සඳට බැළුම් හෙලූ අය

Apr 23, 2017

ලෝකෙටම රහසින් !







ඔබේ ඒ එක බැල්ම
දවාලූ බව මගේ සියොළඟම
ඉඟියකින්වත් ඔබට නොපවසාම
යන්න වෙන බව දනිමි ඉඳුරාම

සංසාරේ කොහේ හෝ එක තැනක
විඳ පුරුදු බව හැගෙන ඔය සුවඳ
ඒ කොහේ කොතැනදයි නොසිතාම
මඟ හරින්නට බලමි නොනැවතිම

මේ ඉතින් ආයෙ ආයෙම
අතහැරෙන්නේ මෙතෙක් මා සෙව්ව
සංසාර ගත පෙමක සෙවනැල්ල
බව ලියා තබමි හදවත කොනක

20 comments:

  1. සුපර්

    ජය වේවා ..!!!

    ReplyDelete
  2. මට තිබුණු මෙගා ක්‍රෂ් එක මතක්වුනා.ඒක හැබැයි ඔබ නොදනී මුළු ලොවම දනී සීන් එකක්.

    ReplyDelete
    Replies
    1. ම්ම්ම් එහෙමද... කොහොම උනත් ඒ කතන්දර හරිම සුන්දරයි නේද

      Delete
  3. ජිවිතේ හැටි එහෙමයි...සමහර දේවල් මගහැර යන තරමට හොඳයි...

    කවිය රහයි...ඒ වුනාට ඔයා මිට වඩා ගොඩක් රහට ලියනවා...ලඟදි එහෙම එකක් දැක්කේ නැහැ...

    ReplyDelete
    Replies
    1. ඔව් අක්කා මටත් එහෙම හිතෙනවා අනේ මන්දා ටික දවසක ඉදන් හරියට මුකුත් ලියවෙන්නෙම නෑ

      Delete
    2. ඔව් රස්තියෝ මොනා කරන්නද ඉතින්

      Delete
  4. සමහර දේවල් මගහැරෙන තරමට හොද ඇති....

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම් ඔව්... එව්වා මඟ හැරෙන තරමට සුන්දරයි

      Delete
  5. සංසාරයේ හුරු පෙම් සුවඳක්ම පතා
    මංමාවතේ ආවෙමි මුණ ගැසෙයි සිතා
    සංතෝසයක් නුඹ නැති ලොව මටද නැතා
    දැං වෙන්වන්නෙ යළි එක්වන්නටම පතා.....

    ලස්සනයි සඳූ....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඔයාට මේ හැම එකකටම පිලිතුරු ලියන්න කොහොම හිතෙනවද මන්දා හිතුනට විතරක්ම මදිනෙ කම්මැලි නොවී ඒක ලියන එකත් ලකුණු දෙන්නම වටින දෙයක්

      Delete
  6. වැඩ හින්දා මේ එකක්වත් කියවන්න බැරි උනා ශානි, සමාවෙන්න .... මේ කවියේ රිදුනු බව පුඳුම විදිහට දැනුනා. හරිම ලස්සනයි

    ReplyDelete
    Replies
    1. හපෝ ඒක තමයි බ්ලොග් ලියපු ගොඩක් අය සහ බලපු ගොඩක් අය ආගිය අතක් නෑ.

      Delete
  7. කෙනෙකු ගැන සංසාරගත හුරුපුරුදු හැගුමක් අපිට දැනුනට ඒයාට ඒ දෙය දැනෙනවාද මන්දා.

    ReplyDelete
    Replies
    1. බොහෝ වෙලාවට ඕක දෙපාර්ශවයටම දැනෙන්නෙ නෑනේ.දැනුනත් නොදැනුනා වගේ ඉන්න වෙන අවස්ථාත් තියෙනවනේ.

      Delete
  8. ආයෙම ආයෙම අතහැරීම ......මොන තරම් හිත දවනවද......අපුරුම සිතුවිල්ලක්

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම් විඳිමි... විඳවමි

      Delete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...