අදත් ඉඳහිට හවස්වරු වල
ඇවිද යනකොට පුරුදු මඟතොට
මතක තියෙනව අපට අමතක
වෙලා තැන තැන ලිහී විසුරුණ
සියක් දහසක් උකුසු ඇසඟින්
ඉඳුල් වන්නට නොදී ප්‍රේමය
එදා අප හමුවෙලා රහසින්
ඇවිද ගියෙ මේ වෙරළ පාරින්
ලැවීනියා හෝටලය පාමුල
බිඳී විසිරෙන රළක් ගානෙම
දැනන් උන්නා එදා අපෙ පෙම
වැටුණු උණු උණු කඳුළු ගානට
ආදරේ ලේ පාට හාදුව
මෙන්න මෙතනදි එදා ඔබ දුන්
තාම තෙත සළකුණක් වාගෙයි
සත්තමයි ගෙල මුල රිදුම් දෙන
කරදියට මුහු වෙච්ච හුළඟේ
ඇවිත් විසිරුව කෙස් කැරැල්ලක
අදත් තිබුනා එදා ඔබ දුන්
හාදුවක ආදරේ ලුණු රස
අහස් ගඟ කෙළවරින් මුහුදට
කඩං වැටුනා ඉරේ රැස් කඳ
එදා වාගෙම අදත් දැනුනා
වෙන්ව යන්නට නිමේශය වග
අදත් හිමිහිට ඇවිද යනකොට
වෙරළ තීරයෙ මතක මං පෙත
හොරෙන් නැවතී බලනවා අපෙ
ආදරේ රස රහස් සැඟවුන
ඉඳුල් වන්නට නොදී ප්‍රේමය
එදා අප හමුවෙලා රහසින්
ඇවිද ගියෙ මේ වෙරළ පාරින්
ලැවීනියා හෝටලය පාමුල
බිඳී විසිරෙන රළක් ගානෙම
දැනන් උන්නා එදා අපෙ පෙම
වැටුණු උණු උණු කඳුළු ගානට
ආදරේ ලේ පාට හාදුව
මෙන්න මෙතනදි එදා ඔබ දුන්
තාම තෙත සළකුණක් වාගෙයි
සත්තමයි ගෙල මුල රිදුම් දෙන
කරදියට මුහු වෙච්ච හුළඟේ
ඇවිත් විසිරුව කෙස් කැරැල්ලක
අදත් තිබුනා එදා ඔබ දුන්
හාදුවක ආදරේ ලුණු රස
අහස් ගඟ කෙළවරින් මුහුදට
කඩං වැටුනා ඉරේ රැස් කඳ
එදා වාගෙම අදත් දැනුනා
වෙන්ව යන්නට නිමේශය වග
අදත් හිමිහිට ඇවිද යනකොට
වෙරළ තීරයෙ මතක මං පෙත
හොරෙන් නැවතී බලනවා අපෙ
ආදරේ රස රහස් සැඟවුන
හ්ම්ම්.. ප්‍රේමය විරහවක්.. කවියට උල්පතක් කියන්නේ නිකං යෑ!
ReplyDeleteහම්මේ තාම ඉන්නවා නේද ... සතුටුයි මෙහෙ යන එන බව දැන ගත් එකට, හ්ම්ම් ඒකනේ විරහව මොන තරම් සොඳුරුද අප්පා
Delete