෙන්නද? ඇයි යකෝ ඉවසනවා කියලා මේච්චර ඉවසන්න පුරැදු නැ...

    මට නම් හිතෙන්නේ තාරයි දෙනුවනුයි දෙන්නම මැරේන්න ඇති කියලා.. ඊට පස්සේ තරාගේ ඇස් කියලා දෙනුවන්ගේ ඇස් ගලවලා හයි කරන්න ඇති... නැත්තං දෙනුවන්ගේ නංගි කෙනෙක් මැරේන්න ඇති... හපොයි මේහෙම කතාවක් ජිවිතේට කියවලා නැ..

    ReplyDelete
  22. ඔන්න එහෙනං මමත් ආවා ඈ.... :-)
    නියමයි අක්කෝ... (මමනං ලව් සීන් කියවන්නෙ නෑ... ඔයා ලියන හින්දම ඇස් වහන් කියෙව්වා)

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  23. සිම්බා මලයා - ඒක තමා මේකනිකන් දහාට වංහුව වගේනේද? හරි හරි ඉවසන්නකෝ ලඟදිම ඔයාලා හැමෝටම සැනසීම ගේනවා

    ReplyDelete
  24. shanaka - ඇයි හත්වලාමේ නොතේරුනේ? කලින් කොටස් බැලුවේ නැද්ද ?

    ReplyDelete
  25. පිස්සු පුසා - හරි හරි ඊලඟ සැරේ දෙන්නම්කෝ ගොඩම ගොඩක්...ස්තූති මල්ලියෝ දිරිගැන්වීම් වලට

    ReplyDelete
  26. Pooh - අන්න කරන්න පුලුවන්නම් ශෝයි වැඩේ මට එක හුස්මට මේක ටයිප් කරල දුන්නනම් මරු.හැබැයි මේ දවස්වලනම් මන් කටු සටහන් ගහලත් නෑ හිතේ ලියාගෙන ඉන්න එවා යුනිකෝඩ් කරනවා.

    ReplyDelete
  27. අඩවි රජ - අවසර මහරජ !ඇස් වහන් හරි කියවපු නිසා ස්තූති හොදේ.

    ReplyDelete
  28. අදමයි ඉස්සරවෙලාම ආවෙ. හැබැයි මම රබර් පටි වලටනම් කැමති නෑ . ඒ හන්දා මෙ කතාවනම් කියෙව්වෙ නෑ. වෙන පොස්ට් එකකින් ("ප්‍රෙමයේ ම්ළගම") තමයි මෙ බ්ලොගට ආවෙ.

    ReplyDelete
  29. Loku John - බොහොම ස්තූති ලොකු ජෝන් පැමිණීමට

    ReplyDelete
  30. මේකට මගේ පලවෙනි කමෙන්ට් එක..ඔක්කොම කියෙව්වත් අද තමා කමෙන්ට් කරන්නේ.අසාවෙන් කියෙව්වා.අනේ ඉක්මනට දාන්නකෝ ඊළඟ එකත්...

    ReplyDelete
  31. අලුත් බුවා - ඉක්මනට දෙන්නම් ඉන්න හොදේ

    ReplyDelete
  32. ane kavi te ikmnate hode wenne kiyala prarthana karanewa,, man ekak kiyaneda akki,, kavi te labunu as dan dunne DENUWAN neda?? eke neda kavite thibbe as welate wada me as lassana ??

    ReplyDelete
  33. අද මම හොදටම පරක්කුයි!! අද කතාව පොඩ්ඩයි නේන්නම්...

    දෙයියනේ!! කෙල්ලගේ ඇස් වලට වුනු දෙයක්.. අලුත් ඇස් ,අර ප්‍රා අක්කි කිව්ව වගේ දෙනුවන්ගෙද? අනේ එයාගෙනම් ව්එන්නෙපා.. මම ඒකට ආස නෑ. කවී එක දැනගත්තොත් කවදාහරි.. ඒක මහ මානසික වදයක්නෙ....:'(

    කතාව හරිම ලස්සනයි අක්කි!

    ReplyDelete
  34. Glimmer Girl - දැන්නම් ටිකක් හොදයි යාලුවේ. බොහොම ස්තූති . ම්ම් දෙනුවන්ගේ ඇස් ද කියලා දැන්ම කියන්න බෑ ඉතින් බලන් ඉන්නකෝ හොදේ

    ReplyDelete
  35. හිතුවක්කාරි - මම ඒත් බැලුවා මොකද මේ කෙල්ල පරක්කු කියලා.ම්ම් අනේ මංදා කතාවේ ඉදිරිය ගැන මම නොකියා ඉන්නම් නේද ?

    ReplyDelete
  36. ඇස් 2 දෙනුවන්ගේද ? තාරාගේද ?? අනේ මන්දා ?

    ReplyDelete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.