සඳට බැළුම් හෙලූ අය
Jul 2, 2016
රාධා ක්‍රිශ්ණා !
යමුනා ඟංතෙර ලා දම් පාටයි
මේ හැන්දෑවම පෙම්බර පාටයි
සඳ ඉහිරෙනකොට නිල් දිය තල මත
ඉහිලුම් නෑ රාධා....
වෘන්දා වනයම සීතල යහනයි
හිමාලයේ හිම උණුහුම සාදයි
වස්ඳඩු රාවය සවන් වැකෙනකොට
ඉහිලුම් නෑ ක්‍රිශ්ණා.....
හෝපලු තුරු මැද පෙම් රජ දහනයි
පිච්ච මලින් කල මංගල යහනයි
සැතපෙන්න ඉතින් රාධා....
මේ සඳ තරු හා හොරෙන් බලාවී
අපෙ සෙනෙහස මුලු ලොවට කියාවී
ඉවසන්න ටිකක් ක්‍රිශ්ණා...
ඔය රුව ළඟ තුන් හිතම පිපාසයි
ලවනත මධු මී සිඹින්න ආසයි
නිල් දිය මත තව රඟන්න රාධා....
වස්ඳඩු රාවේ හරි ශෘංගාරයි
මිනිමෙවුලට දැන් ඉවසුම් නෑමයි
උකුල් තලාවට වඩින්න ක්‍රිශ්ණා....
Subscribe to:
Post Comments (Atom)
දිනූ මගේ යකෝව්....!
මෝඩ තරිඳු බැලුවාය.කෙටියෙන්ම කියනවා නම් මරුය..මරේ මරුය.සතියේ දවසක 7.30 ශෝ එකද හවුස්ම ෆුල් ය.මියුසික් අතිවිශිෂ්ටය..හැමෝගෙම ඇක්ටිං ද එහෙමය.මං ...
-
මේ දවස්වල මගේ සාමාන්‍ය දින චරියාව සේරම අන්ජබජල් වෙලා. අනේ කාටවත් කිසිම කරදරයක් නැතුව කතාවක් කවියක් ලියාගෙන සිංදුවක් අහගෙන ඉඳලා හිටලා සත්තර...
-
මෝඩ තරිඳු බැලුවාය.කෙටියෙන්ම කියනවා නම් මරුය..මරේ මරුය.සතියේ දවසක 7.30 ශෝ එකද හවුස්ම ෆුල් ය.මියුසික් අතිවිශිෂ්ටය..හැමෝගෙම ඇක්ටිං ද එහෙමය.මං ...
-
අද මැයි මාසේ 17 වෙනිදා.... අද වගේ දවසක ඔයා මේ ලෝකේ එළිය දකිනවා අද වගේම දවසක මම ඔයාගේ ලෝකෙට එළිය අරන් එනවා ( ඒ ඔයා කියන විදිය ) ඔව්... ඒ ...

ලස්සනයි...
ReplyDeleteබොහොම ස්තූති
Delete