සඳට බැළුම් හෙලූ අය

Jul 17, 2017

තව ඉන්න බෑ හුස්මක් වෙලා !





ඉතින් අර දුමීගේ  හුස්මෙවත් නැවතී හිදීනම්  කියවලා පිලිතුරක් ලියනවා කිව්වනේ. පොරොන්දුවක් උනානම් ඒක ඉටුකරන්නත් එපායැ. අන්න ඒ නිසා තමා මෙන්න මේක ලියවුනේ.


නිකිණි මාසෙක හීන අරගෙන ඇවිත් රහසෙම ළංවෙලා
බකිණි මල වගෙ පිපුණු මගෙ හිත ඔබේ ප්‍රේමෙන් මත්කලා
සකුණි විලසින් ඔබේ  සෙනෙහස් උයනෙ රිසි සේ තටුසලා
ගිලුණි හුස්මක් ගන්නටත් බැරි තැනක ඔබගෙන් වෙන්වෙලා

දරාගෙන නිහඬවම කඳුළක් ඇස් දෙකේ පෙම හංගලා
නිරාමිස සුව වින්ද ප'පුතුර රිදෙයි හුස්මක් හිරවෙලා
පුරාගෙන ආ පැතුම් කන්දම නාය ගිය තැන තනිවෙලා
සරාසඳ කෝ කොහෙද අද නෑ අමාවක ජීවිතෙ වෙලා

සිතින් සමනල් හීන දැක දැක සත්තමයි මං පෙම්කලා
බැතින් පිදු පෙම කොනින් අල්ලා වැරෙන් ඈතට විසිකලා
හදින් පිටමං කරපු තැන තව ඉන්න බෑ හුස්මක් වෙලා

ඉතින් යනු මැන අවසරයි මගෙ ලෝකයෙන් පිටමංවෙලා

14 comments:

  1. පොරොන්දු ඉටු කරන සදූට පළමුව මගේ ස්තූතිය.
    මාත් බල බලා හිටියේ සඳූ පිළිතුරක් ලියනකන්.
    මේකනම් ලස්සනම ලස්සන පිළිතුරක්. සඳූගේ පුරුදු වචන ටිකක් මේ කවියට තවත් රහක් ගෙනත් තියෙනවා. අපූරුයි සඳූ.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔයාගෙ කවිය නැත්තන් මේ කවියත් නෑ ඉතින්.. ඒ නිසා එහෙම කවියක් ලියලා මගේ සිතුවිලි අවදි කරපු ඔයාට ගොඩක් ස්තූතී

      Delete
  2. හදින් පිටමං කරපු තැන තව ඉන්න බෑ හුස්මක් වෙලා
    ඉතින් යනු මැන ඔන්න අවසර මගේ ලෝකෙන් පිටවෙලා

    cruel

    ReplyDelete
    Replies
    1. හෑ... මම නම් අහින්සකයි රටක් වටී... කවියත් එහෙමට කෲර නෑ මෙයා

      Delete
  3. අපුරූ පිළිතුරක් සොදුරු.හුස්මෙ නැවතී නොඉන්න හිතපු එක හොදයි.
    නැත්තන් අපේ දුමියා හුස්ම නොගෙන ඉදලා එක ව්පාකයක් කරගන්නවා.

    ReplyDelete
    Replies
    1. එකනේ ඔහොම හුස්ම හිර කරන් ඉන්න පුලුවනෑ මොනා උනත්

      Delete
  4. මේ කවිය හරිම ලස්සනයි සඳූ.... විශිෂ්ටයි...

    ReplyDelete
    Replies
    1. ගොඩක්ම ස්තූතී නිර්මාණී

      Delete
  5. අපි විරහ රසයට කැමතියි ගොඩක්.....!

    ReplyDelete
    Replies
    1. වෙලාවකට ඔය විරහව තරම් වෙන මුකුත් රස නෑ

      Delete
  6. හරිම ලස්සනයි පිළිතුරු කවියත් ;-)

    ReplyDelete
    Replies
    1. ස්තූතී වටිනව මේ දිරිමත් කිරීම් මට

      Delete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...