ඔය පහුගිය දොහක විසිරි දාල තිබුනනේ මඟ තොටේදී දැකපු අපූරු ජායාරූප පෙළක්.ඒක දැක්කම මටත් හිතුනා මමත් ආසාවෙන් එකතු කරන පින්තූර ටිකක් ඔයාලා එක්ක බෙදා ගන්න.හැබැයි ඉතින් මෙතන තියෙන හැම එකක්ම මගේ තෙවෙනි ඇහින්ම ගත්තුවා නෙවෙයි මගේ සත්තලන් ගත්තුවත් තියෙනවා.හා.. ඉතින් එයා මොකෝ මං මොකෝ නේද ..?ඔයාලා මේවා ලස්සනයි කිව්වොත් මම එයාටත් ඒ ක්‍රෙඩිට් එකෙන් භාගයක්ම දෙන්නම්කෝ.
මේ මුල් පින්තූර හතරම ගත්තේ Seethawaka Wet Zone එකේදී, පුදනකොටම කාපි යකා කියලා ඔය මලයි බඹරගෙයි පින්තූර දෙකම ගත්තෙ මම නෙවෙයි කියන්නකෝ ඉතින්.ඔය කලු තඩි බඹරු දැක්කම මම පින්තූර ගන්නවා තියා පැත්ත පලාතේ හිටියේ නෑ.
මේ කවුරුත් දන්න කියන දඹුල්ල පන්සල
හක්ගල මල්වත්තේ මල්, මල් අස්සේ හිටපු බව්වත් හරි ලස්සනයි
යාපනේදී දුටු කපුටු ආදරය
නාගදීප අහසේ සැරි සැරූ රාජාලියා
නාගදීප විහාරයේ නයිපෙන හත
නාගදීප කෝවිල
ත්‍රස්තයන් විසින් බිම හෙලූ කිලිනොච්චියේ වතුර ටැංකිය
නකල්ස් වල Katool Oya Farm Resort අවට ,මේවා මේ පොල් ගස් වගේ පේන්න ගත්තට එහෙම නෑ අනේ හරිම සූටී
නුවර දළඳා මාළිගාව
නුවර එළිය හෝර්ටන් තැන්නේදී , ඔය දිය ඇල්ල Baker's Falls
රුවන්වැලි සෑය
ශ්‍රී මහා බොධිය
තිසා වැව
මේ පලවෙනි පින්තූරේ තියෙන්නෙ නුවර බහිරව කන්දෙ ඉදන් ගත්ත පින්තූරයක්
දෙවෙනි එක නුවර එළියෙ පිදුරුතලාගල කන්ද මුදුනෙ ඉදන් ගත්ත පින්තූරයක්
මේ සොඳුරු රූ යාල වන උයනෙන්
මේ ඉන්නෙ හුණුපිටිය ගංඟාරාමයේ තාරවෙක්
මාතලේ අළු විහාරයේ ඉදන් මේ පිලිමෙ ගාවට කිලෝමීටරයක් හරි දෙකක් හරි කන්ද නගින්න ඕනේ.එතකොට විහාරේ ඉන්න ඔය මොනරගෙ ඔහොම පින්තූරයක් ගන්න අපිට එයාගේ සෑහෙන්න ආඩම්බර බලන්න උනා.
ඔය මෙතන ඉදන් පල්ලෙහාට තියෙන ඒවනම් මම නෙවෙයි ගත්තේ කියලා මම වගකීමෙන් ප්‍රකාශ කරනවා.ඒවා මේ අපේ ගෙදරම ඉදන් සත්තලන් ගත්තු ඒවා.
හ්ම්ම්ම් ඉතින් ඔය දැනට මදෑ නේද ? ඉඩ තියෙන වෙලාවක ආයෙත් දාන්නම්කෝ ටිකක්. මේ කිසිම පින්තූරයක් එඩිට් කොරලා එහෙම නෑ ඕං හොදේ.
සත්තලං ගතපු ඔයාගෙ රෙදි වැලේ ක්ලිප්ස් දෙකට තමා හොඳම පින්තූරේට හිමි සම්මානේ ලැබෙන්නේ හිටං...!
ReplyDeleteමක්කා කොරන්නෙයි ඉතිං ඇත්ත කියන්නම එපැයි..!
මගෙත් හිත ගියේ ඒකටම තමා
Deleteහෑ...ක් ... මේක මේ පිරිමි පිරිමින්ට ක්‍රෙඩිට් දීමේ කුමන්ත්‍රණයක්ද කොහෙද අප්පා.. හි හී
Deleteබහිරව කන්දෙ ඉඳන් පේන ඔය දර්ශනය මම පැය ගණන් බලන් ඉඳලා තියෙනවා..
ReplyDeleteමමත් හරිම ආස තැනක් වරු ගාණක් ඉන්න හිතුනත් බයයි හුළඟට ගහගෙන යාවි කියලා
Deleteහරි ලස්සනයි සඳූ...නෑ නෑ ඔයා නෙමෙයි ඔයාගේ මේ පින්තූර ටික.
ReplyDeleteජයවේවා!!!
ඉස්තූතී ඉස්තූතී දුමී
Deleteරට වටේම ගිය හැඩයි...ඇත්තටම අපූරු පින්තූර ටික සඳූ....හිත නාක් කොරගන්නෙ එහෙම නෑ ඕං...අර ක්ලිප්ස් දෙක තමා මරුම
ReplyDeleteඅනේ හිත නාක් කර ගන්නෙ මක්කටෙයි එයා මොකෝ මම මොකෝ ඉතින් කොහොමත් සත්තලන්ට මට වඩා අපූරු කැමරා ඇහැක් තියෙනවා මමනම් ඉතින් දකින දේ ඔහේ ගන්නවා එයා එහෙම නෙවෙයි මට නොපෙනෙන දෙවල් තමා එයාට පේන්නේ
Deleteරුවන්වැලි සෑයේ පොටෝ එකත් ක්ලිප් දෙකේ පොටෝ එකත් ලස්සනයි.
ReplyDeleteබොහොම ස්තූතී ඔව් මමත් හරිම ආසයි රුවන්වැලි සෑයේ පින්තූරෙට
Deleteසුපිරියි
ReplyDeleteජය වේවා ...!!!!
බොහොම ස්තූතී ඔයාට
Deleteයකඩෝ..
ReplyDeleteඅපිත් යන එන තැන් උනත් මෙහෙම ලස්සන පිංතූර ටිකක් ගහ ගන්ට පුළුවන් කියලා තේරුණේ මේ ටික දැක්කම..
ලස්සනයි..
ජය..
ඒකනේ මමනම් ගිය තැන පින්තූර තමා සෙල්ෆි නෙවෙයි පරිසරය, ස්තූතී මෙහෙ ආවට
Deleteගොඩක්ම ලස්සන පින්තූර කිහිපයක් තියෙනව....
ReplyDeleteආ... මේ.... සත්තලන්ගේ අළුත් කතා හෙම නැද්ද....
තියෙනවා තියෙනවා වැඩේ කියන්නේ සමහර ඒවා මට ප්‍රසිද්ධියේ ලියන්න මොකක්ද වගේ.
Deleteහරි ලස්සනයි
ReplyDeleteස්තූතී
Deleteඅර බල්ලට කන්න දීලද නිදි කෙරෙව්වේ.......
ReplyDeleteඒකනම් දන්නෙ නෑ උන්දා වගේ වගක් නැතුව නිදිය ගෙන හිටියේ මල් අස්සේ
Deleteදඹුල්ල, අනුරාධපුරය, බහිරව කන්ද එහෙම මගේ ජීවිතයටත් ඉතාම සමීප නිසා ඉතා සතුටින් නැරඹූයෙමි. ස්තූතියි!
ReplyDeleteඔබෙ සතුට මගෙත් සතුටයි එහෙනම් ඕන්
Deleteපින්තුර ඔක්කෝම ලස්සනයි සඳු
ReplyDeleteබොහොම ස්තූතී
Delete