සඳට බැළුම් හෙලූ අය

Nov 27, 2016

ලලනායනය !




(නිමිත්ත - උපුල් ශාන්ත සන්නස්ගලයන්ගේ ලලනායනය කියවා අහවර )

විමානයෙන් බට දෙව්ලිය සිරි මවන
පරසතු උයනෙ පිපි කුසුමකි සුදු උවන
පද්දා සිහින් ඉඟ පා කිංකිණි සලන
සඳවත සඳිසි මගෙ අහසට වැඩි අඟන......

සදුන් තෙත රැඳුණු නිල් වරළ පිල් විදන
මා මනස් විල මැද්දෙ හංස තුඬු රඟන
මිණිමෙවුල නූපුරය කිංකිණිද මුදන
මහනෙලකි නුඹ මගේ සාධු සිත බිඳින......

මුවැත්තිය සඳිසි නිල් තිගැස්සෙන නයන
දුටුවිටදි ඇවිලේවි විතරාගී දැහැන
ස්වයං සංයමය දඩබිමක වෙස් දරණ
හැඟුම් සළිතව යාවි මුහු වෙලා පවන......

නෑඹුල් මලක මල් කෙමියක රස මවන
මී පැණි ගුලාවකි ලා රතු පෙති සිඹින
යෞවන මදය මන්මත් කරවන සොබන
සඳ දිය යටම සාදන්නද මධු යහන......

12 comments:

  1. සුන්දරයි.....................

    ReplyDelete
  2. ලස්සනයි.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. අද කවියක් නැති එකනම් පුදුමයි... හි හී .. ජය ඔයාටත්

      Delete
    2. ඇස් දෙක වුණත් රුව ඇති දෙය වෙත ඇදිලා
      තිස් සෙම දුවයි හිමි හැම දේ අත් හැරලා
      ලස් සන පද රැඳුන ශානිගෙ කවි දැකලා
      ඉස් සර වගේ කවි බෑ මා වසඟ වෙලා.......

      ජයවේවා!!!

      Delete
    3. දුමින්දගේ මේ හිටිවන කවි දැකලා
      මොනවා ලියන්නද තව, මම යමි අත වනලා

      Delete
    4. දුමීගෙ චින්තකගෙ මේ රස කවි දැකලා
      මගෙ කවි මොන කවිද මං අඬනව වැටිලා

      Delete
    5. ප්‍රභාත් පැමිණ ගියෙ ආපසු අත වනලා
      ශානිත් අඬයි මේ හොල්මන් කවි දැකලා
      තාමත් පමා නැත අපි තිදෙනා එකතුවෙලා
      ආයිත් සෙත් පතමු කවියෙන් නැහැවීලා.....

      ජයවේවා!!!

      Delete
  3. සඳවතුයගේ වචන හැම මොහොතෙම ශෘංගාරාත්මකයි.

    ReplyDelete
    Replies
    1. ම්ම්ම් ඔව්නෙ මේ ටිකේම ලියවුනේ එහෙම එව්වා තමා.

      Delete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...