සඳට බැළුම් හෙලූ අය

Dec 25, 2016

පිවිතුරුම පැතුමක් !





                                                මීඳුම ගළන මහ පාන්දරක
                        හීතළම..... හීතළ.....
                        හිම බිංඳුවක් එක්ක
                        ඔබ කඩා වැටෙන්න මගේ
                        හිත මත්තට
                        ආදරෙත් මහ හුඟා........ක්
                        අරගෙන.....
                                    

                                            

15 comments:

  1. දවස් ගානක් මම හිටියෙ
    මග බලාගෙන....
    ඒ හිම හීතල දෝරෙ ගලනකන්
    ඉතින් දැන් මම එනවා
    ආදර.... උණුහුමක.....
    හිරු කිරණයක් රැගෙන
    දැකගන්න මගේ
    ආදරීගේ ඇස් දෙක......

    ලස්සනයි ශානි.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතී දුමී හැමදාමත් වගේ මගේ කවි ඉස්සෙල්ලාම කියවලා අදහස් දක්වන එකට.

      Delete
    2. අදහස් දක්වන්න තරම් ශානිගෙ කවි හැඟුම්බරයි. ආදරබරයි. කියවද්දී ඉබේම පිළිතුරක් මතක්වෙනවා.
      (ශානි. මේ වෙනකොට තවත් බ්ලොග් සහෝදරියක් බ්ලොග් ළෝකෙන් යන්න ගිහින්. ඒක හොදටම මට දැණුනු හින්දා මේ කියන්නේ. දිගට ලියන්න. නිතර නොලිව්වත් නතර නොවී බ්ලොග් ලෝකේ ඉන්න පුලුවන්නම්.)

      ජයවේවා!!!

      Delete
    3. ස්තූතී ඔයාට ආයෙමත්. ම්ම්ම් ඔව් මමත් කාලයක් නිහඬ වෙලා හිටියා කාලයක් කිව්වේ අවුරුදු හතරකට පස්සෙයි ආයෙමත් බ්ලොග් එක දූවිලි ගසල කරල ගත්තේ.බලමු දිගටම රැඳෙන්න තමා මගෙත් අදහස.

      Delete
  2. හිම පියල්ලක්....????
    :)

    ReplyDelete
    Replies
    1. මම එහෙම ලියලා නැතෝ

      Delete
    2. මම හිතුවෙ පිනි බිංදුයි, හිම පියලියි තියෙන්නෙ කියල...කමක් නෑ ඉඳලා හිටලා හුඟා....ක් ආදරේ අරන් හිම පියලි වෙනුවට හිම බිංදු වැටෙනව නං ඉතිං...!
      :)

      Delete
    3. ම්ම්ම් ඔව් ඔව් හිම පියලි පිණි බිංඳු .. මම පොඩ්ඩක් සම්මතය වෙනස් කලා

      Delete
  3. මේ සීත කාලේ හිතෙන දේවල් ඇත්තට

    ReplyDelete
    Replies
    1. ඒකනේ සීත කාලෙට නොලියවෙන කවි මොකටද අප්පා හි හී

      Delete
  4. ශානි ගේ සමහර කවි වලට වචනයෙන් කියන්න දෙයක් නැහැ මම වගේ කවි පබඳින්න බැරි කෙනෙකුට. ඒවා වද්දගන්න පුලුවන් හිත ඇතුලට. ඔය සිතිවිල්ල හිතුන කෙනාගේ ඒ මොහොතේ සිත චිත්‍රණය කරන්න මාධ්‍යයක් නැහැ

    ReplyDelete
    Replies
    1. ස්තූතී ඔයාට .. නරකද විස්කි වඩියක් බොන ගමන් කවි ලියන්නත් ට්‍රයි කලොත්

      Delete
    2. ලියාපුවා නැතුවත් නෙවෙයි

      Delete
  5. ආදරේ බර වැඩිවෙලා හිම බින්දුව දියවෙලා ගියොත්......

    ReplyDelete
    Replies
    1. මලක් කියන්නෙ ඉතින් ඒ දුක දරා ගන්නම උපන් කෙනෙක්නෙ.

      Delete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...