සඳට බැළුම් හෙලූ අය

Jul 22, 2017

නුවර අහස යට !



අන්න ආයෙත් වැව රවුම දිග
පිපෙනවා රොබරෝසියා
ඔයා කෝ ! ඉන්නවද අහලක
හොරෙන්වත් මාදෙස බලා

හීනි ඉඳිකටු වගේ වැහි තුඩු
ඇවිත් වැදුනම ළය පුරා
සත්තමයි ! හිත රිදුම් දෙනවා
හන්තාන කන්දට එහා

මාළිගාවේ නාථ දෙවොලෙදි
ඔබේ ඇස් මට කී කතා
අහන් ඉන්නැති ! නුඹට වැඩියෙන්
ළතෙන් අර කෞතුක ඇතා

ගැට ගැහුවෙ නැතුවාට පඬුරක්
අනේ මං නුඹවම පතා
ඇත්තමයි ! දුක වාං දානව
කිරි මූදෙ රළටත් වඩා

16 comments:

  1. රොබේසියා මල් කියන්නෙ ප්‍රේමාන්විත පරිසරයක් මවන්න පුළුවන් මල් ජාතියක් නෙහ්...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම් ඔව් මම හරිම ආසයි මේ මල් පිපෙන කාලෙට

      Delete
  2. පින්නෙ තෙමි තෙමි ළදළු මත්තෙම පිපෙයි ඒ රොබරෝසියා
    එන්නෙ මතකෙට එදා අප සිටි නුවර විසිතුරු කිය කියා
    දුන්නෙ මගෙ හිත කිසිම දිනයක වෙනස්වෙන්නෙම නෑ කියා
    දන්නෙ නැහැ අපෙ පෙමට ඇස්වහ වැදුනෙ කාගෙන්දෝ කියා.....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. http://dumimda.blogspot.com/2016/11/blog-post_15.html?m=1

      Delete
    2. ස්තූතී දුමී.. මට මතකයි ඔයාගේ මේ කවිය, මොකද මමත් ඒකට කවියක් ලිව්වනේ රොබරෝසියා ගැන

      Delete
  3. එහෙම කොහොමද කවි ලියන්නේ,
    නුවර ගැන නුඹ වන් ළඳුන්,
    වහා අවසර ගනිං නිසිලෙස,
    ගසා දණ බිම වැඳ වැටෙන්...

    ReplyDelete
    Replies
    1. හප්පා එහෙමද... මාව දංගෙඩියට අරන් යයිද අයියෝ

      Delete
  4. කතාවක් බාගෙට ලියලා දැන් ඒක මතකනෑ වගේ කවි ලියනව.හිත රිදෙන එක හොඳයි.

    ReplyDelete
    Replies
    1. මම මැරෙන්න ඔන්න මෙන්න ඉන්නේ අප්පා කතාව බාගෙට ලියලා තියෙන්නෙ සනීප උනාම දාන්නම්

      Delete
    2. ඉක්මන් සුවය පතනවා සඳවතී .

      Delete
  5. හරිම ලස්සනයි..නුවර ගිහින් එනගමන්ද කොහෙද බදජරිකමට කාල...අනේ මන්ද...ලෙඩ වෙලා නේ ..ඉක්මන් සුවය නංගි

    ReplyDelete
    Replies
    1. නෑ අක්කෝ එවා සේරම ගත්තෙ අලුත්ගම කන්දෙ විහාරෙ ගිහින් එන ගමන්... තාම හොද අනෙ අප්පා එපා වෙලා

      Delete
  6. "ගැට ගැහුවෙ නැතුවාට පඬුරක්
    අනේ මං නුඹවම පතා
    ඇත්තමයි"

    ලස්සනයි ඇත්තමයි

    ReplyDelete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...