සඳට බැළුම් හෙලූ අය
Oct 17, 2016
හඳ පළුව තනි තරුව !
මේ කතාව නිශ්ශංක විජේමාන්නයන්ගේ මා විසින් කල දෙවෙනි කියවීමයි, ගිය වසරේ තාරා මගේ දෙව්දුව කියවා ලද සතුට කැමැත්ත නිසාම මේ පොත අර ගත්තා.බොහොම ලස්සන පිටකවරයක් , අපූරු හුරුබුහුටි පොතක්.පිටින් දකින ඒ ලස්සන හුරුබුහුටි කම කතාව තුලත් බොහොම අපූරුවට ගලා ගෙන යනව.එක හුස්මට කියවන්න පුලුවන් ගතිය තියෙනව. ඒත් කලබලෙන් කියෙව්වොත් පොඩ්ඩක් පැටලැවෙන්නත් පුලුවන්.ඒ නිසා බොහොම සීරුවට කියවන්න ඕනෙ.කතාවෙ මුල පටන් ගන්නෙ ඉවර වෙන්න ඕන තැනින්.ඒ නිසාම මම අන්තිම කියවලා ඉවර වෙලා ආපහු මුල පරිච්ජේදය කියෙව්වා.එතකොට තමයි කතාව සම්පූර්ණයි කියල මට දැනුනෙ.
1818 වර්ෂයේ සිදුවීමක්, 1974 වර්ෂයේ සිදුවීමක් ඒ සේරම වර්තමානය හා බද්ධ වෙච්ච කතන්දරයක් හරිම අපූරුවට ගලාගෙන යනව.මේ සේරම අස්සෙ යටි පෙළින් ජාතිය , ආගම , දේශපාලනය වගේ සමාජීය ප්‍රශ්නත් කතාවෙනව.කොහොම උනත් අවසානයේ රසවත් හරවත් කතාවක් කියෙව්ව කියන සැනසීම හිතට දැනෙන කතාවක්.
මොහොමඩ් අනිල් සත්‍යානන්දන් මේ තමා අපේ කතාවේ නායකය.සිංහලත් නොවන දමිළත් නොවන මුස්ලිමුත් නොවන මොහු කවුද.? ඒක හොයා ගන්න කතාව කියවන්නම වෙනව ඉතින්.
'' හඳ පළුව තනිතරුව මගේ කැලිග්රැෆියයි.මා පෙන්වන්නේ අකුරු හා වදන් පමණි. සිතුවම ඔබේ හදේ ඇඳේනම් මගේ චාරුලේඛනමය උත්සහය ගැන මට සතුටු විය හැක.''
පොත ගැන කතුවරයා අපිට කියන්නේ අන්න එහෙමයි.
නිශ්ශංක විජේමාන්න
විදර්ශන ප්‍රකාශන
මිල - 400
Subscribe to:
Post Comments (Atom)
දිනූ මගේ යකෝව්....!
මෝඩ තරිඳු බැලුවාය.කෙටියෙන්ම කියනවා නම් මරුය..මරේ මරුය.සතියේ දවසක 7.30 ශෝ එකද හවුස්ම ෆුල් ය.මියුසික් අතිවිශිෂ්ටය..හැමෝගෙම ඇක්ටිං ද එහෙමය.මං ...
-
මේ දවස්වල මගේ සාමාන්‍ය දින චරියාව සේරම අන්ජබජල් වෙලා. අනේ කාටවත් කිසිම කරදරයක් නැතුව කතාවක් කවියක් ලියාගෙන සිංදුවක් අහගෙන ඉඳලා හිටලා සත්තර...
-
මෝඩ තරිඳු බැලුවාය.කෙටියෙන්ම කියනවා නම් මරුය..මරේ මරුය.සතියේ දවසක 7.30 ශෝ එකද හවුස්ම ෆුල් ය.මියුසික් අතිවිශිෂ්ටය..හැමෝගෙම ඇක්ටිං ද එහෙමය.මං ...
-
අද මැයි මාසේ 17 වෙනිදා.... අද වගේ දවසක ඔයා මේ ලෝකේ එළිය දකිනවා අද වගේම දවසක මම ඔයාගේ ලෝකෙට එළිය අරන් එනවා ( ඒ ඔයා කියන විදිය ) ඔව්... ඒ ...

අතට ගත්තත් කියවගන්න වෙලාවක් හොයාගන්න බැරුවයි ඉන්නෙ.
ReplyDeleteඉක්මනින්ම කියවන්න ඕන
කියවන්න වටින පොතක්... ඒ නිසා කියවලා බලන්න
Deleteශානි මේ පොත ගැන වැදගත්ම දේ දාල තියෙන්නේ අන්තිමට. ඒ තමයි " මිළ"
ReplyDeleteජයවේවා!!!
එහෙම තමා හොදම දේ අන්තිමට , හි හී
Deleteබලමු පොත හොයාගන්න.
ReplyDeleteහොයන් කියවන්ඩෝ
Deleteකළු කිරිල්ලීට පස්සෙ නිශ්ශංකගෙ පොතක් කියවන්ට බැරිවුනා....:(
ReplyDeleteමටනම් එයාගේ පොත් රහයි, මම සේරම හොයන් කියවන්න හිතා ගත්තා
Deleteකියවන්ට බැරිවුනා කිව්වෙ පොතක් හම්බවුනේ නෑ කියන එක..පොත් නීරසයි කියන එක නෙවෙයි...:)
Delete