සඳට බැළුම් හෙලූ අය
Mar 2, 2017
බතීගෙන් අරවින්දට !
සරෝජනී නමට වෙන් කරපු ඔය හිත
දෙන්නෙ නැති බව ඉතින් දන්නවා මට
ඒ වුනත් මහත්තයො නුඹ නොකී පෙම
නෙලුමක්ව පිපිනවා පපුවෙ හරි මැද
ලෝකයා කීවාට කයි කතන්දර
තාත්තෙක් වගෙයි නුඹ මහත්තයො මට
ඒ වුනත් තාම නාඹර මගේ හිත
හොයනවා ඔය පපුවෙ නිරාමිස සුව
ජීවිතේ සියලු සැපතටම වැට බැද
හුදකලාවම ගෙවන සාදු පිලිවෙත
මගෙ ගැහැනු කම් අසල දැහැන් බිඳගෙන
මහත්තයො ඇවිලෙනව නේද ඉදහිට
ළං වෙන්න ළඟ ඉන්න නැතත් සදහට
දාසියක් හෝ වෙලා හිදිමි පා මුල
විරාගික ඔය හිතෙන් ගලන සුවඳට
මහත්තයො දුරින් හිඳ ඉව කරමි මම
හමුවෙලා ආයෙ සසරකදි මග තොට
නුඹ එක්ක මහ දුරක් යන්න හිත ඇත
මගේ සෙනෙහස් විලේ කොඳ කැකුළු මත
අරවින්දයක් සේම පිපී එනු මැන
Subscribe to:
Post Comments (Atom)
රංකඳ රාවණා !!
ඔන්න කාලෙකට පස්සෙ මගේම බ්ලොග් එක මටම මතක් වෙලා මේ පැත්තට ආවා.හදිස්සියෙම එන්න හිතුනෙ නම් මගේ ජීවිතේ තවත් හීනයක් සැබෑ වීමක් ගැන පුංචි ආරංචිය...
-
මේ දවස්වල මගේ සාමාන්‍ය දින චරියාව සේරම අන්ජබජල් වෙලා. අනේ කාටවත් කිසිම කරදරයක් නැතුව කතාවක් කවියක් ලියාගෙන සිංදුවක් අහගෙන ඉඳලා හිටලා සත්තර...
-
අද මැයි මාසේ 17 වෙනිදා.... අද වගේ දවසක ඔයා මේ ලෝකේ එළිය දකිනවා අද වගේම දවසක මම ඔයාගේ ලෝකෙට එළිය අරන් එනවා ( ඒ ඔයා කියන විදිය ) ඔව්... ඒ ...
-
ඔන්න ඉතින් ඔයාලට මතක ඇතිනේ මේ ළඟදී මං ගිය පොදු ගමනාගමනයේ චාරිකාව. ඒක කොයි තරං ජොලිද කියනවනම් තාමත් මගේ දකුණු අත උස්සනක...
පංකාදුයි...
ReplyDeleteස්තූතී මේ ඇගයීමටත් මෙහෙ පැමිණීමටත්
Deleteටොප් ....
ReplyDeleteඔබටත් ස්තූතී මේ ඇගයීමටත් මෙහෙ පැමිණීමටත්
Deleteපිපුනත් අරවින්දය
ReplyDeleteනොදේ සුවඳ වෙන හිතකට
පුරාගෙන සාදු පිලිවෙත
හිදී උරුම කරගෙන හුදකලාව.
ලස්සන කවි පන්තියක්.....:)
බොහොම ස්තූතී මේ වචන වලටත් ඇගයීමටත්
Deleteඇයත් සමග වෙන්වූවත් හිතට නිතී
ReplyDeleteමටත් දැනෙනවා සුවඳක් නෙලුම් පෙතී
උඹත් මමත් ළඟ හිටියත් ළංව නැතී
හෙටත් අඳුරු නෑ ඉවසා ඉඳින් බතී......
සඳූ.... හැමදාමත් වගේ ලස්සන නිර්මාණයක්.
ජයවේවා!!!
ඇගේ මතක අස්සෙම හැංගිලා නිතී
Deleteමගේ සෙනෙහෙ ගැන කෝ කිසි වගක් නැතී
නෙළුම් පතේ රැඳි පිණි බිඳ වෙලා මදී
මමත් ඉඹින්නට ආසයි සියක් පෙතී
ඔන්න හැමදාම දුමීගේ මේ සුන්දර කවි වලට ස්තූතී කියල විතරක්ම මදිනෙ ඒ නිසා කම්මැලි කම අතඇරල ලිව්වා පිලිතුරක්
ලස්සනයි සඳූ... සතුටුයි කවියට කවියකින්ම පිළිතුරක් දුන්නට.
Deleteඒක නම් වදිනවා තදටම.. ඔය ලිව්වෙ ඒ අරවින්දට මද?
ReplyDeleteසඳවතී ගේ රොමෑන්ස් වල තවත් පැත්තක්
ආයෙත් අහලා ඒ අරවින්දටම තමා, මම ඒ අරවින්දට හරිම ආදරෙයි
Deleteයුගාන්තයේ අරවින්ද ගැන මොකෝ හිතන්නෙ
Deleteගම්පෙරලිය තරම් කලියුගයවත් යුගාන්තයවත් මගේ හිත ගත්තෙ නෑ පොඩි කාලෙ ඉදන් ගම්පෙරලිය විරාගය කීප පාරක් කියවල තිබුනත් පොඩිම කාලේ කියෙව්වට පස්සේ අනිත් කතා දෙකම මේ වෙනකන් කියවලා නෑ.මාලින් ඉන්නෙත් ඔය කතාවෙ නේද ?
Deleteගම්පෙරළිය ට වඩා කලි යුගය සහ යුගාන්තය දෙකම මට වැදිච්ච පොත්...කලියුගයේ ඇලන් වගේම යුගාන්තයේ මාලින්,තිස්ස සහ අරවින්ද තුන් දෙනාම මට මගේ ඇතුලේ ඉන්න චරිත වගේ දැනෙනවා..එදත් අදත්
Deleteම්ම් ඒකත් එහෙමද ? අවුරුදු 13 දි විතර කියෙව්වට පස්සෙ තාම කියෙව්වෙ නෑ බලමු ආපහු කියවලා මටත් වැදෙනවද කියලා
Deleteරහයි කවිය..
ReplyDeleteමම බොහොම අඩුවෙන් පොත් කියවූ කෙනෙක්....ඒ කියවූ සුළුතරයක් පොත් වලින් විරාගය කියන්නේ මගේ ප්‍රියතම පොතක්, අරවින්ද කියන්නේ මම කැමතිම චරිතයක්...
ස්තූතී පොකුරු, මමනම් පොඩි කාලේ ඉදන් පොත් කාවෙක් වගේ කෑවා ඒ අතරින් විරාගය කියන්නෙ මගෙත් ප්‍රියතම පොතක්.
Deleteමමත් ඉස්සර කාවෙක් වගේ පොත් කෑවා. ඒත් මාර්ටින් වික්‍රමසිංහ කියන්නේ කවමදාවත් මට ටේස්ට් වුනේ නැති රහක්. අඩුමගානේ මම මඩොල් දූවවත් කියවලා නෑ. මම දන්නේ නෑ ඒ ඇයි කියලා. ඒ වුනාට එයාගේ පොත් වලින් හදපු චිත්‍රපටනම් ඔක්කොම බලලා තියනවා. අදටත් මට අරවින්ද කිවුවහම මතක්වෙන්නෙම සනත්ව.
Deleteමේ කවියට පට්ටයි කියනවා ඇරෙන්න වෙන මොනවා කියන්නද.....
නිකමට කියවලා බලන්න ඉතින් කියවලා නොබල කොහොම්ද සෙට් වෙන්නෙ නෑ කියන්නේ ? එයාගේ පොත් කියෙව්වෙ නෑ කිව්වම මට පොඩි දුකකුත් එනවා අනේ. ඒත් ඉතින් ඔයාගේ කැමැත්ත නොවැ
Delete//සරෝජනී නමට වෙන කරපු ඔය හිත// ???
ReplyDeleteසරෝජනී නමින් වෙණ වයපු ඔය හිත....
සරෝජනී නමට වෙන් කරපු ඔය හිත.....
ඔන්න ඕක හදලා දාන්න සඳූ...මේක මරු..!
අන්න දැක්කද ඔයාට විතරයි ඒ අඩුව පෙනිලා තියෙන්නේ , ස්තූතී චෙෆාකි ඔන්න මන් හැදුවා ඒත් ඉතින් ඔයා ලියපු පදේ නොදා ඉන්නම් හරි නෑනේ.
Deleteගනන් එපා සඳූ...!
Deleteඉවසිල්ලෙන් ලියන්න...!
ඉවසිල්ල කියන්නේ කවියක් ලියලා දහ දොලොස් වතාවක් බලනවා හරි වැරදි ඒත් සමහර මේ වගේ ඒවා අහුවෙන්නෙම නෑනේ
Deleteපුදුම ලස්සනයි සොඳුරු මේ කවිය
ReplyDeleteස්තුතී ඉතින් ඔයාට
DeleteMama photo kella nisamae balanna awe 😂😂😂,
ReplyDeleteLassanae
ෆොටෝ කෑල්ල බලන්න හරි ආව එක සතුටක්
Deleteකුමට ඉගි කරනවද
ReplyDeleteවිරාගික හිතින් ගලන සුවදට
දුර ඉදන් සොදුරියේ.
ස්තූතී මෙහෙ ආවට වැව් ඉස්මත්ත ඒකෙන් මට තව අලුත් බ්ලොග් එකක් ලැබුනා කියවන්න
Deleteඅපූරුයි කවි පෙල...
ReplyDeleteස්තුතී විසිරි
Deleteගොඩක් ලස්සනයි යාලු. ජය වේවා...
ReplyDeleteස්තූතී ඔයාට
Deleteමන් නවකතාවක පරිකල්පනය කියන දේ මුලින්ම තේරුම් ගත්තේ විරාගය කියෙව්වයින් පස්සෙ.
ReplyDeleteමාටින් වික්‍රමසිංහගේ අතිශය සියුම්ම නවකතාව. අරවින්දගේ හිත ගොඩක් ගුප්තයි සොදුරු...
සොදුරුගේ බතී හිතනවටත් වඩා වඩා......රහයි කවිය.....
මමත් ඔහුගේ කැමතිම කතාව අරවින්ද කියන්නෙත් මම ප්‍රිය කරන චරිතයක් මම කියවන බලන දෙයක් මම උපරිම වින්දම තමා මට මෙහෙම ඒ ගැන ලියන්න පුලුවන් වෙන්නේ
Deleteඒක හරි ලස්සනයි. සරලයි.
ReplyDeleteස්තූතියි සොඳුරු සඳවතී මගේ බ්ලොගයට ගොඩ වුනාට