මහා ඝන වනයකින් වටවුනු - නොසැලෙනා පර්වතක අරණේ
නේක සුඛ විහරනෙන් අගතැන් - මාළිගාවකි එ' ගිර මුදුනේ
සුරා සොඬෙකුය ස්ත්‍රි ලෝලී - තම පියත් ඔහු මරා දැමුනේ
කසුප් රජුගේ අන්ත:පුරයට - මාව කුදලන් ඇවිත් තිබුනේ
සඳුන් ගල්වා පැනින් නහවා - කසී සළු මට ඇන්දුවා
මරඟනන් සේ ළඳුන් මා වට - කරන් මගෙ වත සැරසුවා
කැළේ පනිමින් දොලේ නටමින් - උන්නු මට මා සිහිඋනා
අදින් පසු මං ගැන මටමවත් - අයිති නැති බව තේරුනා
දෙවඟනක් සේ මාව හැඩ කොට - රජ්ජුරුවන් හට පේ කලා
සුරා බී මත් වෙච්ච නාළාගිරි - ඇතා සේ ඔහු දිස්වුනා
දුටු මතින් ඔහු මාව කුදලා - සිරියහන වෙත විසි කලා
ගිජිදෙකුගෙ එක පයට යටුවුන - කැකුළු සිරුරම පොඩි උනා
මගේ මංගල මධුසමේ එක- රැයින් රැයින් එලෙසින් නිමාකෙරුනා
ඉරුණු දිව සළු ගුළිකරන් - මං මඟුල් යහනින් පිටත උන්නා
හෙටින් එළිවෙන අලුත් දවසට - තවත් එකියක් බලන් උන්නා
මහා බලකොටු අතර හිරවුන - මගේ හිත මහ හඬින් ගැහුනා
මගේ තනිකම කඳුළු කර කර - පවුරෙ කැටපත් ලියා තැබුවා
නෙතට උලෙළක් වෙච්ච දසුනක් - පවුරෙ තනිවුන විටදි දුටුවා
මගේ වත රසඳුනක් වුන ඒ ඇස් - දෙකේ පෙම දොරෙ ගැලුවා
මාළිගාවේ සිත්තරණෝ - දකිනකොට හිත විදුලි කෙටුවා
රාජ උදහස දැන දැනම ඒ - පෙම්බරාණෝ මවෙත ඇඳුනා
කිරිගරුඬ වන් මගේ රූපය ළඟදි - සිත්තර දැහැන් බිඳුනා
ඔහුගෙ හිත ඇඳි මගේ රූපය ඒ - ලෙසට එලෙසම ගලේ කෙටුනා
පහුවදා එළිවෙද්දි ඔහු ගත - කන්ද පාමුළ හෙලක තිබුනා
මහා උරුමය ලෙසින් ලොව දස - සිංහලේ උරුමය වෙලා
අදත් මේ ගිර හිදී නොසැලී - පෙමක නටඹුන් සඟවලා
එදා රජු මා දමා වැසු ඒ - අඳුරු ලෙනටම වී බලා
මගේ අවසන් හුස්ම තාමත් - සිංහ කට ළඟ හිර වෙලා

වෙනස් රහක්..
ReplyDeleteරොමෑන්ස් වල රමණීය වූ මරණීය ආශ්වාදය..
ස්තූතී ඉතින් හැමදාමත් වගේ. මොකද මේ නිශ්ශබ්දතාවය බ්ලොග් එකේ මකූලු දැලුත් බැඳිලා
Deleteමේ දවස් වල කේස් ගොඩයි..චෙෆාකි එක්ක බොන්න හම්බුනෙත් නෑ හරියකට... නෝනා ලෙඩින්. ඊයේ හැලපෙ එක්ක බිව්වා යන්තම්,.. පෝස්ට් එකකට හරි යන මූඩ් එකක් නැහැ
Deleteම්ම්ම් එහෙනම් ඉතින් හාමිනේවත් සනීප කරගෙන මූඩ් එකත් හදාගෙනම එන්නකෝ
Deleteසඳූ....කවි ටිකේ හරය රසය අපූරුයි. ඒත් සඳු මේ කවිය හදිස්සියේ ලියපු එකක්දෝ කියළත් මට හිතෙනවා.
ReplyDeleteජයවේවා!!!
ම්ම්ම් සමහර තැන් වල පොඩි පොඩි අවුල් මටත් තියෙනවා ඒත් එව්ව හදන්නම බෑ අප්පා... ම්ම්ම් හදිස්සියෙ ලිව්ව එකකුත් නෙවෙයි ගොඩක් කාලෙකට කලින් ලියපු එකක්.දැන් මෙතනට දාද්දිත් පොඩි පොඩි වෙනස් කම් කරන්න ඕනෙ කියල හිතුන ඒත් කොරන්න බෑ වගේ
Deleteහම්මෝ....!
ReplyDeleteසිද්ධාර්ථ ෆිල්ම් එක නොව මතක් උනේ....!
හෑ ඒ ෆිල්ම් එකේ සීගිරි අප්සරාවො ගැනද කියන්නෙ සිදුහත් ගැන නෙවෙයිද
Deleteඅප්සරා නොදනිමි..සෘංගාරය හෝ ගාල මතක් කොරන කොට හිතේ ඇඳුනේ ඒ දේය..ඕවා ගනන් ගන්න එපාය..ඔහේ මාරය...ඇත්තටම..!
Deleteඉතිං තව මොනවා කියන්නද සොඳුරු... කවිය අති සොඳුරු....
ReplyDeleteස්තුතී ඉතින් මේ සොඳුරු දිරිගැන්නුමටත්
Deleteලස්සනයි සොඳුරු...මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගේ "මගේ පැදුරෙන් මිදී" කවිය මතක් වුනා
ReplyDeleteස්තූතී පොකුරු...ම්ම්ම් ඔව් මමත් කැමතිම කවියක් ඒක මස්ඉඹුලයන්ගේ
ReplyDeleteමැවි මැවී පෙනෙන සිද්ධි දාමයක්...අගෙයි..අපූරුයි...ඒ කවි බස සුගායනීය බවකුත් මට ගෙනාවා
ReplyDeleteබොහොම ස්තූතී විසිරි ඇගයුමට
Deleteඅපි දකින සුලභ දේ වෙනුවට නොදකින දුලබ දේ තුළ ඇති කටුක යතාර්ථය වුවත් එය ප්‍රේමණීය භාවිතයක් තුළීන් ලිවීමට මන් කැමතියි.....සිත්තරාගේ ආදරයේත් දිගුවක් මගේ සිතේ මැවෙනවා.මෑතකදි සොදුරුගෙන් ලියවුණූ හොද කවි අතරින් හොදම කවියක්
ReplyDeleteස්තූතී රස්ති ඇගයුමට, ඉතින් ලියමු බලන්න එහෙනම් සිත්තරාගේ හිත අපිටත් කියවන්න
Deleteහ්ම් ලියන්නම් සොදුරු
Deleteවචනෙන් වචනෙට රුප මැවුනා. ලස්සන පබැදුමක්. මම කවදාවත් නොහිතපු, නොදැන සිටි අන්තයක් ස්පර්ශ කරලා. මාරයි. ජයවේවා !!!
ReplyDeleteබොහොම ස්තූතී මේ ළැබැඳි ඇගයීමට
Deleteඇයි අනේ ඔයාල කාශ්‍යප ස්ත්‍රී ධූර්ත මධු ලෝලියෙක් විදිහට පහත්කරල සළකන්නෙ? ටිකක් සම්ප්‍රදායෙන් මිදිල හිතන්නකො (අර කියන්නෙ Thinking out of the box නැත්නම් Lateral thinking කියල අන්න එහෙම දෙයක් ගැන මම මේ කියන්නෙ)
ReplyDeleteකාශ්‍යප ගැන මට හිතෙන්නෙ වෙනස්ම විදිහකට. ඒ ගැන මම අවුරුදු දෙහෙකට වගෙ ඉස්සර ලියන්ට පටන්ගත්ත. ඒත් ඉවරයක් කරන්ට බැරිවුනා..ආයම ඒක ලියල ඉවරයක් කරන්ට ඕමනයි...හෙහ්,හෙහ්,
මේ මම ලියපු ඒ කතාව "නිල් කට්රොල් මල්"
පලි - කව් පෙල නම් හරිම අගෙයි....:)
මගේ මේ කවි නිමිත්තට එයා එහෙම කෙනෙක් වෙන තරමටනෙ හොද ඒ නිසයි එහෙම ලිව්වේ වෙන වෙලාවක වෙන නිමිත්තකට එයාව ගන්නම්කෝ ඔය කියන විදියටත්. ස්තුතී ඇගයීමට හොදේ . ඔන්න මම මේ ලින්ක් එකටත් ගිහින් බලන්න හදන්නේ
Deleteපට්ට ක්‍රියේටිව් අයිඩියා එකක්. හැබැයි සඳට මීට වඩා ලස්සනට ලියන්න පුලුවන් බව නම් දන්නවා.
ReplyDeleteහෑ.... එහෙමෙයි අනේ මන්දා මටත් මේකේ අඩු පාඩු පේනවා ඒත් ආයෙ කපල කොටල හදන්නම බෑනේ ට්‍රයි කලාට
Delete