සඳට බැළුම් හෙලූ අය
Aug 16, 2016
රෑ මනාළී මලක් !
නිශාචර මත් ඹබරු
රූං ගා ඇදෙනා
පාලු මාවතක ,
පහන් කණුවක් යටින්
මල් සුවඳ හැමුවා
විස්කි වඩියකට කට
ගැස්ම මේ හැගුණා
ඇසිල්ලෙන් ,
අඳුන් තවරාපු ඇස්
වලින් ඉඟි කෙරුවා
සෙයිළමේ මත් ඹබරු
පපුව උඩ වැහුවා
සත්තමයි ,
අප්පා නැති පොඩි එකා
'අම්මේ ' කියනවා ඇහුනා
රැයක් නිවෙනා තුරා
උන් මාව වින්දා
අන්තිමට ,
නිල් මොනරු හිනැහෙමින්
මගෙ කඳුළු ඉම්ඹා
Subscribe to:
Post Comments (Atom)
දිනූ මගේ යකෝව්....!
මෝඩ තරිඳු බැලුවාය.කෙටියෙන්ම කියනවා නම් මරුය..මරේ මරුය.සතියේ දවසක 7.30 ශෝ එකද හවුස්ම ෆුල් ය.මියුසික් අතිවිශිෂ්ටය..හැමෝගෙම ඇක්ටිං ද එහෙමය.මං ...
-
මේ දවස්වල මගේ සාමාන්‍ය දින චරියාව සේරම අන්ජබජල් වෙලා. අනේ කාටවත් කිසිම කරදරයක් නැතුව කතාවක් කවියක් ලියාගෙන සිංදුවක් අහගෙන ඉඳලා හිටලා සත්තර...
-
අද මැයි මාසේ 17 වෙනිදා.... අද වගේ දවසක ඔයා මේ ලෝකේ එළිය දකිනවා අද වගේම දවසක මම ඔයාගේ ලෝකෙට එළිය අරන් එනවා ( ඒ ඔයා කියන විදිය ) ඔව්... ඒ ...
-
සුන්දර සුවබර බිනර මාසයක් වේවා ඔයාලට!💐💐💐 බොහොම අවිවේකී සති අන්තයකට පස්සෙ සදුඳාට එළිය වැටුනේ අලුත් මාසයක් එක්කමයි.සැප්තැම්බර් ඒ කියන්නෙ ...

හැම දෙයක්ම කරනුයේ
ReplyDeleteලැබ ගන්න නිල් මොනරු.
අපූරු කවියක්.
ජයවේවා!!!
හ්ම්ම් ඔව් එක්තරා කටුක යථාර්තයක්...
Deleteහ්ම්...
ReplyDeleteමොකද අනේ හ්ම්ම් විතරක්
Delete