ගොම්මනේ අඳුර වැටෙනකොට ගෙපළ මත
කඩාගෙන පිච්ච මල් වට්ටියක් සුදට සුද
පුරෝගෙන හිනා කට , ගොඩ වෙද්දි ගෙට
සැවැන්දරා පුසුඹයි ඉස්සර වගෙම නුඹ ළඟ
හැට පැන්නත් ඉළන්දාරි තාම මගෙ හිත
ගැස්සෙනව නුඹ ළඟදි අදත් නිතරම
හතර පෝයටම සිල් ගන්න නුඹෙ අතිනුත් ඉඳල හිට
ඒකමයි ගිලිහෙන්නෙ නොදැනිම නවගුණ වැල
පින් පුරා නැග එද්දි පුර පෝය හඳ
අල්ලගෙන රැළි වැටුණ නුඹේ සුදු අත
කලා සොළසම පිරුණු මේ සදේ සෙවනැල්ල යට
තුරුල් වෙන්න ආසයි ඔය ළයට ආයෙම
හිස තියා ඔය ළයට පෙර පුරුදු ලෙස
විඳිනකොට මේ දිවියෙ නිරාමිස සුව
සිල් සුවඳ මුහු වෙච්ච නුඹේ පුසුඹට
ආදරෙයි මැණිකෙ මම එදා වාගෙම
ජීවිතේ මහ දුරක් එක්ව එක ලෙස
මා එක්ව ආව පින නුඹට එය ඇත
ජීවිතේ ගිම් නිව්ව නුඹෙ සෙනෙහෙ ළඟ
මේ දැන්ම මියැදුනත් එයයි මගෙ සැප
කඩාගෙන පිච්ච මල් වට්ටියක් සුදට සුද
පුරෝගෙන හිනා කට , ගොඩ වෙද්දි ගෙට
සැවැන්දරා පුසුඹයි ඉස්සර වගෙම නුඹ ළඟ
හැට පැන්නත් ඉළන්දාරි තාම මගෙ හිත
ගැස්සෙනව නුඹ ළඟදි අදත් නිතරම
හතර පෝයටම සිල් ගන්න නුඹෙ අතිනුත් ඉඳල හිට
ඒකමයි ගිලිහෙන්නෙ නොදැනිම නවගුණ වැල
පින් පුරා නැග එද්දි පුර පෝය හඳ
අල්ලගෙන රැළි වැටුණ නුඹේ සුදු අත
කලා සොළසම පිරුණු මේ සදේ සෙවනැල්ල යට
තුරුල් වෙන්න ආසයි ඔය ළයට ආයෙම
හිස තියා ඔය ළයට පෙර පුරුදු ලෙස
විඳිනකොට මේ දිවියෙ නිරාමිස සුව
සිල් සුවඳ මුහු වෙච්ච නුඹේ පුසුඹට
ආදරෙයි මැණිකෙ මම එදා වාගෙම
ජීවිතේ මහ දුරක් එක්ව එක ලෙස
මා එක්ව ආව පින නුඹට එය ඇත
ජීවිතේ ගිම් නිව්ව නුඹෙ සෙනෙහෙ ළඟ
මේ දැන්ම මියැදුනත් එයයි මගෙ සැප
ඔන්න අපේ මහත්තයා ආයිත් දඟ නොකර ඉන්න
ReplyDeleteගින්න වගේ ආලෙ බැදෙන මොකටදැ මේ තවත් බින්න
යන්න බෑනෙ කලුවර රෑ වාහනයක් හොයා ගන්න
දැන්ම නොමැරි එළිවෙනතුරු හුස්ම ටිකක් තියා ගන්න.....
ජයවේවා!!!
හි හී ඒකනම් මරු දුමී මට හිනා
Deleteසතුටුයි සතුටුයි. ඉන්න කාලේ හිනාවෙලා සතුටින් ඉන්න එපැයි.....:)
Deleteවයස හුදු ඉලක්කමක් පමණයි...
ReplyDeleteහරිම ලස්සන නිර්මාණයක්.
ජයවේවා..!!
ස්තූති ලබු
Deleteඅපේ තාත්තට දැන් 86ක්..අම්මට 80ක්..දෙන්නා තාමත් එක කාමරේ එක ඇඳේ නිදාගන්නේ..විනාඩියක්වත් නොපෙනී හිටියොත් හොයනවා කෝ මේ කොහේ ගියාද කියලා...අන්න ලව්...හැබැයි වෙලාවකට මරා ගන්නවා පොඩි දේවල් වලට....ඒ කිව්වේ බුලත් විට කාලා මල් පඳුරක් ලඟ කෙලගැහුවා වගේ දේවල් වලට..හැබැයි පන්සල් පල්ලි පැත්තෙවත් යන්නේ නෑ..
ReplyDeleteඅනේ මන්දා අපිටත් ඕවා බෝවෙයි කියලමයි හිතෙන්නේ...!
සොඳුරුයි මේ සිතිවිල්ල.....!
අනේ වාසනාවන් අහන්නත් සතුටුයි චෙෆාකි... මමත් ආස අන්න ඒ වගේ ඉන්න වයසට ගියාමත්
Deleteප්‍රේමයට කොයින්ද වයසක්...හරිම ලස්සනයි සඳා
ReplyDeleteඒකනේ විසිරි... ස්තූතී
Deleteනාකිවෙලත් මේ මිනිහාගේ මනමාලකම් කියලා කියයිද මන්දා....
ReplyDeleteඔව් නේ එහෙම කියන අයත් ඉන්නවා...
Delete"හිරු සඳු තරු පවතින තුරු අපි මැරෙන්නේ නෑ"
ReplyDeleteVery nice lines Shani
thanks Erandi....
Deleteසැරයටියෙන් අපි යනෙන තුරා සංසාරේ අපි එකට ඉමු
ReplyDeleteසංසාරෙන් අපි සමුගන්න දා ඒ ගමනත් අපි එකට යමු
සැරයටියෙන් අපි යනෙන තුරා සංසාරේ අපි එකට ඉමු
සංසාරෙන් අපි සමුගන්න දා ඒ ගමනත් අපි එකට යමු
ජීවන මං පෙත මලින් සැදී ගිය යුගයක නොව ඔබ හමු වුයේ
කටු කොහොලින් පිරි කළල් දියේ මා තනිව මියෙද්දිය හමු වුයේ
මින් පසු මං පෙත මලින් සදන්නෙමි ලතැවුල් සෝ ගී නෑ සැනසි
එපමණක් නොව මේ සංසාරේ හෙට දින වුව මතු සංසාරේ
මතු සංසාරේ මා හුරුබුහුටිව පෙම් කරනා කල එළබෙන දා
කුළුදුල් නැකතින් හමුවන පැතුමක් පතනෙමු සසරෙන් නික්මෙන දා
සංසිදුවා සිතු පහන් කරන්නෙමි මේ පෙම කුළුදුල් පෙමය සිතා
එන්නෙමි පසුපස සංසාරේ කැපවෙමි ඔබ සිතු ගැනම සිතා
Singer :- Vijaya Kumarathunga & Chandraleka Perera
Lyrics :- Somapala Leelananda
Music :- Sarath Dasanayake
////ජීවන මං පෙත මලින් සැදී ගිය යුගයක නොව ඔබ හමු වුයේ
Deleteකටු කොහොලින් පිරි කළල් දියේ මා තනිව මියෙද්දිය හමු වුයේ///////
///ගොම්මනේ අඳුර වැටෙනකොට ගෙපළ මත
කඩාගෙන පිච්ච මල් වට්ටියක් සුදට සුද
පුරෝගෙන හිනා කට , ගොඩ වෙද්දි ගෙට
සැවැන්දරා පුසුඹයි ඉස්සර වගෙම නුඹ ළඟ////////
ම්ම්ම් ඒකත් මරු සින්දුව මම ආසයි...
Deleteස්තූතී අරූ මතක් කලාට මේක දැන් අහලා බලන්න ඕනේ
සඳ...මේක කියවන්න.
ReplyDeleteකියවනෝ
Deleteමේ තරුණ විය මෙහෙම නම් ඒ මහලු විය මට කොහොම හැසිරෙයිද මන්දා.............
ReplyDeleteගත මහලු උනාට හිත මහලු නොවුනොත් හොදා
DeleteNaki wise
ReplyDeleteGetat use
😂😂😂😂
Niyamae 👍👍👍
ඔව් ඔව් එහෙම තමා
Deleteමම ඔයාට එදාම කමෙන්ට් කලා... බලන් යද්දි දැනුයි දන්නෙ ඒක පබ්ලිෂ් වෙලා නැහැ කියලා... තරහා වුනා කිව්ව නිසා බැලුවෙ...
ReplyDeleteආදරය ඇතිවීමට වයසක් අදාලම නැතිය.. ආදරය වයස සමග පැවතීම වටිනේය...මේ කියා ඇති ආදරය ඒ දෙවෙනි පන්නයේ එකක් ය...
සඳවතියගේ ප්‍රේම ලෝකයේ තවත් පැතිකඩක්
ඒකනේ මම බැලුවේ හැමදාම මම ලියන ඒවයෙ ගුණ දොස් දක්වන කෙනා මොකද පරක්කු කියලා.මම ඉතින් හිතින් බැන බැන හිටියා මේ පැත්තේ නාවට දැන්නම් ඉතින් යාලුයිළු.. හි හී
Deleteපොඩ්ඩක් බීච් එකට ගිහිල්ලා වාඩිවෙලා හිටියොත් පෙනේවී බොහෝ අතිශය මහළු මුත් දෑගිලි පටලගෙන යන වෙරලේ යන විදෙශිකයන්.මන් අපේ රටේ අයනම් දැකලම නැති තරම් එහෙම. සමහරවිට පිටට නොපෙන්නුවට ඒ ආදරය ඔහුන්ගේ හිත් වල ඇති
ReplyDeleteඔව් රස්ති මමත් අනන්තවත් දැකලා තියෙනවා ඔහොම දර්ශන අපේ අයගෙනම් දකින්නම නැති තරම්.මටනම් ඔය හිතේ තියන් ඉන්න ආදරෙන් වැඩක් නෑ අප්පා මොකද වෙන්නෙ පොඩ්ඩක් ඕක පෙන්නුවම
Delete