සඳට බැළුම් හෙලූ අය

Jun 18, 2017

කවියක් හා සරණ ගියෙමි !




ප්‍රේමයේ ඉ'සියුම්ම තැනක්
හරි අපූරුවට
කවියකින් පිරිමදින
නුඹ
රහසේම ගෙනා ප්‍රේමාරාධනා ගැන
සත්තමයි මහා හිරිවැටුමකිනි
මම ,

නුඹ
සිතින් නග්න කල
ස්ත්‍රී රුවක වරුණාව
වදනින් වදන ගලපන සඳ
සත්තමයි
එ' කවි කියවන හැමට වඩා
මහා නොඉවසිල්ලකිනි
මතු අනාවේ අපේ මධුසමය ගැන
මම ,

ඉතින්
මා කවිකාර හිමි සඳ
අදයි අපි අපේ වූ ඒ දින....

නුරාවෙන් හිස් වෙච්ච බඳුනක
මත් වතුර පිරී ඇත කර වට
මා මෙතෙක් නොදුටු නව කවියක
පද මැවේ එලිසමය එලිවැටද  පැටලුන

මධු සඳත් නිවෙන්නට අහවර
කෝ කොහිද හොයනවා පොඩි වෙච්ච මල් පැස
රැල්ලක්වත් නොනැගි සුදු පිරුවට
අහනවා කෝ නුඹේ ශෘංගාර  කවිකමේ සාක්ෂිය ....?

39 comments:

  1. "කවියක් සමග සරණ ගියෙමි" වගේම "කවියෙක් සමග සරණ ගියෙමි" කියලත් මේ පද රසවිඳින්න පුළුවන්.ලස්සන නිර්මාණයක වෙනස්ම අදහසක් එක්ක.(දැන් එතකොට කතාව ලියන්නෙ අපි ද?😀😀)

    ReplyDelete
    Replies
    1. කවියක් සමඟ සරණ ගියෙමි කිව්වේ කවියාව කවියෙන් මැනලා කවියට පෙම් බැදලා කසාද බැඳ ගත්ත නිසයි.හි හී කතාවට මද විරාමයක් දීල එපැයි දාන්න.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. ආසාවෙන් ලියාගෙන ගිහින් climax එකෙන් හිරවුණු කවියක් ගැන කියල ඉස්සෙල්ලාම හිතුනෙ .

      Delete
    4. තව පද කීපයක් එකතු කලා දැන් වැටහේවි

      Delete
  2. ඈතකින් හිඳ දුටුව රූ සිරි හිතේ කවදත් වෙන් නොවේ
    දෝතකින් මදු මලේ සියුමැලි සුවයකින් නිති ගිම් නිවේ
    සීතකින් වෙලි ධවල පිරුවට ප්‍රේම ගිණි අවුලයි සුවේ
    ආලෙකින් ගත පහස දෙන සඳ කවියකට එහි ඉඩ නොවේ.....

    සඳූ. දවසින් දවස අපූරු කවිකම්. ලස්සනයි.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. අපූරුයි දුමී.... හැබැයි පොඩි චෝදනාවක් තියෙනවා දැන් ඉස්සර තරම් නොලියන්නේ ඇයි.

      Delete
  3. කවිය කියන්නේ කවියාගේ හිතේ මැවෙන හිතිවිලි මාත්‍රයක් පමණයි...

    එතන කවියයි, කවිය ලියපු කෙනයි දෙන්නෙක් කියනඑක කවදාවත් අමතක නොකළ යුතු දෙයක්...

    දක්ෂ කවියෙකුට ගැහැණියක් දුෂනය කරලා, ඒ ගැහැණියව ලඟින් තියන්, පවිත්‍ර පුජනිය ප්‍රේමය ගැන හදවත කළඹවන කවියක් ලියන්න පුළුවන් බව අමතක කරන්නෙපා...එහෙම චරිත දෙකේ අය තමයි වැඩිපුර ඔය බුකියේ කවි ලියන්නේ...

    ඉතින් කොහොමද නංගි එහෙම අයගෙන් කවියේ තියන ශෘංගාරය බලාපොරොත්තු වෙන්නේ...

    අර්ථවත් නිර්මාණයක්....

    ReplyDelete
    Replies
    1. සත්තකින්ම අක්කා කවියයි කවි ලියන්නයි පටල ගත්තම ඔහොම වෙනවා.ඔයාව දැක්කේ ගොඩක් දවසකින්...

      Delete
  4. ඕකනේ ඉතින් බැරි....
    රෝමාන්තික කවි, ලියුම් වලින් මැනලා කරකාර බැන්දම වෙන්නේ ඔය සිද්ධිය තමයි. සරලව කිව්වට මෙතන බරපතල ගැටළුවක් ගැන කියන්නේ...
    සමහර රෝමාන්තික කම්, කඩදාසි වල විතරයි!

    ReplyDelete
    Replies
    1. ඕකනේ ඉතින් කවි බලලා නිකන් ඉන්නේ නැතුව කවියාව හොයන්න ගියාම වෙන දෙවල්.ස්තූතී හොදේ ඇගයීමට

      Delete
  5. රස වින්ඳා. ඔබ සීමා මායිම් තල්ලු කරන්න දක්ෂයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතී ඉයන් ඔබේ ඇගයීම මට තල්ලුවක්

      Delete
    2. අඩෙයි.. පසික්කිදා...? විඩමාටේ !!!! ඒම තල්ලු කොරාන්ට එහෙම එනවා නෙවෙයි අපේ සඳවතිය හෙම ඔන්න???

      Delete
  6. කවිකමේ ශෘංගාරය යහනේදීත් බලාපොරොත්තු වීම මායාවක්මය.

    ReplyDelete
    Replies
    1. ඒකනේ කවි වල කවියාව හොයන්න යන එක හෙනම අවුල්

      Delete
  7. Hama kaviyekma pirisidu adare danne naa. Rasa vidhillai, kavikamayi, dekak. Harima lassanai .

    ReplyDelete
  8. /// නුරාවෙන් හිස් වෙච්ච බඳුනක
    මත් වතුර පිරී ඇත කර වට
    මා මෙතෙක් නොදුටු නව කවියක
    පද මැවේ එලිසමය එලිවැටද පැටලුන//

    මේ ටික නං...මරේ මරු.....!
    ඔහේ ෂෝක්...!!!!

    ReplyDelete
  9. මන් ආයෙත් කවි ලියන්නෙ නෑ.සාමාජය මන් ගැනත් වැරදි විදියට හිතාවි.

    ReplyDelete
  10. කවිය පට්ටයි
    වෙලාවක්නෑ කවි රිපක් දාන්න
    සොරි හොදේ
    ජය

    ReplyDelete
    Replies
    1. රිප්ලයි නැත්ත ඇවිත් ගිය එකම සතුටක්

      Delete
  11. //නුරාවෙන් හිස් වෙච්ච බඳුනක
    මත් වතුර පිරී ඇත කර වට
    මා මෙතෙක් නොදුටු නව කවියක
    පද මැවේ එලිසමය එලිවැටද පැටලුන

    මධු සඳත් නිවෙන්නට අහවර
    කෝ කොහිද හොයනවා පොඩි වෙච්ච මල් පැස
    රැල්ලක්වත් නොනැගි සුදු පිරුවට
    අහනවා කෝ නුඹේ ශෘංගාර කවිකමේ සාක්ෂිය ....?//

    සුන්දරයි ..... විශිෂ්ටයි සොඳුරු මිතුරිය ....

    ReplyDelete
    Replies
    1. ස්තූති සඳ ඔබේ ආගමනයට මෙහෙට

      Delete
  12. සත්තලන් කවියක්.. :)

    බැලුවම කොමෙන්ට් කරපු වැඩි දෙනෙකුත් කවිය පැත්තකින් තියල ශෘංගාර කවිකමේ සාක්ෂි ම හොයලා වගේ.. ;)

    ReplyDelete
    Replies
    1. හි හී ඔව් ඉතින් නැති දෙවල් හොයන්න එපැයි නැතන් අවුල්නේ

      Delete
  13. ලියන කියන දේවල්වලින් කියන්නේ ඒ මනුස්සයාගේ ජීවිතයමනම් මොනවා කරන්න බැරිද.... අකුරු අකුරුම විතරයි. ඒත් හුස්ම හරි රස්නෙයි.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම් ඒකනේ කටුසු... ගොඩක් අය ඔතන පටලව ගන්නවා

      Delete
  14. අපුරුම කවියක්...සඳාගේ කවිකම් නම් නියමයි

    ReplyDelete
  15. හරිම ලස්සන කවි සංකල්පනාවක් , අද තමයි මේ පැත්තට ගොඩ උනේ . අපේ පැත්තටත් ගොඩ වෙලා යන්න
    http://snimalka.blogspot.com/

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතී ඔබට.. දිගටම එන්න කියලා සෙනෙහසින් ආරාධනා කරනවා. අනිවා මමත් එහෙ එන්නම්

      Delete
  16. මේ සිතිවිලි හිතෙන එකම මාරයි. ඔබේ කවිකාර පෙම්වතා ලියලා තියෙන්නේ හොරට. මිනිහා අන්‍ය චරිතවලට මුවා වෙලා ..... ගැහැණිය රැවටිලා තියෙන්නෙ කවියා ඇතුලේ ඉන්න මවා ගත්ත ආත්මයට...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කොච්චි අදනෙ මේ කමෙන්ට් දැක්කේ.

      Delete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...