සඳට බැළුම් හෙලූ අය

Oct 15, 2017

මේ ප්‍රථම වසන්තයයි 05 !




මේ ප්‍රථම වසන්තයයි 1

මේ ප්‍රථම වසන්තයයි 2

මේ ප්‍රථම වසන්තයයි 3

මේ ප්‍රථම වසන්තයයි 4




 Good Morning  බන්ටි කොටේ .. අද හවස එනවා නේද ?

පාන්දර හය වෙනකොටම ඔයාගෙන් එස් එම් එස් එකක්.මට හිනා ඒක කියවල . දවස ගානේ ඔයාට මට කියන්න මොකක් හරි අලුත් නමක් තිබුන.බන්ටි කොටේ... කොහෙන් හොයා ගන්න නම්ද මන්දා.ඔයාගෙ හොදම යාලුව වෙච්චි මට මෙහෙම නම් හදනවනම් ඔයා ඔයාගෙ අයිතිකාරිට මොන මොනවා කියනා ඇද්ද කියල මම කල්පනා කලා.ඒත් ඔයා එහෙම එයා එක්ක කතා කරනව කියල යාන්තමටවත් ඇහිච්ච මතකයක් මට නෑ.ඔයා එයාට කතා කලේ චූටි කියල මම ළඟ ඉන්න කොට ෆෝන් එක රින්ග් වෙනකොට මම දැකල තියෙන්නෙත් ඔයා සේව් කරල තියෙන ඒ නම.ඒ එයාට ගෙදරට හැමෝම කියන නම.මම ඔයාගෙ ඔෆීස් එකේ ඉන්න වෙලාවට එයාගෙන් කෝල් එකක් ආවම කවදාවත් මම එතනට වෙලා හිටියෙ නෑ ඔය දෙන්නට නිදහසේ කතා කරන්න දීල හැමදාමත් මම හිමින් සැරේ පිටිපස්සෙ බැල්කනියට යනව.සමහර වෙලාවට ඔයා මට ඇස් වලින් අතින් පයින් යන්න එපා කිව්වත් මම ඉක්මනට නැගිටල අයින් වෙනව.ඔයාවයි එයාවයි එකට මතක් වෙලා ඒ උදේ පාන්දරම මගේ හිත හූල්ලන්න ගත්ත.වෙනද වගේ නෙවෙයි දැන් ඒක මහ ගොඩක් වැඩියි.මම කොට්ටෙ බදාගෙන ආපහු මුනින් අතට හැරුනෙ පපුවට දැනෙන දුක වහං කරගන්න.

කන ළඟම ආයෙමත් ෆෝන් එක වයිබ්‍රේට් උනා.ආයෙත් ඔයාමයි

නිදි කුම්බරී නැගිටිනවකො... කම්මැලි කෙල්ල..

ආයෙමත් මගේ මූණට හිනා පිරුන.

නැතෝ මම අද හවස එන්නෙ නැතෝ...

මම එහෙම රිප්ලයි කරල බලන් හිටිය.

අනේ... ඇයි ඒ... දැන් අපි යාලුනේ..

කවුද කිව්වෙ යාලුයි කියල... වැඩේමයි අනේ අපිනම්  යාලු නෑ...

මම තවත් ඔයාව ඇවිස්සුවා.

ඇත්තද.. එහෙනම් හිටපංකො මම ගෙදරටම එනව ..

මම කිව්වෙ හවස එන්නෙ නෑ කියලනෙ...

එහෙනම්...

මම අද උදේම එනව.. අද නිවඩු මම..ඉන්නවකො බලන් උදේ ඉදන් හවස් වෙනකන්ම කනක් ඇහෙන්න පුලුවන් වෙයිද කියල..

what...??? really....???

ඔන්න දැන් එයාට දන්න සින්හලෙත් අමතක වෙලා එච්චරට කලබලය.මට හිනා.ඊළඟට ඔන්න සුපුරුදු විදියටම ෆෝන් එක රින්ග් වෙනව.මම ඇස් පියාගෙනම ෆෝන් එක කන ළඟින් තියා ගත්ත.

ඇත්තමද බන්ටි මේ කියන්නේ...?

හ්ම්ම්ම් ඔව්...

ඇයි ඔෆීස් යන්නෙ නැත්තෙ...

මං නිවාඩු...

ඉතින් අක්ක දන්නවද...

නෑ පිස්සො ඔෆීස් යන විදියට තමා  එන්න වෙන්නෙ...

මගෙ අම්මෝ මේකි පැහිල තියෙන තරම්...

ඇත්ත තමයි මම දැන් පැහිලද කොහෙද. මීට කලින් කවදාවත් නොකරපු නොහිතපු දෙවල්මයි මට දැන් කරන්න හිතෙන්නෙ.

හා... එහෙනම් මම නෑවිත් ඉන්නම්..

ෂ් ෂ්..  කට කට බලමු නෑවිත් ඉන්න හැටි..

ඔයාගේ මේ ආදරණීය තර්ජන, සොඳුරු බල කිරීම් මම මීට කලින් කාගෙන්වත් අහපු විඳපු දේවල් නෙවෙයි.ඒව අහන්න අහන්න ඔයා ගැන මහා ලෝබ කමක් හිතට දැනෙනව.ජීවිතේ මෙතනින් මෙහෙමම නවත්තල ඔයා කියන දේකට  විතරක්ම අවනත වෙන ඇත්නම් කියල හිතෙනව. ඒත්.. ඒත්...මේක මිරිඟුවක්නෙ.

                            *         *       *        *        *        *        *


සුදුම සුදු බ්ලව්ස් එකට රෝස පසුබිමේ සුදු මල් වැටුනු කොට සාය ඇදල යාන්තමට තෙත මාත්තු කරපු කොන්ඩෙ කඩා දාල බස් එකෙන් බැහැල මම එන දිහා දුර ඉදන්ම ඔයා බැල්කනියට වෙලා බලන් උන්න. ඔයා ඇහි පිය නොහෙලා මම දිහා බලන් ඉන්න බව මට දැනුන. මටත් ඔයා දිහා කෙලින් බලන්න බැරි මොකක්දෝ කෝල කමක් දැනුන.ඒත් ඇස් උස්සල බලපු තප්පරේදිම මට ආවෙ කේන්තියක්.ඔයා ඊයෙ හිටපු විදියමයි රැවුල කපල නෑ කොන්ඩෙ පිලිවෙලක් නෑ.මම අද ඔයාව ඒ විදියට බලා පොරොත්තු උනේම නෑ.මාත් එක්ක ඇති වෙච්ච ප්‍රශ්නෙ නිසා ඔයා එහෙම ඉන්න ඇති කියන එක මම වහාම මගේ හිතින් ඉල්ලා අස් කර ගත්ත.ඔව් මේක වෙන ප්‍රශ්නයක්. ඔයා මොකක්ම හරි අවුලක. මට හිතුනෙ එහෙම.

අදනම් රෝස මලක්මයි...

ඇස් පුරා මාව විදින ගමන් ඔයා එහෙම කිව්ව.

ඔව් මමනම් මලක් තමයි... ඒත් ඔයානම් හෝතඹුවෙක් වගේ... චික් හැටි..

ඉනට අත් දෙකත් තියල මම ඒක කිව්ව තාලෙට ඔයා මහා හයියෙන් හිනා උනා.මටනම් හිනා ගියේම නෑ.

මොකද කොන්ඩෙ , රැවුල නොකපා ඒ සල්ලිත් වෙඩින් එකට එකතු කරනවද ?

හිතා මතා නොවුනත් මට එහෙම ඇහුන තරහටම.ඒ තප්පරේට ඔයාගෙ මූණෙ ඉරියව් වෙනස් උනා. ඒත් ඔයා එව්ව මගෙන් වහන් කලා.

අනෙ අම්මෝ රන්ඩු කෙක්ක මෙතන පැටලෙන්නෙ නැතුව ඇතුලට සැපත් වෙනවද...නැත්තන් අනිත් ඔෆීස් වල කට්ටිය බලයි මුන් දෙන්න උදේම කෙස් වලු පටල ගෙන කියල...

ඔන්න එතකොට තමයි මටත් මතක් උනේ ඔයාගෙ ඔෆීස් එකේ ඔයා විතරක් උනාට මේ බිල්ඩිමේ තව ඔෆීස් ගනනාවක්ම තියෙනවා කියල. මම හීන් සීරුවෙ ඇතුලට මාරු උනා.

මොනවද මට කන්න ගෙනාවේ...

ඇතුලට ආපු ගමන් ඔයා පැන්නෙ මගේ අතේ තිබුන බෑග් එකට.

මොනා කියන්නත් කරන්නත් කලින් කාලා ඉමු හොදේ මට  බඩගිනී අම්බානට...

ඔයා එහෙම කිව්වෙ ඇත්තටම බඩගින්නෙන් වෙන්න ඇති කියල මටත් හිතුන.ගෙදරින් හදාගෙන ආපු පාන් ටෝස්ට් ටිකයිP @ S එකෙන් ගත්ත කට්ලටුයි කිරි පැකටුයි ඔයාගෙ ඔෆීස් එකේ තියෙන පොඩි පෑන්ට්‍රි එකේ තියෙන පිගන් වලට දාල මම හරි ගස්ස ගෙන ආවෙත් හරි ඉක්මනට කතාවක් නැතුවම. එයාගෙන් කෝල් එක ආවෙ අපි කකා ඉන්න අතරෙ. පුරුදු විදියට මම හිමිහිට නැගිටින්න හැදුවෙ එලියට යන්න.

යන්නෙ එහෙම නෑ කෑම නවත්තලා .. ඔහොම ඉදන් කන්න..

ඒකනම් ඉල්ලීමක් නෙවෙයි තර්ජනයක් වගේ.ඔයා මං දිහා බලාගෙනම ෆෝන් එක ආන්සර් කලා.මම හොරාට නැගිටිද්දි ඔයා නැගිටල ඇවිත් මගේ වම් අතේ මැණික් කටුව ගාවින් තදටම අල්ල ගත්ත.ආයෙමත් මාව හිරි වැටිල ගියා.ඔයාටත් එක පාරටම මොකක්දෝ මතක් වෙලා අත හිමිහිට බුරුල් කරත් අත ඇරියෙ නෑ මගේ අත.මම තොල් පට විකාගෙන බිම බලන් හිටිය.හ්ම්ම්, ඔව් , නෑ, මම බලන්නම්... එහා පැත්තෙන් මොනා කතා කලත් මට ඇහුනෙ ඔයා දෙන බොහොම කෙටි පිලිතුරු.නෑ ඒක වෙන්න බෑ මේ තරම් ආදරණීය මනුස්සයෙකුගෙන් එයාගෙ ආදරීට එහෙම නොසැලකිලිමත් උත්තර...? ඔයා මොකක්ම හරි ලොකු අවුලක මට ආයෙ ආයෙ හිතුනෙ එහෙම.

නොදන්වා අත ඇල්ලුවට සමාව ගන්න ඕනද මැඩම්...?

කතාව ඉවර කරපු ගමන් ආයෙත් ඔයා සුපුරුදු සැහැල්ලු මූඩ් එකට.මම ඔයා දිහා බලල රැව්වෙ බොරුවට.

එහෙම තමයි මීට පස්සෙ මම කියන දේ ඇහුවෙ නැත්තන් පනිෂ් කරනවා...

ඔයා ඉන්නෙ මොකක් හරි ප්‍රශ්නෙක නේද ?

අහනවද නැද්ද කියල දෙතුන් වතාවක්ම හිතල අන්තිමට මම එහෙම ඇහුව.එක පාරටම වෙනස් වෙන ඔයාගෙ මූණෙ හැගීම් දිහාම මම බලන් හිටිය.මහා හුස්මක් පිට කරපු ඔයා මගේ බැල්ම මගහැරිය.

සොරි.. කැමතිනම් ඉතින් මට කියන්න මම ඔයාගෙ යාලුවනෙ...

කෙනෙක් කියන්න පස්ස ගහන දෙයක් කවදාවත් බලෙන් අහගන්න පුරුද්ද මට නෑ.අපි අතරෙ කොච්චර ලොකු බැඳීමක් යාලු කමක් තිබුනත් ඔයා ළඟදිත් මම එහෙමමයි.ඒත් මේ ප්‍රශ්නෙ කොයි වෙලේ හරි ඔයා මා එක්ක කතා කරයි කියන බලාපොරොත්තුව මට තිබුන.


 මම ප්‍රශ්නෙක තමයි බබා.. ඒත්  අද වගේ දවසක ඒව කතා කරල මේ තියෙන සතුට නැත කර ගන්න මට හිතෙන්නෙ නෑ... අනික ඔයා වගේ කෙනෙක්ට එව්ව කිව්වා කියලත් වැඩක් නෑ  බබෝ...ඒවට විසඳුම් හොයල දෙන්න තරම් ඔයා පැහිල නෑ...

ඔන්න කිව්ව ඉතින් එයා හිතන් ඉන්නෙ මම බබා කියල.මම එහෙම හිතුවට  මුකුත් කියන්න ගියේ නෑ.ඒත් මට දුක හිතුනා ඇයි වදේ මහ ලොකුවට හොදම යාලුවා මම ලු. ඒ උනාට  එයාගේ ප්‍රශ්නයක් මා එක්ක කතා කරන්න බෑ.ඔය මුකුත් මම කටින් නොකිව්වට ඔයාට තේරුනා මම අවුල් උනා කියල.

ම්ම්ම් .. හරි අපි කතා කරමුකෝ අද  හොදේ...අද හැන්දෑ වෙනකම්ම අපිට වෙලාව තියෙනවනෙ... මම හිමිහිට කියන්නම් සේරම...

ඔන්න ඔයා එහෙම කිව්වමනම් මට සැහැල්ලුවක් දැනුනා.දැන් ඉතින් මම දන්නව කොයි මොහොතෙ හරි ඔයාගෙ හිතේ හිරවෙලා තියෙන හැමදේම මගේ ඉස්සරහ දිගහරින බව.ඔයාගෙ ප්‍රශ්න වලට යම්තරමකින් හරි උදව්වක් වෙන්න පිහිටක් වෙන්න මටත් ඉඩ ලැබේවා කියල මම හිතින් හිතුව.




                                                          - මතු සම්බන්ධයි -

31 comments:

  1. මගෑරිච්ච ඒවත්කියවගෙනමයි ආවෙ. ලස්සන කතාවක් සඳවතී..
    ඉතුරු ටිකත් කියන ක බලං ඉන්නව ඉතිං

    ReplyDelete
    Replies
    1. අන්න හොදයි බලන් ඉන්න තමා තියෙන්නෙ ඉතින් ටික දවසක්... මොකද මම මාර කම්මලැයිනෙ මේ දිගට සින්හල ලියන වැඩේට

      Delete
  2. සෑහෙන ඈත ඈත... ඒ උනාට මේ අත ලඟවගේ දැනෙන ලයාන්විත සොඳුරු අතීතෙකට මාව ගෙන ගියාට තුති....!

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම් ඒකත් එහෙමද? ඒ කියන්නෙ යුගයෙන් යුගයට දශකෙන් දශකෙට එකම කතන්දර අලුත් වෙවී ඇති වෙන්නෙ නැති වෙන්නෙ හැබෑටම එහෙනම්

      Delete
  3. Replies
    1. අනේ මේ වැටවල් ගැහිල්ලයි ඉරි ගැහිල්ලයි නැතුව බැරිද මක්කාවත් කියන්න

      Delete
  4. නියමයි කථාව බන්ටි කොටේ

    ReplyDelete
  5. ලස්සනයි ! ප්‍රථම වසන්තයේ අත්දැකීම් එකක් නෑරම මතක සටහන් තමයි !

    ReplyDelete
    Replies
    1. ම්ම්ම් ඔව් ඒකනම් එහෙම තමයි .. ස්තූතී

      Delete
  6. මං දන්නෙත් නැතුව කලිං කොටසකුත් ගිහින් නෙ. දෙකම එක සැරේ කියෙව්ව. තව මාසෙකින් දෙහෙකින් විතර තව කොටහක් ලියන්න.

    අර ඔයාගෙ දෙනුවන් අනුහසත් කියවන්න තියෙයි. ඒකත් හෙමින් කියවන්නම්කො.

    ReplyDelete
    Replies
    1. ඒකනේ එක පාර කියවන එක කෝකටත් හොදයි නේද එහෙම එකතු කරලා කොටස්... නෑ අප්පා මේ පාරනම් ලියනවමයි කියලා හිතන් ඉන්නෙ ඉක්මනටම.

      Delete
  7. හරිම ලස්සනයි ඳූ අක්කේ.ඉක්මනටම ඊලඟ කොටසත් දාන්න හොඳේ.

    ReplyDelete
  8. මෙහෙම කතාවක් තියනවා කියල අමතක වෙලා හිටියෙ.තව අවුරුදු පහකින් විතර ඔක්කොම ලියලා ඉවර වුනහම එකපාරම කියවනවා.

    ReplyDelete
    Replies
    1. පහක් ? මොන පහද ඊටත් වඩා කල් බලන් ඉන්න වෙයිද මන්දා .. හී හී

      Delete
  9. සොදුරුගෙ සොදුරු වසන්තය

    ReplyDelete
  10. කෝ ඉතුරු කෑල්ල...??? ඇයි අපි වැනි අහින්සක පාඨකයින්ව සිහින සිතිජය තුල අතරමන් කරන්නේ...

    ReplyDelete
    Replies
    1. හී හී ඉතුරු කෑල්ල මීයො කාලා

      Delete
  11. හරිම ලස්සනයි..!!

    ReplyDelete
  12. හරිම ලස්සනයි..!!

    ReplyDelete
  13. ගුටියක් කන්නෙ නැතුව ලියන්නයි කිව්වෙ මේකෙ ඉතුරු ටික...හ්ම්ම්ම්...

    මන් ඔයාගෙ මේ ලියවිලි වලට හරිම ආදරෙයි අක්කි...ඔයා නම් හැබෑම කලාකාරියක්...මගේ හිතට දුකක් එන හැම වෙලේම මන් දුවන් එන්නෙ ඔයාගෙ බ්ලොග් එකට...ඇවිත් ඔයාගෙ කතා ටික කියවගෙන කියවගෙන යනව...ඇත්ත ම කිව්වොත් මන් ඔයාට ඇබ්බැහි වෙලා....ඔයා ට අර අප්පිරියාවක් හැදිල මාරයා අයියගෙන් බත් එකක් ගෙන්න ගන්න හිතුනු පෝස්ට් එකෙන් පස්සෙ ඔන්න අද තමයි මන් මේ පැත්තෙ ආවෙ...ඒත් ඔයාව මට අමතක වෙන්නෙ නම් නෑ....බුදුසරනයි ඔයාට..

    ReplyDelete
    Replies
    1. අම්මෝ ඒ කියන්නේ අවුරුදු ගානකට පස්සේ ඇවිත් තියෙන්නේ....ඒ පෝස්ට් එකෙන් පස්සේ මමත් අවුරුදු හතරක්ම නිහඬ වෙලා උන්නා 2016 තමා ආපහු ලියන්න පටන් ගත්තේ... අනේ සතුටුයි ඔයාලා වගේ පාඨකයෝ ඉන්න එකට... ඉතින් එහෙනම් ආයෙත් එන්නකෝ දිගටම

      Delete
    2. අනිවාර්යයෙන්ම එනවා....හැබැයි මේ කතාව ඉක්මනටම ඕනේ...❤

      Delete
    3. හි හී මේකනම් ලියන්න කම්මැලි හිතිලා තියෙන්නෙ බලමුකෝ ඉස්සරහට

      Delete
    4. අනේ...එහෙම කරන්න එපා අප්පා..මෙච්චර දුර එක්කන් ගිහින් අපිව මෙහෙම අතඇරලා දාල ඔහොම කියන එක හොදද මන් අහන්නෙ...කම්මැලි කම අතෑරලා ලියමු ලියමු...

      Delete
  14. This comment has been removed by a blog administrator.

    ReplyDelete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...