සඳට බැළුම් හෙලූ අය

Dec 30, 2016

විඳිනු මැන වසන්තය !








ඉතින් මේ ගෙවෙන්නේ මේ වසරේ අවසන් පැය කිහිපයයි.එක දිගටම කවි දාපු නිසා අද ලියන්න හිටියේ  කතාවක් උනත් ඒක ටිකක් පහු කරන්න හිතුවා.ඉතින් මේ කවියෙන් මේ වසර අවසාන කරනවා.2017 වසන්තය විඳින්න  සූදානම් වෙන  බ්ලොග් වාසී සියලුම  දෙනාට සියලු පැතුම් ඉටුවන වාසනාවන්ත නව වසරකට සඳවතී හදවතින්ම  පැතුම් ගේනවා.

සිසිරයට අමතක වෙච්ච
පුංචි හිම පියල්ලක්
දේවදාර ගස් මුඳුනක
යාන්තං රැදී නොරැදී
හිරුත් එක්ක හිනැහෙන්න
වෙරදරන අපූරුව - දුටුවාද

වසන්තයේ විකසිත
රෝස පොහොට්ටුවක් මත
මනමාල කම් කරන
ඉලංදාරි සමනළයෙක්
නොරිද්දා රෝස පෙති
ආදරේට හාදුවක් තබන අපූරුව - දුටුවාද

ගිම්හානයේ ගිලන් වෙච්ච
මලානික තණපතක් අග්ඟිස්සේ
තැවරිච්ච තුෂර බිඳුවක්
මියෙන්නට ආසන්න ඒ පුංචි තණ පතට
හුස්ම එක ඇබිත්තක් පොවන්නට
වෙරදරන අපූරුව - දුටුවාද

සරත් සමයට ඉපල් වෙච්ච
වැලපෙන විලෝ ගසක
ඉතිරිවෙච්ච එකෝමෙක කොළයක්
සුළං කෝඩයක් එක්ක
නැළවි නැළවී හරි හරියට
දඟ කරන අපූරුව - දුටුවාද

19 comments:

  1. එසේම වේවා !

    ජය බෝලී නාත් ....

    ReplyDelete
  2. ශානි 2016 අවසන් කරලා තියෙන්නෙත් ලස්සනම ලස්සනම කවියකින්නේ.

    සුන්දර සිහින එකිනෙක නෙත ළංවේවා
    පුන්සඳ වගේ නව අදහස් බැබළේවා
    මන්මත් කෙරෙන කවි සිතුවිලි බිහිවේවා
    පින්බර දෙදාස් දා හත නිති සුභවේවා........

    ජයවේවා!!!


    ReplyDelete
    Replies
    1. ස්තූතී දුමී.... ඔයාටත් සුබම සුබ නව වසරක් වේවා

      Delete
  3. 2017 සඳවතියට සොඳුරු අවුරුද්දක් වේවා...!

    ReplyDelete
  4. සුබ අළුත් අවුරුද්දක් වේවා...!

    ReplyDelete
  5. ලස්සනම ලස්සන පද පෙළ....

    සුභ නව වසරක් වේවා...

    ReplyDelete
    Replies
    1. ස්තූති නිර්මාණී.... ඔබටත් එසේම වේවා

      Delete
  6. සොඳුරු පද පෙළක්...

    සුබ නව වසරක් වේවා ශානි...

    ReplyDelete
  7. සුබ ම සුබ නව වසරක් සඳවතියේ..

    ReplyDelete
    Replies
    1. ඔයාටත් එසේම වේවා යාලුවේ

      Delete
  8. සුබ නව වසරක් වේවා සඳවතී..!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතී මේ පැත්තට ආවට ඔබටත් සුබ නව වසරක් වේවා

      Delete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...