සඳට බැළුම් හෙලූ අය
Jun 18, 2017
කවියක් හා සරණ ගියෙමි !
ප්‍රේමයේ ඉ'සියුම්ම තැනක්
හරි අපූරුවට
කවියකින් පිරිමදින
නුඹ
රහසේම ගෙනා ප්‍රේමාරාධනා ගැන
සත්තමයි මහා හිරිවැටුමකිනි
මම ,
නුඹ
සිතින් නග්න කල
ස්ත්‍රී රුවක වරුණාව
වදනින් වදන ගලපන සඳ
සත්තමයි
එ' කවි කියවන හැමට වඩා
මහා නොඉවසිල්ලකිනි
මතු අනාවේ අපේ මධුසමය ගැන
මම ,
ඉතින්
මා කවිකාර හිමි සඳ
අදයි අපි අපේ වූ ඒ දින....
නුරාවෙන් හිස් වෙච්ච බඳුනක
මත් වතුර පිරී ඇත කර වට
මා මෙතෙක් නොදුටු නව කවියක
පද මැවේ එලිසමය එලිවැටද පැටලුන
මධු සඳත් නිවෙන්නට අහවර
කෝ කොහිද හොයනවා පොඩි වෙච්ච මල් පැස
රැල්ලක්වත් නොනැගි සුදු පිරුවට
අහනවා කෝ නුඹේ ශෘංගාර කවිකමේ සාක්ෂිය ....?
Subscribe to:
Post Comments (Atom)
රංකඳ රාවණා !!
ඔන්න කාලෙකට පස්සෙ මගේම බ්ලොග් එක මටම මතක් වෙලා මේ පැත්තට ආවා.හදිස්සියෙම එන්න හිතුනෙ නම් මගේ ජීවිතේ තවත් හීනයක් සැබෑ වීමක් ගැන පුංචි ආරංචිය...
-
මේ දවස්වල මගේ සාමාන්‍ය දින චරියාව සේරම අන්ජබජල් වෙලා. අනේ කාටවත් කිසිම කරදරයක් නැතුව කතාවක් කවියක් ලියාගෙන සිංදුවක් අහගෙන ඉඳලා හිටලා සත්තර...
-
අද මැයි මාසේ 17 වෙනිදා.... අද වගේ දවසක ඔයා මේ ලෝකේ එළිය දකිනවා අද වගේම දවසක මම ඔයාගේ ලෝකෙට එළිය අරන් එනවා ( ඒ ඔයා කියන විදිය ) ඔව්... ඒ ...
-
ඔන්න ඉතින් ඔයාලට මතක ඇතිනේ මේ ළඟදී මං ගිය පොදු ගමනාගමනයේ චාරිකාව. ඒක කොයි තරං ජොලිද කියනවනම් තාමත් මගේ දකුණු අත උස්සනක...
"කවියක් සමග සරණ ගියෙමි" වගේම "කවියෙක් සමග සරණ ගියෙමි" කියලත් මේ පද රසවිඳින්න පුළුවන්.ලස්සන නිර්මාණයක වෙනස්ම අදහසක් එක්ක.(දැන් එතකොට කතාව ලියන්නෙ අපි ද?😀😀)
ReplyDeleteකවියක් සමඟ සරණ ගියෙමි කිව්වේ කවියාව කවියෙන් මැනලා කවියට පෙම් බැදලා කසාද බැඳ ගත්ත නිසයි.හි හී කතාවට මද විරාමයක් දීල එපැයි දාන්න.
DeleteThis comment has been removed by the author.
Deleteආසාවෙන් ලියාගෙන ගිහින් climax එකෙන් හිරවුණු කවියක් ගැන කියල ඉස්සෙල්ලාම හිතුනෙ .
Deleteතව පද කීපයක් එකතු කලා දැන් වැටහේවි
Deleteඈතකින් හිඳ දුටුව රූ සිරි හිතේ කවදත් වෙන් නොවේ
ReplyDeleteදෝතකින් මදු මලේ සියුමැලි සුවයකින් නිති ගිම් නිවේ
සීතකින් වෙලි ධවල පිරුවට ප්‍රේම ගිණි අවුලයි සුවේ
ආලෙකින් ගත පහස දෙන සඳ කවියකට එහි ඉඩ නොවේ.....
සඳූ. දවසින් දවස අපූරු කවිකම්. ලස්සනයි.
ජයවේවා!!!
අපූරුයි දුමී.... හැබැයි පොඩි චෝදනාවක් තියෙනවා දැන් ඉස්සර තරම් නොලියන්නේ ඇයි.
Deleteකවිය කියන්නේ කවියාගේ හිතේ මැවෙන හිතිවිලි මාත්‍රයක් පමණයි...
ReplyDeleteඑතන කවියයි, කවිය ලියපු කෙනයි දෙන්නෙක් කියනඑක කවදාවත් අමතක නොකළ යුතු දෙයක්...
දක්ෂ කවියෙකුට ගැහැණියක් දුෂනය කරලා, ඒ ගැහැණියව ලඟින් තියන්, පවිත්‍ර පුජනිය ප්‍රේමය ගැන හදවත කළඹවන කවියක් ලියන්න පුළුවන් බව අමතක කරන්නෙපා...එහෙම චරිත දෙකේ අය තමයි වැඩිපුර ඔය බුකියේ කවි ලියන්නේ...
ඉතින් කොහොමද නංගි එහෙම අයගෙන් කවියේ තියන ශෘංගාරය බලාපොරොත්තු වෙන්නේ...
අර්ථවත් නිර්මාණයක්....
සත්තකින්ම අක්කා කවියයි කවි ලියන්නයි පටල ගත්තම ඔහොම වෙනවා.ඔයාව දැක්කේ ගොඩක් දවසකින්...
Deleteඕකනේ ඉතින් බැරි....
ReplyDeleteරෝමාන්තික කවි, ලියුම් වලින් මැනලා කරකාර බැන්දම වෙන්නේ ඔය සිද්ධිය තමයි. සරලව කිව්වට මෙතන බරපතල ගැටළුවක් ගැන කියන්නේ...
සමහර රෝමාන්තික කම්, කඩදාසි වල විතරයි!
ඕකනේ ඉතින් කවි බලලා නිකන් ඉන්නේ නැතුව කවියාව හොයන්න ගියාම වෙන දෙවල්.ස්තූතී හොදේ ඇගයීමට
Deleteරස වින්ඳා. ඔබ සීමා මායිම් තල්ලු කරන්න දක්ෂයි.
ReplyDeleteස්තූතී ඉයන් ඔබේ ඇගයීම මට තල්ලුවක්
Deleteඅඩෙයි.. පසික්කිදා...? විඩමාටේ !!!! ඒම තල්ලු කොරාන්ට එහෙම එනවා නෙවෙයි අපේ සඳවතිය හෙම ඔන්න???
Deleteහි හී...
Deleteකවිකමේ ශෘංගාරය යහනේදීත් බලාපොරොත්තු වීම මායාවක්මය.
ReplyDeleteඒකනේ කවි වල කවියාව හොයන්න යන එක හෙනම අවුල්
DeleteHama kaviyekma pirisidu adare danne naa. Rasa vidhillai, kavikamayi, dekak. Harima lassanai .
ReplyDeleteබොහොම ස්තූතී ඔබේ අදහසට
Delete😍😍😍😍
ReplyDeleteස්තූතී ස්තූතී
Delete/// නුරාවෙන් හිස් වෙච්ච බඳුනක
ReplyDeleteමත් වතුර පිරී ඇත කර වට
මා මෙතෙක් නොදුටු නව කවියක
පද මැවේ එලිසමය එලිවැටද පැටලුන//
මේ ටික නං...මරේ මරු.....!
ඔහේ ෂෝක්...!!!!
ස්තූතී ආකී....
Deleteමන් ආයෙත් කවි ලියන්නෙ නෑ.සාමාජය මන් ගැනත් වැරදි විදියට හිතාවි.
ReplyDeleteහි හී එහෙමද ?
Deleteකවිය පට්ටයි
ReplyDeleteවෙලාවක්නෑ කවි රිපක් දාන්න
සොරි හොදේ
ජය
රිප්ලයි නැත්ත ඇවිත් ගිය එකම සතුටක්
Delete//නුරාවෙන් හිස් වෙච්ච බඳුනක
ReplyDeleteමත් වතුර පිරී ඇත කර වට
මා මෙතෙක් නොදුටු නව කවියක
පද මැවේ එලිසමය එලිවැටද පැටලුන
මධු සඳත් නිවෙන්නට අහවර
කෝ කොහිද හොයනවා පොඩි වෙච්ච මල් පැස
රැල්ලක්වත් නොනැගි සුදු පිරුවට
අහනවා කෝ නුඹේ ශෘංගාර කවිකමේ සාක්ෂිය ....?//
සුන්දරයි ..... විශිෂ්ටයි සොඳුරු මිතුරිය ....
ස්තූති සඳ ඔබේ ආගමනයට මෙහෙට
Deleteසත්තලන් කවියක්.. :)
ReplyDeleteබැලුවම කොමෙන්ට් කරපු වැඩි දෙනෙකුත් කවිය පැත්තකින් තියල ශෘංගාර කවිකමේ සාක්ෂි ම හොයලා වගේ.. ;)
හි හී ඔව් ඉතින් නැති දෙවල් හොයන්න එපැයි නැතන් අවුල්නේ
Deleteලියන කියන දේවල්වලින් කියන්නේ ඒ මනුස්සයාගේ ජීවිතයමනම් මොනවා කරන්න බැරිද.... අකුරු අකුරුම විතරයි. ඒත් හුස්ම හරි රස්නෙයි.
ReplyDeleteහ්ම්ම්ම් ඒකනේ කටුසු... ගොඩක් අය ඔතන පටලව ගන්නවා
Deleteඅපුරුම කවියක්...සඳාගේ කවිකම් නම් නියමයි
ReplyDeleteස්තූතී ස්තූතී සුදා
Deleteහරිම ලස්සන කවි සංකල්පනාවක් , අද තමයි මේ පැත්තට ගොඩ උනේ . අපේ පැත්තටත් ගොඩ වෙලා යන්න
ReplyDeletehttp://snimalka.blogspot.com/
බොහොම ස්තූතී ඔබට.. දිගටම එන්න කියලා සෙනෙහසින් ආරාධනා කරනවා. අනිවා මමත් එහෙ එන්නම්
Deleteමේ සිතිවිලි හිතෙන එකම මාරයි. ඔබේ කවිකාර පෙම්වතා ලියලා තියෙන්නේ හොරට. මිනිහා අන්‍ය චරිතවලට මුවා වෙලා ..... ගැහැණිය රැවටිලා තියෙන්නෙ කවියා ඇතුලේ ඉන්න මවා ගත්ත ආත්මයට...
ReplyDeleteස්තූතියි කොච්චි අදනෙ මේ කමෙන්ට් දැක්කේ.
Delete