සඳට බැළුම් හෙලූ අය

Aug 24, 2012

එයාට වගේ එකක් ඇයි මට නැත්තෙ !



මේ දවස්වල මගේ සාමාන්‍ය දින චරියාව සේරම අන්ජබජල් වෙලා. අනේ කාටවත් කිසිම කරදරයක් නැතුව කතාවක් කවියක් ලියාගෙන සිංදුවක් අහගෙන ඉඳලා හිටලා සත්තරන්ගේ දතක් ගලවගෙන පාඩුවේ හිටපු මට වෙච්ච නස්පැත්තියක්.මේ සේරටම හේතුව ඉස්කෝල නිවාඩුවත් එක්ක රාස්ස පැටව් තුන් දෙනෙක් අපේ ගෙදරට කඩා පාත්වීම.රාස්ස පැටව් කිව්වට ඉතින් රාස්ස පැටව්ම නෙවෙයි. දෙන්නෙක් කෙල්ලො උන් දෙන්න අපේ අක්කගේ සුරංඟනාවියෝ දෙන්න. අනික කොල්ලෙක් ඌ නෑකමටනම් මට වෙන්නේ මල්ලි ඒ උනාට අක්කගෙ පොඩි උන් දෙන්නා මට පුංචි කියන නිසා ඌටත් මම පුංචි.ඉතින් සෙල්ලංද මේ දවස්වල මම දරුවෝ තුන් දෙනෙකුගේ පුංචි අම්මා කෙනෙක්.

පුංචි කාලේ ඉදලම මේ තුන් දෙනාම මට බොහොම
සමීපයි.දැන් ටික ටික ලොකු උනත් ඒ බැඳීම් වල තාම අඩුවක් වෙලා නෑ.එයලාගේ අම්මලා තාත්තලාට කියලා ඉටු කර ගන්න බැරි දෙවල් මාව ඉත්තා කරගෙන කර ගන්න මේ තුන් දෙනාම එක වගේ දක්ෂයි.මේ අය අතරින් අක්කගේ පොඩි බඩ්ඩ තමා මට ගොඩක්ම ආදරේ සහ මම ගොඩක්ම ආදරෙත්.කොටින්ම එයා මම පුංචි කාලේ වගේමයි.එයාට පිහිටලා තියෙනෙත් මගේ ගති ගුණම තමා.දකින හැමෝම කියන්නේ පුංචිගේ කාපාපු පලුව කියලා පුහ් ... කාටද ආඩම්බර එතකොට ඈ...අක්කගේ ලොකු බඩ්ඩට දැන් අවුරුදු 10 යි එයාගේ නම ශාක්‍යා මානවී , පුංචි එකීට අවුරුදු 8යි එයාගේ නම කාව්‍යා ඕෂධී, මේ දෙන්නටම නම් තිබ්බෙත් පුංචි වෙච්ච මේ මං ම තමා.බොලේ එතකොට මමත් කාව්‍යා එයත් කාව්‍යා කොහොමද වැඩේ.හරි දැන් ඔය මැද්දේ තව කෙනෙක් ඉන්නවනෙ ඇයි අර මට නෑ කමට නැන්දා වෙන කෙනෙකුගේ පුතන්ඩියා, හම්මේ ඒකාව තමා කොන්ට්‍රොල් කරන්නම බැරි.එයාගෙ නම කතික , අවුරුදු 11යි. නම වගේම තමා කට උන්දෑ අහන සමහර ප්‍රශ්න වලට උත්තර දෙන්න මම ආයෙත් ඉස්කෝලෙ යන්න ඕනෙ.

ඉතින් මේ තුන්දෙනා එක්ක තමා මේ දවස්වල මගේ ද
වසම ගෙවෙන්නෙ.උදේ එළිවෙච්ච වෙලේ ඉදන් පුංචි මට අරක ඕනෙ... පුංචි මට මේක ඕනේ... පුංචි අපි අරක කරමු... පුංචි අපි මේක කරමු...පුංචි අපි අරෙහෙ යමු...පුංචි අපි මෙහෙ යමු....ඔය වචන වලින් මගේ කං පිරිලා.තුන් දෙනාවම එකම දේකට එකම තැනකට යොමු කරන්න හරිම අමාරුයි.කොල්ලට ඕනෙ හොරා පොලිස් කරන්න, බොක්සිං ගහගන්න , එලියට ගිහින් තාප්පේ දිගේ යන්න , ක්‍රිකට් ගහන්න. කෙල්ලො දෙන්නට ඕනෙ බොනික්කෝ නාවන්න සෙල්ලම් ගෙවල් දාන්න බෝනික්කන්ව බෙහෙත් ගේන්න ගෙනියන්න, වැස්ස වෙලාවට බෝට්ටු හදලා පා කරන්න .කොල්ලා කැමති සෙල්ලම් කරන්න ගියාම කෙල්ලො දෙන්න තරහ වෙනවා. ඉහි ඉහි.... ඔයා හොද නෑ පුංචි ඔයා කරන්නෙම කතී අයියා කැමති එවා විතරයි කියලා උන් නහයෙන් අඬනවා.කෙල්ලො කැමති සෙල්ලම් කරන්න ගියාම අර පෝරිසාදයා මටත් ගහලා අරුන් දෙන්නටත් ගහලා සෙල්ලම් ගෙවල් පොඩි පට්ටම් කරල යකා නටනවා.දෙපැත්තම ශේප් කරගෙන හා අපි DVD එකක් බලමු කිව්වම කොල්ලට ඕනෙ රෙස්ලින් බලන්න කෙල්ලන්ට ඕනෙ ටින්කර් බෙල් බලන්න. හය්යූ.... මට තෙරෙන්නෙ නෑ මුන් එක්ක කොහොමද වසන්න ඕනෙ කියලා.

මම ම නිසා හොදා ඉතින් මුන්ට මෙහෙම නටන්න.අපේ අක්කණ්ඩි හිටියනම් මේ සෙල්ලම් බෑ මේ කාටවත්.එයා රවලා බලන්න විතරයි ඕනෙ කට්ටිය ඉදී හ්ම් කියන්නෙ නතුව.මම ලේසියෙන් තරහ ගන්න කෙනෙක් නොවෙන බව මෙයාල හොදට දන්නව.ඒ නිසාම තමා මාව මෙහෙම නටවන්නෙත්.පොඩි උන්ට මම පොඩ්ඩක් හරි සද්දෙ
දාන්නෙ ගේ හැඩි කරනකොට විතරයි.ඒකටනම් මට යකා නගිනවා.මේ දවස්වල මම ගේ අතු ගානවා දවසට දහ පහලොස් වතාවක්.ඒත් අදනම් මම හිතා ගත්තා තොපි ආයෙ යනකන් මම ගෙවල් අස් කරන්නෙ අතුගාන්නෙ නෑ කියලා.මම එහෙම හිතුවා විතරයි මෙන්න මුන්ව ගෙවල් වලින් ඇවිල්ලා අරන් ගියා හෙට සෙනසුරාදා ළමයින්ට පංති කියලා.

හ්ම් ගියාට පස්සේ තමා ඉතින් රගේ තේරුනේ. පුදුම පා
ලුවක්.... මෙච්චර දවසක් පිරිල තිබුන ගේ එක පාරටම පාලුවට ගිය අම්බලමක් වගේ උනා.කොච්චර සද්ද බද්ද තිබුනත් ගෙවල් මොන තරම් අපිලිවෙල උනත් පොඩි එකෙක් ඉන්න ගෙයක් පුදුම තරම් පිරුණ ගතියක් තියෙනවා.හරි හරි මේවා වැඩිය ලියන්නත් බෑ දැන් ඉතින් කට්ටිය මට කියයි ඇයි අනේ හිත හිත ඉන්නෙ ඉක්මනට බබෙක් ගේන්නකෝ කියල.මොනවා උනත් අපේ අක්කණ්ඩිනම් හරිම වාසනාවන්තයි කියලා මට හිතෙනවා.එයා අඩු වයසින් කසාද බැඳලා අඩු වයසෙදිම බබ්බු දෙන්නෙක්ම හැදුවා.අද එයාගේ කර ගාවටම කෙල්ලො දෙන්නෙක් ඉන්නවා.හැබැයි එයත් තාම කෙල්ල වගේ.අවුරුදු 23 වෙනකොටම එයා බැඳලා බබ්බු දෙන්නෙක්ම හදලත් ඉවරයි.ඒකට මම අවුරුදු 23 දි තමා හා හා පුරා කියල ආදරේ කොරන්න පටන් ගත්තෙත්.

ඉතින් කොහොම කොහොම හරි ඔය විදියට පුංචි එවුන් එක්ක බොහොම අවිවේකි සති දෙකක් ගෙවිලා ගියා.එයාලා නිසා මට අවාසි වගේම වාසිත් ගොඩක් උනා.මුලු දවසක්ම Beach ගිහින් ඇති තරම් නැටුවා සෙල්ලම් කලා නෑවා, ඊයේ Ice Age 4 ෆිල්
ම් එක 3D බැලුවා.ෂා...... ඒකනම් නියමයි.මගේ පළවෙනි 3D අත්දැකීම. ෆිල්ම් එක බලද්දී තව 3D ෆිල්ම් දෙක තුනකම කමින් දැම්මා,. ඒවත් බලමු හොදේ කියලා සත්තලන්ව බලෙන්ම පොරොන්දු කරවත් ගත්තා.

දැන් ඉතින් මම මේ පෝස්ට් එක ලිය ලියත් පුංචි කාලේ ඉදන්ම මේ තුන් දෙනා එක්ක ගෙවිච්ච කාලේ රසවත් සිද්ධි මතක් කර කර ඉන්නෙ.අපි තවමත් කට්
ටිය එකතු උනාම මෙයාල ගැන කිය කිය හිනා වෙන සිද්ධි දෙකක් ගැන මම ඔයාලටත් කියන්නම්කෝ. පලවෙනි සිද්ධිය උනේ මීට අවුරුදු දෙකකට විතර කලින් එතකොට අක්කගෙ පොඩි දුවට අවුරුදු 6යි.ඔන්න මේ දැන් වගේම කට්ටිය නිවාඩුවකට අපේ ගෙදරට සෙට් වෙලා හිටියේ.එතකොට ඉතින් සත්තලනුත් නෑ හොදේ.හවසක මම තුන් දෙනාවම ඇඟ හේදුවා මුලින් කෙල්ලො දෙන්න හෝදලා එයාලට අන්දලා අන්තිමට කොල්ලව හේදුවා දැන් එයාට ඇදන් යන්න බාත් රූම් එක ඇතුලේ ටවල් එකක් තිබුනේ නෑ. මම කිව්වා කමක් නෑ ඔහොමම කාමරේට දුවන්න කියලා. මේකා ටිකක් ලජ්ජ කාරයා බෑමයි කියලා ඒත් මම සද්දයක් දැම්මම ඔන්න දිව්වා. ආ කියන්න අමතක උනානේ මෙයා අර මෙයාගේ චූවට කියන්නෙ බඩී කියල හොදේ. මෙයා දිව්වේ මෙයාගේ මේ බඩීවත් අතින් වහගෙන.මාත් පස්සෙන්ම ගියා. මෙයා කාමරේට යනකොට කෙල්ලො දෙන්නත් ඒ කාමරේ.උන් දෙන්නා අමුතු සතෙක් දිහා බලනවා වගේ කොල්ලා දිහා බලන් ඉන්නවා.ඒකා දඩිබිඩි ගාලා කලිසම අදින්න හදනවා.මේ සේරම බලන් හිටපු අක්කගෙ පොඩි එකී මං ළඟට ආවා.

" පුංචී....... ඇයි කතී අයියට වගේ එල්ලෙන එකක් මට නැත්තෙ "......?

මේකි අහපි. හයියූ .... මට දෙලෝ රත් උනා ඒ අස්සෙ මට හිනා පණ යන්න.මම ඉතින් මම දන්න විදියට තේරුම් කරලා දුන්නා එයා පිරිමි ළමයෙක් ඔයා ගෑණු ළමයෙක් ඒ නිසා තමා එහෙම වෙන්නේ ඔන්න ඔය වගේ මොනාද බයිලා වගයක් කියලා මම
ෂේප් උනා.ඒ වගේම තවත් දවසක මම TV එකේ යන හින්දි සිංදුවක් බල බල හිටියේ හප්පා සිංදුව මතක් කලාට මතක් වෙනෙ නෑ රඟපෑවෙනම් ශාරුකුයි කාජලයි වගේ මතක වැස්සක තෙමි තෙමි දෙන්නා සිංදු කියනනවා.මම කකුල් දෙකත් පුටුව උඩට අරන් රිමෝට් එකත් හපාගෙන මේ ප්‍රේමණීය ජවනිකාව දිහා බලන් ඉන්නවා.මට කොච්චර සිහිය නැතු උනාද කියනවනම් මට අමතක උනා මේ යක්ශ පැටව් තුන්දෙනාත් මෙතන ඉන්නවා කියල.

" පුංචි..... ඇයි ඒ අංකල් අර ඇන්ටිගේ සාරිය ගලවන්න හදන්නෙ " ?

දිපංකෝ දැන් උත්තර...මුන්ටත් ඕනෙ නැති දෙයක් නෑනේ...මොනවද කියන්නෙ කියලා හිතලා හිතලා මම අන්තිමට කිව්වා.

එයාලා වැස්සෙ තෙමිලනේ ඒක වෙන්න ඇති කියල.එතකොට තව එකෙක් අහනවා.

" ඇයි එයාලා මෙච්චර ලොකු වෙලත් දන්නෙ නැද්ද වැස්සෙ තෙමුණම ලෙඩ වෙනවා කියල "

අනේ පොඩි කමට මුන්ටත් ඕනෙ නැති කෙහෙල්මල
ක් නෑනේ. මම උන්ට බනින්න බැරි කමට උන්ගෙ අම්මල තාත්තලට හිතින් බැන බැන TV එක ඕෆ් කලා.මේ සේරම ජල්බරි කතා කුස්සියේ ඉදන් අහන් හිටපු අක්කා ඇවිල්ලා කිව්ව

" එහෙම වෙන්නෙ නෑ පුතේ එයාලා කිරිත් එක්ක සමහන් බොනවනේ " කියල.

71 comments:

  1. දැන් පොඩි උන්ට තියෙන ප්‍රශ්න ගැන කතා කරල වැඩක් නෑ... ;)

    ReplyDelete
  2. හුහුහුහුඋහුහු

    ReplyDelete
  3. හයියෝ මට හිනා ...බොටත් වෙන දේවල් හික්..හික් කමක් නෑ මෙහෙම අත්දැකිම් තියෙන එක බොට අනාගතේට හොදයිනෙ ;) ,

    ReplyDelete
    Replies
    1. හික් හික් මට ඉපදෙන උන් මීට හපන් වෙයි නිශියෝ, දන්නවනේ තාත්තගේ කටේ තරම

      Delete
  4. කෝ බන යකෝ කොල්ලගේ නම කියලා නැනේ ??

    ReplyDelete
    Replies
    1. ai lux thiyenne nama "කතික" kiyala.

      Delete
    2. ඔයාගේ ඇස් වල පෙනීම හොද නෑ ලකෝ බෙහෙත් ගන්

      Delete
  5. අයියෝ ඉවරයි.. හෙහ්‍..

    ReplyDelete
    Replies
    1. ඉවරයි කියන්නේ ඉවරෙටම ඉවරයි

      Delete
  6. හෆොයි මටත් තියෙනවා ඔය වගේ අද්දැකීම් ගොඩක්. අපේ අක්කටත් ඉන්නවා කෙල්ලයි කොල්ලයි.පුතා ඉපදුනු දවස්වල දූට තියෙන ලොකුම ප්‍රශ්නෙ ඕක. එයා මොනවත් ඇහුවේ නැහැ. ඒක වෙනස් කියලා එයා තේරුම් ගත්තා. ඊට පස්සේ ගෙදරට කවුරු ආවත් මෙයා මල්ලිගේ කලිසම ගලවලා ‍එන අයට පෙන්නනවා."කෝ පුතේ කො ඔයා පෙේනන්න මේ මාමට ඔයාගේ කුරුල්ලා....මාමේ අපේ මල්ලිට කුරුල්ලෙක් ඉන්නවා.. මේ.. කියලා ඕන සබාවක මල්ලිගේ කලිසම ගලවල පෙන්නනවා."

    දැන් පුතා 2 වසරේ. මේ ළගදි අක්කා ආදරේට දරුවා හුරතල් කරන ගමන් කිව්වලු මට දෙයියෝ දුන්න පුතා කියලා. දරුව ගත්ත කටටම නෝන්ඩි හිනාවක් එක්ක මෙහමෙ කියනවලු "අනේ යනවා අම්මේ යන්න දෙයියෝ කොහොමද බබ්බු දෙන්නේ" කියලා. පුතා තාම කුස රජතුමාගේ කතාව දන්නේ නැහැ. ඒකයි එහෙම පුශ්නයක් ඇහුවේ.. පී

    ReplyDelete
    Replies
    1. හිකීස් මෙයලා බඩේදිම ඉගෙන ගෙන එනවද කොහෙද පණ්ඩිත කතා

      Delete
  7. දැන් ඉන්නේ පොඩි අයට වඩා සීයලා ආච්චිලානේ...හයියෝ...:)

    ReplyDelete
  8. අනේ අක්කේ මේක බලන්න ගත්ත වේලේ ඉඳන් මට හිනාව නවත්තගන්න බැරුව හිටියේ.. මරු අනේ..මමත් මාර ආසයි පොඩි පැටවුන්ට.. ඒත් ඉතින් අර ඔයා කිව්වා වගේ පොරිසාද වැඩ කරද්දි තමා අප්පේ... :D

    මන් දන්න පොඩි එකෙක් ඉන්නවා..ඒකා මේ ළඟදී තාත්තට උපදෙස් දෙනවා.. "මන් කිව්වා නේද බොන කොට ඔහොම වෙයි කියලා.. දැනවත් බොන එක නවත්තනවා හොඳයි.." ඔහොම කියනකොට වයස අවුරුදු හතරයි...

    ReplyDelete
    Replies
    1. මන් මේ කතාව අපේ අම්මට කිව්වාම අම්මා කිව්වානේ මමත් පොඩි කාලේ ඔය අපිට කෑල්ලක් නැති එක ගැන ඇහුව්වා කියල.. හික්ස්.. :D

      Delete
    2. හි හී මෙන්න මෙයත්.......

      Delete
  9. හී හී..පොඩි උන්දලා ගැන නම් කියල වැඩක් නෑ :ඩී

    ReplyDelete
  10. හෙහ් හෙහ් හෙහ්...පුන්චිමකාලේ මටත් තිබ්බ ප්‍රශ්නයක් ඕක !!!...

    ReplyDelete
    Replies
    1. ආ... එහෙමද.....ඉතින් කෝමෙයි විසඳ ගත්තේ ඕක

      Delete
  11. හි හී මටත් මතක් උණා පෙරේදා අපේ පොඩි එකී කියපු කතාවක්... එයා අර යන මෙගා නාට්‍යක ටයිටල් සෝන්ග් එකක් දැකලා.මට කතාව නම් මතක නෑ.. රිදී සිත්තම් හරි තරු පිරි අහස හරි වෙන්න ඕනේ..
    අම්මේ ලොකු අයව වඩා ගන්නේ නෑනේ .ඇයි පූර්ණ සක්යව වඩා ගත්තේ? කියලා ඇහුවා. මට මුලින් හිතා ගන්න බැරි උණා. ඒත් පස්සෙ තේරුණාම හිනාව නවත්තගන්න බැරි උණා.

    ReplyDelete
  12. පොඩි එව්වොත් එක්ක නම් කතා කරල බේරෙන්න බෑ. අනික උන් කියන කතාවලට පස්සෙ මතක් උනත් හිනා යනවා. දවසක් පොඩි කොලු පැට්ටෙකුයි කෙලි පැට්ටියෙකුයි සෙල්ලම් කරන අතරේ කොල්ලට චූ බරක් හැදිලා. කොල්ලා චූ කරන කොට කෙල්ල අහනවා ලඟට ගිහින් "ඇයි අය්යේ ඔයාගෙ කෝතු කෝතු වගේ තියන්නේ" කියලා. :))

    ReplyDelete
  13. .සන්ස්කුතිය ය වෙනස් වෙලා :D

    ReplyDelete
    Replies
    1. ඔව් අප්පා ටිකක් නෙවෙයි ගොඩක්

      Delete
  14. මේකෙ ඇනෝවත් නෑනෙ. මේක ප්‍රොෆයිල් එකෙන් කියන්න මොකක්ද වගේ. ඔන්න වෙන එකවුන්ට් එකකින් කියන්නෙ. අපේ අයියගෙ පොඩි එකත් ඔයවගේ තමයි. මේක වුනේ ඌ පොඩිකාලෙ. අයියලා හිටියෙ අපේ අල්ලපු ගෙදර. දවසක් පොඩි එකා ගෙදර ඇවිත් කෑගහනවා. ගෙදර හිටියෙ මම විතරයි. මම හිටියෙත් බාත් රූම් එකේ. "මම මෙහෙ පුතේ, පොඩ්ඩක් ඔහොම ඉන්න" මම කිව්වා. පස්සෙ මම නාගෙන ඇඟ පිහ පිහ එළියට ආවා. මම දන්නෙ නෑනෙ මූ කාමරේට ඇවිත් කියලා. මම ගානක් නැතුව ඇඟ පිස්සා. ටිකකින් මේකව දැක්කම තමා ඇඟේ ලේ වතුර උනේ. මූ අහනවා මගෙන් "නැන්දිට චූවෙක් නැද්ද" කියලා. මාව රත් උනා. චොක්ලට් දීලා තමයි මේක කාටවත් නොකියන්න පොරොන්දු කරගත්තෙ. ඒත් ඉතින් කාට කාට කිව්වද මන්දා?

    ReplyDelete
    Replies
    1. තාමනම් එකම ඇනෝ කෙනෙක්වත් මේකට ඇවිල්ලා නැතෝ..... හි හී අනේ ඔයාට වෙලා තියේ වැඩේ හය්යූ....

      Delete
  15. මාර සීන් වෙන්නේ.පොඩි කාලේ කක්කි කතා

    ReplyDelete
  16. හැපෝයි..
    පොඩි උංද??????
    අර්ර්ර්ර්ර්ර්ර්.......

    ReplyDelete
  17. අපි පොඩි කාලේ කොච්චර හොදද එක අතකට බලද්දි..

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නම් අපිට තිබුනේ නෑනේ ඔහොම ප්‍රශ්න

      Delete
  18. හච්චෝ....හිනා කාල මැරුණා..................:) නියමයි අක්කෝ :)

    ReplyDelete
    Replies
    1. අනේ මැරෙන්න එපෝ..... එතකොට කවුද අර තරගෙ ඉස්සරහට ගෙනියන්නෙ

      Delete
  19. අහ් ඔයාට හොඳ අත්දැකීමක් ලැබීල තියෙන්නෙ . අනේ ආයෙත් ඉක්මනටම පොඩි තුන්දෙනා එනවනම් හොඳයි නේද පාලුත් ඇතිනේ :D

    ReplyDelete
    Replies
    1. ඔව් අනේ එයලා ඉන්නකොට මාර ජොලි

      Delete
  20. ඔයාගේ බොලොග් එකේ කියවපු පට්ටම පට්ට කතාව මේක තමයි.. ඇත්තටම පොඩි උන් සුන්දරයි තමයි..

    මම දන්න පොඩි එකෙක් ඉන්නවා උ හැදිලා තියෙන පරිසරය ටිකක් විතර අප්සැට්... ගෙවල් වටේ ඉන්න එවුන් පොඩි එකාට කුනු හර්ප උගන්වලා.. එකා එවා රිපිට් කරද්දි හුරතල් කියලා මහා එවුන්ට කිසිම අවුලක් නැ.. පංසලේ හාමුදුරැවොයි දන්නන හැම එකාම කිව්වා මේක දැන්ම හදාගන්න ඔක ප්‍රශ්නයක් වේයි කියලා.. එත් අනේ දරැවා හුරතල් නේ කියලා මහා එවුන් ගනන් ගත්තේ නැ...

    ඔන්න දවසක් කස්ටියම වේඩින් එකකට ගියා.. දැන් ඉතිං එකා දග කර කර හොල් එක වටේම දුවනවා.. එකාව දැක්කම හැමොටම හරි ආසයි.. ඇත්තටම එකා හුරතල්.. හැමොම මුන අතගානවා උම්මා දෙනවා.. එකාට බුදු සැපක්.. ඔන්න දවල් කන වේලාව ආවා. දැන් පොඩි එකාව එක ගැනු කෙනෙක් මේසේ උඩ වාඩි කරවලා කවනවා.. ඌත් කකුල් පද්ද පද්ද ආතල් එකේ කනවා. මේන්න මේකා එකපාරමට

    අනේ හු.....යේ තෝ මම කවුරැ කියලාද හිතුවේ වේ..යේ තොගේ අම්මට හු.... දුවපිය හු.. කියලා එක පාරටම දෙවනත් වෙන්න කැගාපිය..

    බලද්දි වේලා තියෙන්නේ අර ගැනු කෙනාගේ අතින් මිරිස් කරලක් කැවිලා.. අන්තිමට රේදි ගලවගෙන පොඩි එකාගේ මහා එවුන් වෙඩිමෙන් දිව්වේ...

    ReplyDelete
    Replies
    1. අයියෝ මමනම් වහ ටිකක් කාලා මැරෙනවා ඔහොම දෙයක් උනොත්.මේවට ඉතින් දරුවන්ට දොස් කියන බෑ මේවා දෙමාපියන්ගේ වැරදි.පුංචි එවුන් කියන්නේ ගිරව් වගේ අනිත් අය කියන කියන දේ කියන අයනේ.

      Delete
  21. hikizzzzzzzzzzzzz halima shoyi kathawa happoi mata thama hina

    ReplyDelete
    Replies
    1. මතක් කර කර හිනා වෙනන් පුලුව්න ඔය වගේ දෙවල් ඕන තරම් තියෙනව උමා අපේ කෙල්ලො දෙන්න ගැන

      Delete
  22. දැන් කාලේ හැදෙන උන්ගැන කියල වැඩක් නෑ..... අපේ පරම්පරාවෙත් දැන් බටු ඇට සැට් එකක් ඉන්නවා කියන කථායි කරන වැඩයි දැක්කහම හිතෙනව මුන්ව ඉස්කෝලෙ යවන්නෙ නැතුව කැම්පස්ම යවන්න

    ReplyDelete
  23. නියමයි කවියෝ ඇත්තටම පොඩි උන් එක්ක ඉන්න එක ජොලි වැඩක් ඒත් උන් අහන පුරස්න වලට උත්තර දෙන්න ගියාම තමයි බං මොලේ කොලොප්පන් වෙන්නේ.....

    ReplyDelete
    Replies
    1. ඔව් අනේ ඒවට උත්තර දෙන්න ආයෙම ඉගෙන ගෙන එන්න ඕනෙ

      Delete
  24. දැන් ඉන්න පොඩිවුන්ට තියන ප්‍රශ්ණඈ...

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ මීට වැඩිය හොද හොද කතා තියෙනවා

      Delete
  25. අඩේ කවියෝ, ඔයාගේ කතාව කියවන කොට මට මගේ හැගීම් බොහොම අමාරුවෙන් තමා පාලනය කොරගත්තේ. මොකද මගේ දරුවෝ දෙන්නත් ඔයා වගේම තමා පුන්චි කාලෙ. මොනා උනත් කතාව බොහොම ලස්සනට ලියලා තියනවා.

    මන් ප්‍රර්ථනා කොරනවා ඉක්මනට ඔයාට ලස්සන දරු පැටියෙකුගේ හුරතල් බලන්න ලැබේවා කියලා.

    එකෙ අනිවාර්යයෙන්ම ඉක්මනටම සිද්ද වේවි.

    ReplyDelete
    Replies
    1. ස්තූති අය්යේ කමෙන්ටුවටයි සුභ පැතුමටයි දෙකටම

      Delete
  26. අඩේ කවියෝ, ඔයාගේ කතාව කියවන කොට මට මගේ හැගීම් බොහොම අමාරුවෙන් තමා පාලනය කොරගත්තේ. මොකද මගේ දරුවෝ දෙන්නත් ඔයා වගේම තමා පුන්චි කාලෙ. මොනා උනත් කතාව බොහොම ලස්සනට ලියලා තියනවා.

    මන් ප්‍රර්ථනා කොරනවා ඉක්මනට ඔයාට ලස්සන දරු පැටියෙකුගේ හුරතල් බලන්න ලැබේවා කියලා.

    එකෙ අනිවාර්යයෙන්ම ඉක්මනටම සිද්ද වේවි.

    ReplyDelete
    Replies
    1. හැග් මු කොහොමද දන්නේ කවියට ඉක්මනින් දරැවෙක් ලැබේයි කියලා..

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. එක තමා පුවෝ කියන්නේ හදවතින් කොරන්නාවූ ප්‍රාර්ථනාව කියලා. ඕකවත් දන්නේ නැද්ද උබ, අය්යෝ

      Delete
    4. පූවෝ එයා දොස්තර මහත්තයෙක්නේ ඉතින් එයා දන්නවා සේරම

      Delete
  27. දැක්කද පොඩිඋන්ට කියාදෙන විදිය

    ReplyDelete
    Replies
    1. ඔව් අපේ අක්ක හරි නුවනක්කාරී හි හී

      Delete
  28. ලොලේ ලොල්.... :-))

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  29. හික් හික් අනේ හයියූ..මේ කවි අක්කේ..බොට මම බොලාව දන්න දවසේ ඉදන් මොකක්ද කියන්නේ?හදපිය බබෙක් කියලනේ..අහන එකක්ද?නාකි වෙනකන් හිටු ඔහොම (දැනට කියලත් ඉතින් තරුණ නෑ).බොලා ඉතින් අනුන්ගේ බබ්බු නලවලා හරියනවද හැමදාම..බොට වමනේ යන වාරයක් වාරයක් පාසා අපි බේබි සබන් ලෑස්ති කොරන් කි පාරක් ලැස්ති වුනාද සතුට සමරන්න..ඔන්න මේ අවුරුද්දේ නම් බොලා අපේ ඉල්ලීම ඉෂ්ට කොරේ නැත්නම් පට්ට ගහනවා..

    ReplyDelete
    Replies
    1. ඉහි ඉහි කොහෙද බොල මම නාකි...? මේ අනික බේබි සබන්නම් වැඩක් නෑ හරිය මගේ බබාට ඕනේ ඊට වැඩිය වටින දෙයක්

      Delete
  30. දැන් කාලේ පොඩි එවුන් ඇත්තටම පන්ඩිතයි.

    http://meepatiya.blogspot.com/2012/08/blog-post_14.html

    පුංචිට හොඳයි රියසල් එකටත් එක්ක..නේද..?

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් පුංචිට මේ තුන්දෙනා ඇති වෙනන් රිහසල් දීලා තියෙන්නෙ. ඔන්න මම මී පැටියගෙ ගෙදරටත් ගියා

      Delete
    2. ආරංචි වුනා ඒ පැත්තෙ ආවා කියලා. තෑන්ක්ස් ආවට.

      Delete
  31. මම චුටි කාලේ මම කෙල්ලෙක් වගේලු...අදින්නෙත් ගවුම්ලු..වලලු දාන්න මාර ආසයිලු..අම්මයි ආච්චියි කිය කිය තාමත් හිනා වෙනවා..පාර අයිනේ හවසට මාව වඩාගෙන හුරතල් කර කර ඉන්නකොට පාරෙ යන අය කියනවලු හරි ලස්සන කෙලි පොඩ්ඩ කියලා..ආච්චි කියපුහාම කොල්ලෙක් කියලා කවුරුවත් පිලිගන් නැලු..පස්සේ ඉතින් කලිසම පොඩ්ඩක් උස්සලා පෙන්නවලු..ඊට පස්සේලු කට්ටිය පිලිගන්නේත.. ...බලන් ගියහම දැන් කාලේ පොඩි වුන්ට තියෙන ප්‍රශ්න ඒ කාලේ ලොකු උන්ට තිබිලද මන්ද....හික්ස්..

    ReplyDelete
  32. හයියෝ මෙයාලත් මාර වැඩ තමයි කරන්නේ නේද? ඒත් ඉතින් පාළු නෑ මෙයාලා ඉන්නකොට.

    ReplyDelete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...