සඳට බැළුම් හෙලූ අය

Feb 6, 2017

මට පිස්සු , නෑ අප්ප මේ හැටි !




තිබුනනම් මටත් ශෙන්යාට වගේ
හත්පෙති මලක්
එකම එක පෙත්තක් තියාගෙන
ඔයාගෙ ආදරේ වෙනුවෙන්
අනිත් සේරෝම පෙති
විසි කරනවා මං
ෆයිනැපල් ගැටෝ වලටයි

චොක්ලට් මිල්ක් ෂෙක් වලටයි
තිබුනනම් මටත් සින්ඩරෙල්ලට වගේ
හැඩ සපත්තු
යන්නෙ නෑ කුමාරයෙක් එක්ක උනත් නටන්න
රෑ දෙගොඩහරියෙ
ඇයි මොකෝ මට බැරිද නටන්නට
කාමරේ දොර වහන් තනියෙන්ම





තිබුනනම් මටත් ජැක්ට වගේ
බෝංචි වැලක් අහස උසටම
යන්නෙ නෑ මම නම් නිදා
ඉන්න යෝධයො ඇහැරවන්න
අනික මට මොහොකටද
රත්තරං උනත් බිජු දාන පාත්තයො
රස්තියාදුවෙ යනව අහසෙම
හිතුනොතින් නවත්තල යානයක්
ගන්නවා අයිස්ලන්තෙට ටිකට්






හිටියනම් මටත් මාෂාට වගේ
දුඹුරු බෝල වලහෙක්
ඇත්තමයි දඟ කරන්නෑ මං
මාෂා වගේ නෙවෙයි හරි හොදයි මං
ආදරෙයි වලස් තඩියො උඹට මං





හිටියනම් මටත් ෆියෝනට වගේ
කොල පාට බඩ මහත රාක්ශයෙක්
උම්මනම් දෙන්නෙ නෑ සත්තමයි
කරන්නට වේවි මට දාස කම්
ඒත් උඹ දන්නවද රාස්සයො
අපේ ගෙදරටම හොද මං තමයි













22 comments:

  1. පොඩියට උන්නු දින බැලු ඒ කතා ටිකයි
    ගෙදරට වෙලා සඳු ඒවම මතක් කරයි
    සිහියට මගේ ඇතිවෙන්නේ එකම දෙයයි
    හබියට පිස්සු නැති එක ගැන මට පුදුමයි......

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. දරුවෙක් දෙන්නෙක් එහෙම ලැබිලා ගෙදරවැඩපල ඔවර්ලොඩ් වෙකොටනම් ඔය සුරංගනා ලෝකේ මාරම අති සුන්දරයි.

      Delete
    2. දුමී - එයාටත් මෙයිට වෙනස් පිස්සු තියෙනවා ගමකට ඒ නිසා අවුලක් නෑ දෙපැත්ත බැලන්ස් වෙනවා.

      Delete
    3. අසංග - දෙන්නෙක් නැති උනත් දැනටත් ඉතින් එක පැටියෙක් ඉන්නවා ඒත් ඉතින් සමහර දෙවල් ඇරුනහම මේ වගේ පිස්සුනම් හොද උනේම නෑ . ඉස්සරහට හොද වෙන එකකුත් නෑ අප්පා.

      Delete
  2. මේ දවස් වල හත්පෙති මල එක්ක මම සමීපෙන් හිටියා පණ්ඩක පුත්‍ර වස්තුව කියවද්දි..
    මාශා නම් හැමදාම එක එපිසෝඩ් එකක්වත් බැලෙනවා...

    ReplyDelete
    Replies
    1. මෂා නම් මූඩ් ෆික්ස් කරන්න මරු නේද ? pocoyo , pororo ඒ දෙකත් මරු

      Delete
    2. අපේ නෝනා මූඩ් ෆික්ස් කර ගන්න ඕන වුනාම මුලින්ම කරන්නෙ මාශා දාගන්න එක

      Delete
    3. හෑ... අන්න මන් වගේ නෝනෙක්, සත්තලන් එක්ක පොඩි පොඩි කොකු දාගත්තම මන් කොරන්නෙම මාශා බලන එක

      Delete
  3. හිකිස් ඔන්න අපිත් ආවා

    ReplyDelete
  4. නූතන ශේන්යාගේ කතා වස්තුව..)))

    ReplyDelete
  5. වැලන්ටින් කතායෙෆ්ගේ හත්පෙති මල පරිවර්තනය කලේ දැදිගම වී රුද්‍රිගු මයා නේද..

    ReplyDelete
    Replies
    1. ම්ම් ඔව් පරිවර්තනය නෙවෙයි අනුවාදනය නේද ?

      Delete
  6. තිබුනානං මටත්
    හයිය ළනුවක්
    එල්ලෙනවා බාල්කෙ

    ReplyDelete
    Replies
    1. ඕනෙමනම් ගෙනල්ල දෙන්නම් අටං අයියේ හොද ලණුවක්. ඒත් ඉතින් පව් අර පැටික්කියො නේද

      Delete
  7. පෝයත් ළගයිනේ ඉතින් :-D
    ඔය කාටුන් සේරොගෙන්ම ලස්සනම් කුමාරිය තමයි ෆියෝනා.
    ඕක බැලුවයින් පස්සෙ මට හිතුනා අනාගත සිනාමාලෝකෙ නිලු නිළියෝ ඉවත් වෙලා. 3D චරිත ඒවි කියලා 100% ඇත්ත මිනිස්සු වගේ පෙනෙන

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත තමා ෆියෝනා හරි ස්වීට්

      Delete
  8. සුරගන කතා නුබ දොඩවන විට ඔහොමා
    මත්වුන මතකයන් හද දලුලයි බොහොමා
    පත්වුන සිත තුටින් ඉපිලුනි මගෙ මෙහෙමා
    සිත්වුන වන්න සුරතල් දරු හරි කොහොමා

    නෙල්ලිPrince

    ReplyDelete
    Replies
    1. ස්තූතී මෙහෙටත් ආවට... අගෙයි ඔබේ කව

      Delete
  9. තිබුනා නං හුඟක්
    ලොකු මිළමුදල් මගෙ අතේ..
    අද නෑ..

    හෑ... ඒ විලාප ගීයක් නේද? හප්පේ..මට පිස්සුද?
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. හි හී ඒක මේ ජාතික ගීය නේද මේ දවස්වල ආ නෑ මේ දවස්වල පුජා කරන්න්ම මොකක්ද එකක් ඔයාගෙ නමින්

      Delete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...