සඳට බැළුම් හෙලූ අය
Apr 17, 2017
මග හැරුන ආදරේ.......
දළඳාවෙ තේවා හඩ ඇහෙන මානයේ
නුවර වැවේ දිය කඳ රැළි ගසන යාමයේ
හන්තාන දෙසින් එන මුඳු සීත මඳ නලේ
සැරිසරා සැරිසරා මේ නුවර වීදියේ
මං තාම හොයනවා මග හැරුන ආදරේ.......
තව එකම එක වරක්
අපි ආයෙ හමුවෙලා
වැව් බැම්ම කෙලවරේ
නෙත් වලින් පැටලිලා
හුරු සුවඳ විඳින්නට එනවද
ලෝකයෙන් සැඟවිලා.....
අපෙ මතක කප්පරම
වැව් දියේ සඟවලා
මහවැලිය වගේ ගළන කඳුලු
වැව් දියට එක්කලා
හන්තාන වගේ නොසැලී යමු
ආයෙ වෙන්වෙලා......
Subscribe to:
Post Comments (Atom)
දිනූ මගේ යකෝව්....!
මෝඩ තරිඳු බැලුවාය.කෙටියෙන්ම කියනවා නම් මරුය..මරේ මරුය.සතියේ දවසක 7.30 ශෝ එකද හවුස්ම ෆුල් ය.මියුසික් අතිවිශිෂ්ටය..හැමෝගෙම ඇක්ටිං ද එහෙමය.මං ...
-
මේ දවස්වල මගේ සාමාන්‍ය දින චරියාව සේරම අන්ජබජල් වෙලා. අනේ කාටවත් කිසිම කරදරයක් නැතුව කතාවක් කවියක් ලියාගෙන සිංදුවක් අහගෙන ඉඳලා හිටලා සත්තර...
-
අද මැයි මාසේ 17 වෙනිදා.... අද වගේ දවසක ඔයා මේ ලෝකේ එළිය දකිනවා අද වගේම දවසක මම ඔයාගේ ලෝකෙට එළිය අරන් එනවා ( ඒ ඔයා කියන විදිය ) ඔව්... ඒ ...
-
සුන්දර සුවබර බිනර මාසයක් වේවා ඔයාලට!💐💐💐 බොහොම අවිවේකී සති අන්තයකට පස්සෙ සදුඳාට එළිය වැටුනේ අලුත් මාසයක් එක්කමයි.සැප්තැම්බර් ඒ කියන්නෙ ...

සුපර්ප් ..
ReplyDeleteජය වේවා ..!!!
sthuthiii
Deleteඉවරයක් නැති සුසුමෙ තැවරුණු දුකත් මේ සුළඟට දැනේ
ReplyDeleteනුවර වීදියෙ මම හොයන්නෙත් අතරමංවූ නුඹෙ සෙනේ
කවරදාකවත් වෙන් නොවන්නට හිතුව මුත් නෑ ඒ දිනේ
නුවර වැව ළඟ හිඳින්නෙමි මම ඇවිත් තුරුලුව ඉනු පනේ.....
සඳූ.... හැමදාම වගේ ලස්සන අදහසක්.
ජයවේවා!!!
හැමදාමත් වගේ ස්තූතී ඉතින් දුමී
Deleteමඟ හැරිච්ච හන්තාන සිහිනය ගැන පෝස්ට් එකක් ලියලා ඉවර වුණු ගමන් මුලින්ම දැක්කේ මේ කවිය.. ඇබින්දක් හිත රිදුණා ඉතින්..
ReplyDeleteවෙනදා වගෙමයි - කවිකම් මනරම්..!
ස්තූතී වැසි දැරිවියේ... මම කලින්ම ඒ පැත්තේ ගිහින් කමෙන්ටුවකුත් කෙටුවා ඕං
Deleteක්ලැසික් මියුසික් එක්ක ඇහෙන විදිහ නිකං හිතල බැලුව. නියමයි ඈ!
ReplyDeleteම්ම්ම් ස්තූතී ස්තූතී
Deleteහන්තාන දෙසින් එන මුදු සීත පවන් රැලි ඔබ තාම හොඳින් හඳුනනවානම්
ReplyDeleteසින්දුව මතක් වුනා
ඔව් ඒකත් බොහොම අපූරු ගීතයක් නොවැ
Deleteලස්සනයි සඳු
ReplyDeleteහන්තාන සුළඟ තාමත් රිද්දනවා අපේ හිත්
ඒ රිදුමත් බොහොම සුන්දර රිදුමක් වෙන්න ඇති
Deleteවිටෙක සුන්දරයි
Deleteහන්තානයි,මහවැලියයි ලංකාවේ ජීවිත සෑහෙන්න වෙනස්කරන්න දායක වෙලා ඇති.
ReplyDeleteඔව් ඒකනම් ඇත්ත බක්කරේ
Deleteඅපිට නෑනෙ ඔය නුවර වැව වටේ ගිය හන්තානේ ඇවිද්ද පෙම්කතා
ReplyDeleteඅපිටත් හිටියෙ නෑ ඉතින් ඔය කිව්වට
Deleteඒක හරිම ලස්සනයි නංගී
ReplyDeleteබොහොම ස්තූතී අක්කා
Deleteලස්සන කවියක් සදවති. බලා වැලපෙමි නෙලා ගනු බැරි හන්තාන සිහිනෙ... සුභපැතුම්
ReplyDeleteඒ ගීතයනම් හරිම සුන්දරයි මම කැමතිම එකක්
Deleteසින්දුවක් ලියල වගේ. තාමත් හොයනවද?
ReplyDeleteම්ම්ම් ඔව් තාම හොයමින් ඉබාගාතේ සැරිසරමින්
Delete