හෝ ගාන වැහි කෝඩෙ
උණුහුමට ළං වෙන්න
මනමාල ඇස් ගාව
ටිකක් හුරතල් වෙන්න
පොඩි කුඩෙත් ලොකු වැඩී
තව ටිකක් ගුලි වෙන්න....
තවත් හයියෙන් ඔහොම
පිණි වැස්ස වස්සන්න
මල් කුඩේ හෙවනැල්ලෙ
ආදරය උතුරන්න
අරුංගල් දෙක මත්තෙ
දෙතොල් පෙති තවරන්න...
ළඟ ළඟම ඔය හුස්ම
මට මෙහෙම විඳගන්න
රෝස තොල් මත වැටෙන
වැහි කඳුලු අරගන්න
තව ටිකක් ආදරෙන්
මල් කුඩේ යට ඉන්න....
අනේ අප්පුච්චියේ...විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
දැන් ආයෙ බලනකොට මටත් ලජ්ජයිවගේ අප්පා...හික් හික්
Deleteට්හුක් තුක් කැත හිත හික්ස්ස්ස්ස්
ReplyDeleteලක්ෂණයි කාවයියෝ
කැත හිතින් කොහොමද බොල ලස්සන කවි ලියන්නේ?
Deleteවැස්සෙ මිස ගිණි අව්වෙ
ReplyDeleteදැනේවිද නිදහසක්..
ඒකනේ
Deleteවැස්සේ වැරැද්දනේ......
ReplyDeleteකියලා වැඩක් නෑ .. මොකට මෙහෙම වහිනවද මංදා
Delete//ළඟ ළඟම ඔය හුස්ම
ReplyDeleteමට මෙහෙම විඳගන්න
රෝස තොල් මත වැටෙන
වැහි කඳුලු අරගන්න
තව ටිකක් ආදරෙන්
මල් කුඩේ යට ඉන්න....//
ආව්ව්.......... ආස හිතෙනවා...
හී..... ඔයා එහෙම කියනකොට මට ලැජ්ජයි වගේ
Deleteශෝයි අක්කෝ ලස්සනයි...
ReplyDeleteඅක්කටත් හිතෙන්නේ මාර ඒවානේ මේ දවස් වල....;) :D
ඒක නේන්නම් චී ....මම හොද නෑ නේද?
Deleteතව ටිකක් ආදරෙන්
ReplyDeleteමල් කුඩේ යට ඉන්න....//
wow kawiyo..wahinnama oni neda mehema hithenna botath....hikzz...
නෑ නෑ පායනකොටත් හිතෙනවා වහිනවනම් හොදා කියලා
Deleteහය්යූ මේ කෙල්ල ලියන ඒවා.. :)අපිට පික්ෂු හැදෙනවානේ බං නංගියේ :)))))
ReplyDelete(සිරාවට ලස්සනයි )
හි...හී.... පිස්සුනම් හදා ගන්න එපා
Deleteමේවා මේ ඔයාට විතරක් නෙමෙයි හිතෙන්නේ හරිද මගේ අක්කේ... :)
ReplyDeleteහා හා දැන් මගෙ මල්ලිට මොන වගේ ඒවද හිතෙන්නේ කියමු බලන්න
Deleteඅපේ අප්පෝ......මට නම් බෑ...
ReplyDeleteහි හී ලැජ්ජ වෙන්න එපා අනේ
Deleteහිහි.. අනේ මාත් ආසයි අක්කේ.. හරිම ලස්සනයි..
ReplyDeleteආසයි කියලා වැස්සෙ තෙමිලා හෙම්බිරිස්සාව හදා ගන්න එහෙම එපා
Deleteඋඩරට කුමාරිය වෙත,
ReplyDeleteසීතලයි මුලු ගතට
ඊටත් වැඩියෙන් හදවතට...
කවුරුවත් නැති හද මඩල
අමු සොහොනකට දෙවෙනි නැත...
සීතලෙන් වෙව්ලනා
ඇඟිලි අවනත නෑ හිතට...
හීනියට මෝදු වෙන
දුකක් රහසේ බිඳති මා ලය...
සුසුමකට එකතු කොට
ලය දවන දුක් ගින්න
ඔබට ඇති ආදරෙන්
සනසවමි මා සිතම
සිත දවන ඒ ගින්න
නිවනු හැකි මුත් එලෙස
ගත දවන ලෝදියෙන්
මාව මුදවා ගන්නේ කෙදිනද.....
තනිවම වැස්සේ තෙමෙන ගැමියා විසින්....
ශා.... ලස්සනයි ගැමියා මල්ලිගේ කවියත්
Deleteහයියූ ලැජ්ජයි අෆ්ෆා.....
ReplyDeleteමටත්
Deleteවැස්ස නිසා පහල වුනත් ඒක නම් සුපිරි කවි පේලියක් ඈ... ආදරණීයයි...ආදරේ උතුරලා පිටාර ගලල යනවා..!!!
ReplyDeleteඅපලාදේ පිටාර ගලන එවා කෝම හරි එකතු කරගන්න ඕනෙ...
Deleteපොඩි කුඩෙත් ලොකු වැඩී තව ටිකක් ගුලි වෙන්න....
ReplyDeleteමම කියන්නම් හොදම දේ. ඔය කුඩේ ගයාන්(daddy)අයියට දීලා එයාගෙ කුඩේ අරගන්න.
හි හී එහෙමවත් කරන්න ඕනෙ බලන්න..
Deleteසත්තලන් දැක්කද මේක??
ReplyDeleteඔව් ඔව් බලලා කිව්වා ආපෝ.. මේකි මටත් වඩා වල් කියලා
Deleteහෆූ මට ඊරිසියයි :D
ReplyDeleteහය්යූ ඊලිසියා කලන්න එපා මම ඔයාට හොයලා දෙන්නම් සත්තලන් කෙනෙක්
Deleteමෙන්න කුඩේ යට ආදරේ ඉතිරෙනෝ.... ගෝල් ෆේස් එකේද මේ කියන වෙලේ හිටියෙ...
ReplyDeleteමේවා ලිව්වට මොකද ආසාවට ගෝල්ෆේස් එකේ කුඩයක් යට ඉඳලා නෑ... අෆූ මට ලැජ්ජයි එහෙම ඉන්න
Deleteමටත් ලැජ්ජයි...කෙල්ලො නම් සෑහෙන්න කථා කලා.. මම ගියෙ නෑ අපි ඔය ලැජ්ජ බයට හැදිච්ච කොල්ලො නෙව....
Deleteමෙවුවා කියෝලා අපිත් නරක් වෙනව..
ReplyDeleteහඃ..
නරක් වෙන්න ?? මේ අපේ තරියා?? හනේ පවූ
Deleteහී හී...... ෂෝයි! :)
ReplyDeleteඔව් .. ඔව් ශෝයි
Deleteඋදේ පාන්දරම අපේ හරි ඔතප් බිදිනවානේ..... අලිම වල්..
ReplyDeleteබිඳින්න බොට එහෙම එකක් තියෙනවද ?
Deleteහයියූ.. ලැජ්ජයි වගේ.. o.O
ReplyDeleteමටත් අනේ
Deleteආදරේ තියනව නම් වල් කම නැත්තෙ මොකද නේද කවියො..
ReplyDeleteඅර කිව්වත් වගේ ආදරේ උතුරලා පිටාර ගලන ලස්සන පද පේලි ටික..
හි හී මම වල් නෑ අනේ මම සෝයි...
Deleteඉතිං සෝයි උනාම තමා බන් වල් වෙන්නෙ :p
Deletehappoi matanam lajja hithuna
Delete