සඳට බැළුම් හෙලූ අය
Dec 30, 2016
විඳිනු මැන වසන්තය !
ඉතින් මේ ගෙවෙන්නේ මේ වසරේ අවසන් පැය කිහිපයයි.එක දිගටම කවි දාපු නිසා අද ලියන්න හිටියේ කතාවක් උනත් ඒක ටිකක් පහු කරන්න හිතුවා.ඉතින් මේ කවියෙන් මේ වසර අවසාන කරනවා.2017 වසන්තය විඳින්න සූදානම් වෙන බ්ලොග් වාසී සියලුම දෙනාට සියලු පැතුම් ඉටුවන වාසනාවන්ත නව වසරකට සඳවතී හදවතින්ම පැතුම් ගේනවා.
සිසිරයට අමතක වෙච්ච
පුංචි හිම පියල්ලක්
දේවදාර ගස් මුඳුනක
යාන්තං රැදී නොරැදී
හිරුත් එක්ක හිනැහෙන්න
වෙරදරන අපූරුව - දුටුවාද
වසන්තයේ විකසිත
රෝස පොහොට්ටුවක් මත
මනමාල කම් කරන
ඉලංදාරි සමනළයෙක්
නොරිද්දා රෝස පෙති
ආදරේට හාදුවක් තබන අපූරුව - දුටුවාද
ගිම්හානයේ ගිලන් වෙච්ච
මලානික තණපතක් අග්ඟිස්සේ
තැවරිච්ච තුෂර බිඳුවක්
මියෙන්නට ආසන්න ඒ පුංචි තණ පතට
හුස්ම එක ඇබිත්තක් පොවන්නට
වෙරදරන අපූරුව - දුටුවාද
සරත් සමයට ඉපල් වෙච්ච
වැලපෙන විලෝ ගසක
ඉතිරිවෙච්ච එකෝමෙක කොළයක්
සුළං කෝඩයක් එක්ක
නැළවි නැළවී හරි හරියට
දඟ කරන අපූරුව - දුටුවාද
Subscribe to:
Post Comments (Atom)
රංකඳ රාවණා !!
ඔන්න කාලෙකට පස්සෙ මගේම බ්ලොග් එක මටම මතක් වෙලා මේ පැත්තට ආවා.හදිස්සියෙම එන්න හිතුනෙ නම් මගේ ජීවිතේ තවත් හීනයක් සැබෑ වීමක් ගැන පුංචි ආරංචිය...
-
මේ දවස්වල මගේ සාමාන්‍ය දින චරියාව සේරම අන්ජබජල් වෙලා. අනේ කාටවත් කිසිම කරදරයක් නැතුව කතාවක් කවියක් ලියාගෙන සිංදුවක් අහගෙන ඉඳලා හිටලා සත්තර...
-
අද මැයි මාසේ 17 වෙනිදා.... අද වගේ දවසක ඔයා මේ ලෝකේ එළිය දකිනවා අද වගේම දවසක මම ඔයාගේ ලෝකෙට එළිය අරන් එනවා ( ඒ ඔයා කියන විදිය ) ඔව්... ඒ ...
-
ඔන්න ඉතින් ඔයාලට මතක ඇතිනේ මේ ළඟදී මං ගිය පොදු ගමනාගමනයේ චාරිකාව. ඒක කොයි තරං ජොලිද කියනවනම් තාමත් මගේ දකුණු අත උස්සනක...
එසේම වේවා !
ReplyDeleteජය බෝලී නාත් ....
ජයෙන් ජයම වේවා
Deleteශානි 2016 අවසන් කරලා තියෙන්නෙත් ලස්සනම ලස්සනම කවියකින්නේ.
ReplyDeleteසුන්දර සිහින එකිනෙක නෙත ළංවේවා
පුන්සඳ වගේ නව අදහස් බැබළේවා
මන්මත් කෙරෙන කවි සිතුවිලි බිහිවේවා
පින්බර දෙදාස් දා හත නිති සුභවේවා........
ජයවේවා!!!
ස්තූතී දුමී.... ඔයාටත් සුබම සුබ නව වසරක් වේවා
Delete2017 සඳවතියට සොඳුරු අවුරුද්දක් වේවා...!
ReplyDeleteඔබටත් එසේම වේවා
Deleteසුබ අළුත් අවුරුද්දක් වේවා...!
ReplyDeleteඔබටත් එසේම වේවා
DeleteThis comment has been removed by the author.
ReplyDeleteලස්සනම ලස්සන පද පෙළ....
ReplyDeleteසුභ නව වසරක් වේවා...
ස්තූති නිර්මාණී.... ඔබටත් එසේම වේවා
Deleteසොඳුරු පද පෙළක්...
ReplyDeleteසුබ නව වසරක් වේවා ශානි...
ඔයාටත් එසේම වේවා
Deleteසුබ ම සුබ නව වසරක් සඳවතියේ..
ReplyDeleteඔයාටත් එසේම වේවා යාලුවේ
Deleteසුභ නව වසරක්......
ReplyDeleteබොහොම ස්තූතී
Deleteසුබ නව වසරක් වේවා සඳවතී..!
ReplyDeleteබොහොම ස්තූතී මේ පැත්තට ආවට ඔබටත් සුබ නව වසරක් වේවා
Delete