සඳට බැළුම් හෙලූ අය
Jul 17, 2017
තව ඉන්න බෑ හුස්මක් වෙලා !
ඉතින් අර දුමීගේ හුස්මෙවත් නැවතී හිදීනම් කියවලා පිලිතුරක් ලියනවා කිව්වනේ. පොරොන්දුවක් උනානම් ඒක ඉටුකරන්නත් එපායැ. අන්න ඒ නිසා තමා මෙන්න මේක ලියවුනේ.
නිකිණි මාසෙක හීන අරගෙන ඇවිත් රහසෙම ළංවෙලා
බකිණි මල වගෙ පිපුණු මගෙ හිත ඔබේ ප්‍රේමෙන් මත්කලා
සකුණි විලසින් ඔබේ සෙනෙහස් උයනෙ රිසි සේ තටුසලා
ගිලුණි හුස්මක් ගන්නටත් බැරි තැනක ඔබගෙන් වෙන්වෙලා
දරාගෙන නිහඬවම කඳුළක් ඇස් දෙකේ පෙම හංගලා
නිරාමිස සුව වින්ද ප'පුතුර රිදෙයි හුස්මක් හිරවෙලා
පුරාගෙන ආ පැතුම් කන්දම නාය ගිය තැන තනිවෙලා
සරාසඳ කෝ කොහෙද අද නෑ අමාවක ජීවිතෙ වෙලා
සිතින් සමනල් හීන දැක දැක සත්තමයි මං පෙම්කලා
බැතින් පිදු පෙම කොනින් අල්ලා වැරෙන් ඈතට විසිකලා
හදින් පිටමං කරපු තැන තව ඉන්න බෑ හුස්මක් වෙලා
ඉතින් යනු මැන අවසරයි මගෙ ලෝකයෙන් පිටමංවෙලා
Subscribe to:
Post Comments (Atom)
දිනූ මගේ යකෝව්....!
මෝඩ තරිඳු බැලුවාය.කෙටියෙන්ම කියනවා නම් මරුය..මරේ මරුය.සතියේ දවසක 7.30 ශෝ එකද හවුස්ම ෆුල් ය.මියුසික් අතිවිශිෂ්ටය..හැමෝගෙම ඇක්ටිං ද එහෙමය.මං ...
-
මේ දවස්වල මගේ සාමාන්‍ය දින චරියාව සේරම අන්ජබජල් වෙලා. අනේ කාටවත් කිසිම කරදරයක් නැතුව කතාවක් කවියක් ලියාගෙන සිංදුවක් අහගෙන ඉඳලා හිටලා සත්තර...
-
අද මැයි මාසේ 17 වෙනිදා.... අද වගේ දවසක ඔයා මේ ලෝකේ එළිය දකිනවා අද වගේම දවසක මම ඔයාගේ ලෝකෙට එළිය අරන් එනවා ( ඒ ඔයා කියන විදිය ) ඔව්... ඒ ...
-
සුන්දර සුවබර බිනර මාසයක් වේවා ඔයාලට!💐💐💐 බොහොම අවිවේකී සති අන්තයකට පස්සෙ සදුඳාට එළිය වැටුනේ අලුත් මාසයක් එක්කමයි.සැප්තැම්බර් ඒ කියන්නෙ ...

පොරොන්දු ඉටු කරන සදූට පළමුව මගේ ස්තූතිය.
ReplyDeleteමාත් බල බලා හිටියේ සඳූ පිළිතුරක් ලියනකන්.
මේකනම් ලස්සනම ලස්සන පිළිතුරක්. සඳූගේ පුරුදු වචන ටිකක් මේ කවියට තවත් රහක් ගෙනත් තියෙනවා. අපූරුයි සඳූ.
ජයවේවා!!!
ඔයාගෙ කවිය නැත්තන් මේ කවියත් නෑ ඉතින්.. ඒ නිසා එහෙම කවියක් ලියලා මගේ සිතුවිලි අවදි කරපු ඔයාට ගොඩක් ස්තූතී
Deleteහදින් පිටමං කරපු තැන තව ඉන්න බෑ හුස්මක් වෙලා
ReplyDeleteඉතින් යනු මැන ඔන්න අවසර මගේ ලෝකෙන් පිටවෙලා
cruel
හෑ... මම නම් අහින්සකයි රටක් වටී... කවියත් එහෙමට කෲර නෑ මෙයා
Deleteඅපුරූ පිළිතුරක් සොදුරු.හුස්මෙ නැවතී නොඉන්න හිතපු එක හොදයි.
ReplyDeleteනැත්තන් අපේ දුමියා හුස්ම නොගෙන ඉදලා එක ව්පාකයක් කරගන්නවා.
එකනේ ඔහොම හුස්ම හිර කරන් ඉන්න පුලුවනෑ මොනා උනත්
Deleteමේ කවිය හරිම ලස්සනයි සඳූ.... විශිෂ්ටයි...
ReplyDeleteගොඩක්ම ස්තූතී නිර්මාණී
Deleteඅපි විරහ රසයට කැමතියි ගොඩක්.....!
ReplyDeleteවෙලාවකට ඔය විරහව තරම් වෙන මුකුත් රස නෑ
Deleteහරිම ලස්සනයි පිළිතුරු කවියත් ;-)
ReplyDeleteස්තූතී වටිනව මේ දිරිමත් කිරීම් මට
Deleteලස්සනයි සඳු
ReplyDeleteස්තූතී ඉතින්
Delete