සඳට බැළුම් හෙලූ අය

Aug 21, 2017

මගෙ සුදු ආඩම්බරකාරී !





කලු  පාට ලොකු බෝල ඇස් අගින් හිනැහෙච්චි
ඒ හිනාවට උදේ මල් පවා ඇහැරිච්චි
මා එක්ක මහ දුරක් යන්න වාරුව වෙච්චි
හද ඉවුර මත වැහුව නුඹයි මගෙ බට්ටිච්චි

මගේ සෙනෙහසේ තටු වලින් තව පිම්බිච්චි
දාංගලෙ පොඩි එකෙක් වගේ තව නැට්ටිච්චි
පොට්ටුවක් තිබ්බාම වගෙයි හැඩ තංගච්චි
පළන්දන්නද උඹට මාලයක් මීනච්චි

පොඩි නෝක්කාඩු ළඟ මලක් වගෙ මැලවෙච්චි
තොදොල් වෙන්නට ඉඩක් ලැබෙන තැන පැලවෙච්චි
කිරිල්ලක් වගේ නිදහසේ ඔහෙ ඉගිලිච්චි
ඉතින් මගෙ ජීවිතේ නුඹට සින්නම වෙච්චි



17 comments:

  1. නුඹ සමග බොහො දුරක් ගිය දෙපා ඇවිලිච්චි
    නුඹ නොදන්නා නමුත් පය රිදුම් ඇතිවෙච්චි
    නුඹගෙ තටු වලට මගෙ ඇටකටුද පොඩි වෙච්චි
    නුඹටනම් විහිලුවකි මගෙ හුස්ම නැතිවෙච්චි.... :) :)

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. හි හී අයියෝ මට හිනා... සත්තලන්ගෙන් අහලා බලන්න ඕනෙ එහෙමද කියලා

      Delete
  2. මට නම් ලස්සනම පදය තමයි මේක ;-)
    "මා එක්ක මහ දුරක් යන්න වාරුව වෙච්චි"

    නියමයි

    ReplyDelete
  3. ලස්සනයි සඳු
    අර කවියද අර එදා කිව්ව

    ReplyDelete
  4. එප්පුඩි සුහම්? නල්ල කවි ටික තංගච්චී..
    උඹේ කවි කියවලා අපි අතරමං වෙච්චී..
    පොඩි එකා කෑ ගහයි කිය කියා අප්පච්චි ..
    පෝ ඉට්ටු වාරේන්.. කියා අපි මංගච්චි.. :))

    ReplyDelete
  5. මවට දුවක මිස.. නේද..??

    හරිම සුන්දරයි අක්කෝ..!!

    ReplyDelete
    Replies
    1. හෑ... එහෙමත් ගන්න පුලුවන් වගේද..? ස්තූතී වැසි දැරිය

      Delete
  6. ඇටකිච්චි....දෙමලිච්චි..නෙල්ලි ගහේ එල්ලිච්චි

    ReplyDelete
    Replies
    1. අනේ දෙයියනේ පව් ඇටිකිච්චි

      Delete
  7. ලාාාාාාාාාාාාාාස්නයි .....

    ReplyDelete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...