සඳට බැළුම් හෙලූ අය

Aug 31, 2012

මේ වැස්ස දවස් වල මටත් හිතෙන ඒවා... හයියූ.....





හෝ ගාන වැහි කෝඩෙ
උණුහුමට ළං වෙන්න
මනමාල ඇස් ගාව
ටිකක් හුරතල් වෙන්න
පොඩි කුඩෙත් ලොකු වැඩී
තව ටිකක් ගුලි වෙන්න....

තවත් හයියෙන් ඔහොම
පිණි වැස්ස වස්සන්න
මල් කුඩේ හෙවනැල්ලෙ
ආදරය උතුරන්න
අරුංගල් දෙක මත්තෙ
දෙතොල් පෙති තවරන්න...

ළඟ ළඟම ඔය හුස්ම
මට මෙහෙම විඳගන්න
රෝස තොල් මත වැටෙන
වැහි කඳුලු අරගන්න
තව ටිකක් ආදරෙන්
මල් කුඩේ යට ඉන්න....

49 comments:

  1. අනේ අප්පුච්චියේ...විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. දැන් ආයෙ බලනකොට මටත් ලජ්ජයිවගේ අප්පා...හික් හික්

      Delete
  2. ට්හුක් තුක්‌ කැත හිත හික්ස්ස්ස්ස්

    ලක්ෂණයි කාවයියෝ

    ReplyDelete
    Replies
    1. කැත හිතින් කොහොමද බොල ලස්සන කවි ලියන්නේ?

      Delete
  3. වැස්සෙ මිස ගිණි අව්වෙ
    දැනේවිද නිදහසක්..

    ReplyDelete
  4. වැස්සේ වැරැද්දනේ......

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ .. මොකට මෙහෙම වහිනවද මංදා

      Delete
  5. //ළඟ ළඟම ඔය හුස්ම
    මට මෙහෙම විඳගන්න
    රෝස තොල් මත වැටෙන
    වැහි කඳුලු අරගන්න
    තව ටිකක් ආදරෙන්
    මල් කුඩේ යට ඉන්න....//

    ආව්ව්.......... ආස හිතෙනවා...

    ReplyDelete
    Replies
    1. හී..... ඔයා එහෙම කියනකොට මට ලැජ්ජයි වගේ

      Delete
  6. ශෝයි අක්කෝ ලස්සනයි...
    අක්කටත් හිතෙන්නේ මාර ඒවානේ මේ දවස් වල....;) :D

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නම් චී ....මම හොද නෑ නේද?

      Delete
  7. තව ටිකක් ආදරෙන්
    මල් කුඩේ යට ඉන්න....//
    wow kawiyo..wahinnama oni neda mehema hithenna botath....hikzz...

    ReplyDelete
    Replies
    1. නෑ නෑ පායනකොටත් හිතෙනවා වහිනවනම් හොදා කියලා

      Delete
  8. හය්යූ මේ කෙල්ල ලියන ඒවා.. :)අපිට පික්ෂු හැදෙනවානේ බං නංගියේ :)))))
    …(සිරාවට ලස්සනයි )

    ReplyDelete
    Replies
    1. හි...හී.... පිස්සුනම් හදා ගන්න එපා

      Delete
  9. මේවා මේ ඔයාට විතරක් නෙමෙයි හිතෙන්නේ හරිද මගේ අක්කේ... :)

    ReplyDelete
    Replies
    1. හා හා දැන් මගෙ මල්ලිට මොන වගේ ඒවද හිතෙන්නේ කියමු බලන්න

      Delete
  10. අපේ අප්පෝ......මට නම් බෑ...

    ReplyDelete
    Replies
    1. හි හී ලැජ්ජ වෙන්න එපා අනේ

      Delete
  11. හිහි.. අනේ මාත් ආසයි අක්කේ.. හරිම ලස්සනයි..

    ReplyDelete
    Replies
    1. ආසයි කියලා වැස්සෙ තෙමිලා හෙම්බිරිස්සාව හදා ගන්න එහෙම එපා

      Delete
  12. උඩරට කුමාරිය වෙත,

    සීතලයි මුලු ගතට‍
    ඊටත් වැඩියෙන් හදවතට...
    කවුරුවත් නැති හද මඩල
    අමු සොහොනකට දෙවෙනි නැත...

    සීතලෙන් වෙව්ලනා
    ඇඟිලි අවනත නෑ හිතට...
    හීනියට මෝදු වෙන
    දුකක් රහසේ බිඳති මා ලය...

    සුසුමකට එකතු කොට
    ලය දවන දුක් ගින්න
    ඔබට ඇති ආදරෙන්
    සනසවමි මා සිතම

    සිත දවන ඒ ගින්න
    නිවනු හැකි මුත් එලෙස
    ගත දවන ලෝදියෙන්
    මාව මුදවා ගන්නේ කෙදිනද.....

    තනිවම වැස්සේ තෙමෙන ගැමියා විසින්....

    ReplyDelete
    Replies
    1. ශා.... ලස්සනයි ගැමියා මල්ලිගේ කවියත්

      Delete
  13. හයියූ ලැජ්ජයි අෆ්ෆා.....

    ReplyDelete
  14. වැස්ස නිසා පහල වුනත් ඒක නම් සුපිරි කවි පේලියක් ඈ... ආදරණීයයි...ආදරේ උතුරලා පිටාර ගලල යනවා..!!!

    ReplyDelete
    Replies
    1. අපලාදේ පිටාර ගලන එවා කෝම හරි එකතු කරගන්න ඕනෙ...

      Delete
  15. පොඩි කුඩෙත් ලොකු වැඩී තව ටිකක් ගුලි වෙන්න....
    මම කියන්නම් හොදම දේ. ඔය කුඩේ ගයාන්(daddy)අයියට දීලා එයාගෙ කුඩේ අරගන්න.

    ReplyDelete
    Replies
    1. හි හී එහෙමවත් කරන්න ඕනෙ බලන්න..

      Delete
  16. සත්තලන් දැක්කද මේක??

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් බලලා කිව්වා ආපෝ.. මේකි මටත් වඩා වල් කියලා

      Delete
  17. හෆූ මට ඊරිසියයි :D

    ReplyDelete
    Replies
    1. හය්යූ ඊලිසියා කලන්න එපා මම ඔයාට හොයලා දෙන්නම් සත්තලන් කෙනෙක්

      Delete
  18. මෙන්න කුඩේ යට ආදරේ ඉතිරෙනෝ.... ගෝල් ෆේස් එකේද මේ කියන වෙලේ හිටියෙ...

    ReplyDelete
    Replies
    1. මේවා ලිව්වට මොකද ආසාවට ගෝල්ෆේස් එකේ කුඩයක් යට ඉඳලා නෑ... අෆූ මට ලැජ්ජයි එහෙම ඉන්න

      Delete
    2. මටත් ලැජ්ජයි...කෙල්ලො නම් සෑහෙන්න කථා කලා.. මම ගියෙ නෑ අපි ඔය ලැජ්ජ බයට හැදිච්ච කොල්ලො නෙව....

      Delete
  19. මෙවුවා කියෝලා අපිත් නරක් වෙනව..
    හඃ..

    ReplyDelete
    Replies
    1. නරක් වෙන්න ?? මේ අපේ තරියා?? හනේ පවූ

      Delete
  20. හී හී...... ෂෝයි! :)

    ReplyDelete
  21. උදේ පාන්දරම අපේ හරි ඔතප් බිදිනවානේ..... අලිම වල්..

    ReplyDelete
    Replies
    1. බිඳින්න බොට එහෙම එකක් තියෙනවද ?

      Delete
  22. හයියූ.. ලැජ්ජයි වගේ.. o.O

    ReplyDelete
  23. ආදරේ තියනව නම් වල් කම නැත්තෙ මොකද නේද කවියො..

    අර කිව්වත් වගේ ආදරේ උතුරලා පිටාර ගලන ලස්සන පද පේලි ටික..

    ReplyDelete
    Replies
    1. හි හී මම වල් නෑ අනේ මම සෝයි...

      Delete
    2. ඉතිං සෝයි උනාම තමා බන් වල් වෙන්නෙ :p

      Delete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...