සඳට බැළුම් හෙලූ අය

Aug 13, 2016

මමත් අම්මෙක් !


( අතුරුදහන් වූ තම පුතු සොයා ගම් වැදුණු ඇතින්නකගේ විලාපය )

විදුලි වැට මරු කපොල්ලෙන් පැන ගමට ආ මුත් බෝ කිපී
ගිනි බිඳින්නට එපා ගම් වැදුනායි කියමින් වල් අලී
රෑන මඟහැරි මගේ පොඩි පුතු කොහේ ගියෙදැයි නොම දනී
අනේ මහතුනි කියනවද මට දුටුවදැයි රංකැටි පුතූ

රැහේ උන් තේජස්ම ඇත්තෝ ලීලෙ පෑවට ළං වෙවී
මවක් වෙන්නට කල් ගියා බෝ අවුරුදුම හත අට ගෙවී
අන්තිමේ මහ සියඹලාවට බාරවී තුන් මසකුත් ගෙවී
ඊට පස්සෙයි පුතේ උඹ මගෙ බඩට ආවේ පේ වෙවී

කුළේ මහ සද්ධන්ත වූවට හිතේ නෑ ඒ හැටි සවී
හිරකරන් දුක ඉන්න හැදුවට කඳුළු ඇස් අස්සෙන් පනී
උඹට දෙන්නට උනන කිරි ටික කඳුළු එක්කම යයි හැලී
අනේ මට මගෙ පුතා දීපන් පපුව යන්නට පෙර පැලී

සිදාදියෙ මහ එකෙකු ඇවිදින් අරන් ගියෙදෝ මගෙ පුතූ
පෑඟිලා මුන් ඇටවු උගුළක ගැලවෙන්න බැරිදෝ පුතූ
වැටී මහ රෑ වගා ළිඳකට හුස්ම හිරවුනිදෝ පුතූ
අනේ කොහෙ සිට හෝ අඬාපන් අම්ම ආවා මගෙ පුතූ

9 comments:

  1. අතරමං වී එදා මම ඔබ සෙව්වේ කදුලැලි සල සලා
    වතුර බිව්වත් ඔබේ කිරි වල රසය නැත අමතකවෙලා
    වැතිර ඉද්දී කැලෑවේ මිනිසුන් ඇවිත් කරුණාවෙලා
    නතර කෙරුවා පන්සලේ එනු අම්මේ මම ඉමි මග බලා......
    ........අලි පුතා.....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූති පිලිතුරු කවත් බොහොම අපූරුයි...

      Delete
  2. //කුළේ මහ සද්ධන්ත වූවට හිතේ නෑ ඒ හැටි සවී
    හිරකරන් දුක ඉන්න හැදුවට කඳුළු ඇස් අස්සෙන් පනී
    උඹට දෙන්නට උනන කිරි ටික කඳුළු එක්කම යයි හැලී
    අනේ මට මගෙ පුතා දීපන් පපුව යන්නට පෙර පැලී//

    මනුස්සයාට වගේම දරුදුක දන්න ජාතියක් තමයි අලි ඇත්තු. මේ වචන ටිකට සංවේදී වෙන හිතක් තියෙන කෙනෙක් මේ දේවල් කවදාවත් කරන එකක් නැහැ.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඔව් ... කොයි අම්මටත් දැනෙන්නෙ දරු දුක එකම විදියට, ඒක සිව්පා උනා කියලා වෙනසක් නෑ, බොහොම ස්තූති ඉයන්

      Delete
  3. //උඹට දෙන්නට උනන කිරි ටික කඳුළු එක්කම යයි හැලී
    අනේ මට මගෙ පුතා දීපන් පපුව යන්නට පෙර පැලී///

    සංවේදී කවි ටිකක්...

    ReplyDelete
  4. සංවේදී කවි පෙලක්.

    නිතර දැනෙනා නුබේ උණුහුම සියෝලගම මා කිතිකවයි
    තුරුල්ලේ හිද බීව කිරිවල රසය දිව අග යලි දැනෙයි
    මග බලන් ඉන්නේ අම්මේ තුරුල් වෙන්නට පෙරලෙසින්
    එන්න බෑ මට පාලුවෙන් මම වැට කඩොලු මේ බොහෝමයි.....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූති මේ දෙන දිරියට.

      Delete
  5. 'අනාත මාරුතේ,,,,කුනටු සාගරේ,,, දිවිය තියෙන තුරු ,,,ඔබයි ආදරේ' සීමාසහිත බැවින් මට මග ඇරුනු රූකාන්තගේ මුවින් පිටවුනු සුන්දර වදන් පෙලක්

    ඔබට ජය​

    ReplyDelete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...