සඳට බැළුම් හෙලූ අය

Jul 15, 2017

ඉතින් එනවද ඔයා !









කඳුලු පැන් කෙංඩියම පුරවගෙන මහ බරින්
ආදරේ තොටුපොලේ මං බලා හිඳින්නම්
ගව් සියක් දුර ගෙවා පීනා උඩුගං බලා
ඉතින් එනවද ඔයා..........

නිල් සඳ මඬළ යට වැතිර බැති පෙම දරා
පපුතුරට තුරුලු වෙමු ආදරෙන් දුක දරා
අයිතිකරගෙන මටම අහිමි වෙනවට වඩා
නෙත් වලින් කතා කර හිතින් සැනසෙමු සදා....

වෙලි වෙලී දැවටෙමින් මුලු රෑම නිදිවරා
උණුහුමට ගුළි වෙන්න ළඟින් ඔබ නෑ තමා
ඒ උනත් මහ රෑක ඇවිත් සිහිනය පුරා
නිදියන්න මගෙ මැණික කියා යනවද ඔයා.....

21 comments:

  1. අළුයම් පිබිදෙන ඔබගේ දෑසේ
    මල් පෙති අග මිනි කඳුලක් රඳවා
    සුසුමක් වාගේ ඉන් පිටවී
    ඔබගෙන් වෙන් වෙන්නම්
    අඳුරට ඉඩදී අඳුරේ සැඟවී
    ඔබගෙන් වී මා යන්නම්

    ReplyDelete
    Replies
    1. ඔබ අවුදින් සිව් දිගින්
      මා දෙනෙතේ දැවටෙමින්
      සිත තැවුල් මවාලයි
      පුරා රැය නිතින්.....

      Delete
  2. කවියක් ලියාගන්න බෑ නේ මට මේ වෙලාවේ ශානී...

    ReplyDelete
    Replies
    1. කවි එපා අනේ ඔය ආකි වගේ සින්දු කෑල්ලක්වත් දාලා ශේප් වෙන්නකෝ

      Delete
  3. පීනන්නම ඕනෙද? බස් නැති පැත්තක්ද?

    ReplyDelete
    Replies
    1. ඕ... යෑස්.... බස් වලින් එන්නම බෑ

      Delete
  4. ඔය තොටුපොළේ පාලම් පාරුවක් නැත්නම් ඔරු කබලක්වත් නැද්ද අප්පා.පොඩ්ඩක් ද ගව් සීයක්ම පීනන්න තියෙනවනෙ.

    ReplyDelete
    Replies
    1. ආදරේ කොරද්දි එහෙම ලේසි පාරවල් වලින් ඇවිත් වැඩක් නෑ අප්පා... දුක් විදලා කට්ට කාලා එන්න ඕනෙ

      Delete
  5. දියකාවියෙක් කබරයෙක්ට කියන කවියක්😁

    කොහොමවුනත් කවිය ලස්සනයි. ජයවේවා....

    ReplyDelete
    Replies
    1. ඒකනේ... උනුත් ආදලේ කොරන්න එපැයි

      Delete
  6. නිල් සඳ මඩළෙ රෑ පින්නට හාදවෙලා
    සල් සුවඳකින් මතකය හැම අලුත් වෙලා
    පැල් බැඳගෙනම සිහිනෙක සිහිනයක් වෙලා
    මල් සුවඳකින් ළඟ ඉමි මා තුරුල් වෙලා.....

    ලස්සනයි සඳූ...

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. අනේ ලස්සනයි දුමී ස්තූතී

      Delete
  7. ඔබගෙන් වෙන්වී මා යන්නම් ???

    උත්තරයක් ලියන්නයි හිත..
    නොලියා ඉන්නමයි ඒ උනත් හිත

    ReplyDelete
    Replies
    1. හිත කියන දේ නාහා ඔයා ලියන්න අනේ

      Delete
    2. //ඔබගෙන් වෙන්වී මා යන්නම් ???///

      ලිඛිතා කොනක් අල්ලගෙන....!
      :)

      Delete
    3. කොනක් අල්ලා ගැනීමත් කලාවකි... මම එහි පිකාසෝ වම්හ!

      කොන් ඉතුරු කොට ලිවීමත් කලාවකි.

      සොසා : ඉන්ටකො මම ලියන්ට කවි!

      Delete
    4. කොනක් අල්ලගෙන හරි කමක් නෑ ලියන්න මෙයා

      Delete
  8. ////ඒ උනත් මහ රෑක ඇවිත් සිහිනය පුරා
    නිදියන්න මගෙ මැණික කියා යනවද ඔයා.....///

    මේ ටික හරිම ලස්සනයි.... හිතට වැදුනා...

    අපූරු කවක් සදවතී...

    ReplyDelete
    Replies
    1. ස්තූතී නිර්මාණී මේ සොඳුරු ඇගයීමට

      Delete
  9. තනිපන්ගලමේ තොටුපලවල් අයිනෙ ඉන්න එපා බන් කෙල්ලෙ

    ReplyDelete
    Replies
    1. තනියම නෙවෙයි අහල පහල කබරගොයි දියනයි එහෙම ඇතිනේ හි හී

      Delete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...