සඳට බැළුම් හෙලූ අය
Oct 19, 2017
ඉතින්, එ'සඳ !
මහා හයියෙන් වහින දවසට
තාමත් ඉස්සර වගේම
කුඩේ අමතක වෙන
හිතුවක්කාරිමයි තවමත් මම...
නාගෙනම ගෙට ගොඩවුන මට
ඉන්නවකො..බලන්නෑ මැරුනත් මම
කියා පුප්පා ගියපු ඔබ
තව අවුස්සන්නමයි ඉතින් මට හිත...
මේ වගේ සීතලට වහින දවසක
උණු කෝපි වලට වඩා විටෙක රස
හීතලම හීතල හිම කිරම බව
මට කියා දුන්නෙත් ඔබ...
වැදී සෝපාවෙ කෙලවරට තනියම
රහ කරද්දී අයිස් බදුන හිමිහිට
ඇස් කොනින් බලන
නො'ඉවසිලි එ' බැල්ම
කියන්නේ මට මහා මිහිරක රස...
ඉතින් තව මොහොතකින් - මොහොතකින්
ගිනිගන්න ඔය හැඟුම් අස
දියවෙනා බව දනිමි
වැනිලා රස පිරුණු ම' දෙතොල්
පෙති රිදෙන්නම..
මෙව්ව මේ රයිටර්ට දාපු කවි කමෙන්ට් - ලු
Subscribe to:
Post Comments (Atom)
රංකඳ රාවණා !!
ඔන්න කාලෙකට පස්සෙ මගේම බ්ලොග් එක මටම මතක් වෙලා මේ පැත්තට ආවා.හදිස්සියෙම එන්න හිතුනෙ නම් මගේ ජීවිතේ තවත් හීනයක් සැබෑ වීමක් ගැන පුංචි ආරංචිය...
-
අද මැයි මාසේ 17 වෙනිදා.... අද වගේ දවසක ඔයා මේ ලෝකේ එළිය දකිනවා අද වගේම දවසක මම ඔයාගේ ලෝකෙට එළිය අරන් එනවා ( ඒ ඔයා කියන විදිය ) ඔව්... ඒ ...
-
මේ දවස්වල මගේ සාමාන්‍ය දින චරියාව සේරම අන්ජබජල් වෙලා. අනේ කාටවත් කිසිම කරදරයක් නැතුව කතාවක් කවියක් ලියාගෙන සිංදුවක් අහගෙන ඉඳලා හිටලා සත්තර...
-
ඔන්න ඉතින් ඔයාලට මතක ඇතිනේ මේ ළඟදී මං ගිය පොදු ගමනාගමනයේ චාරිකාව. ඒක කොයි තරං ජොලිද කියනවනම් තාමත් මගේ දකුණු අත උස්සනක...
කයිය නම් කෝම අරි කියෙව්වා කියමුකෝ , පොටෝවනේ කාලා ඉන්ඩ බැරි අප්පා ,
ReplyDeleteඊ...ඊ... එච්චරටම අවුලද ... නෑනෙ නෑනේ ...
Deleteඅප්පේ මේකත් වල් එකක්...කට කෑමක්
ReplyDeleteහි හී ඒකත් එහෙමද
Deleteඅත්‍යාලංකාරයට ඇස්දෙක නිලංකාර වන බැවින් පින්තුරය නොපෙනේ...
ReplyDeleteකවිය ඉතින් රයිටරේගේ මොන කවියට දැම්මද කියල කිව්වා නම් අදාළ පුද්ගලයින්ට තේරෙයි මේ කවි වල තියෙන්නේ රසයක් මිසක් කුණක් නෙවෙයි කියල. මොකද සමහරුන්ට අනුන්ගේ ඇස්වල පරාල පේනවා මේ දවස්වල
Good one සොසා
රයිටරේගෙ කවියට ලින්ක් කරල තියෙන්නෙ සුදා... හ්ම්ම් ඔව් ඒකත් එහෙමයිද එතකොට.. එක එක්කෙනා ඒ ඒ අයට කැමති විදියට හිතා ගත්තදෙන් අනේ අපි ඔන්න ඔහෙ ලියමු මලවමු.
Deleteහිතල විතරක් නම් මදෑ , එව්වා කියෝ කියෝ යනකොට හරි හිරිකිතයිනේ....
Deleteමම ඒවා ගණන් ගන්නේ නැහැ අය්යෝ. මට ෂුවර් ඔයත් මගෙත් එක්ක එක පෙලට ඉන්නවා කියල.. හි හි හි.. නැද්ද මෙයා?
හෑ... ඒකනම් කොයිල් වගේ ටිකක් මට
Deleteමේ සීතලේ ඉන්න වෙලාවෙ අයිස්ක්‍රීම් ,වැස්ස, ආදරය ඔක්කොම එකතුකරල අපිව මරන්ඩ වගේ යන්නේ . අයිස් බඳුන වෙනුවට හිම කිරම කියලම ලිව්වනම් ලස්සනයි කියලා හිතුනා
ReplyDeleteආදරෙන්නම් මැරුනත් මොකෝ බක්කේ ඔන්න ඔහෙ
Deleteකවිය මාර වල්...ඒ උනාට කිවිඳිය එහෙම නෑ....!
ReplyDelete:)
:)
ඔය කිව්වට අනේ මන්දා ඉතින්... කෝමත් ඇගට ගුන කවිය පමනක් කියවීමයි කවියා කියවන්න ගියොත් විනාසයි
Delete🙂🔫
Delete18 plus
ReplyDeleteසතුටුයි සතුටුයි වැටක් නොගහ ඔහොමවත් වචනයක් කිව්ව එකට
Deleteහරි හරි ඉතින් අපි ඉඳල හිටල මොනා හරි කොටනව
Deleteඅමෝ! .... මේකනම්! hehehehe
ReplyDeleteබනින්න එපා පොඩි එකීට අනේ අන්න එහෙම හිනා වෙලා ඉන්න
Deletehe he he he .. :p අනේ නෑ සදවතියේ ... කවියේ අන්තිම හරිය මට පෙන්නේ නැත්තේ මොකද කියල බැලුවේ , බොද උනු කොටු කොටු විතරයි මට පෙන්නේ .
Deleteආ ඒක මිසක්
Delete:D :D :D
ReplyDeleteආ මේ ඉන්ගිරිස් ඩී අකුර නොවැ
ReplyDeleteඉරාජ් ට කියල වීඩියෝ එහෙකුත් හැදෙව්වොත් නරකද?
ReplyDeleteඅපෝ බෑ එව්වා නරක වැඩ... හි හී
Deleteමන් හිතුවේ මේක සත්තලන්ගෙ කවියකට දාපු රිපලයි එකක් කියලා
ReplyDeleteඅපොයි එයා කවි ලිව්වොත් එහෙම මට පාරේ බැහැල යන්න බැරි වෙනවා.රිප්ලයි රයිටර්ට උනාට මෙව්ව ඉතින් මේ සැබෑ අද්දැකීම්.
Deleteහෙම්බිරිස්සාව හැදෙයි... කිරි එකට සමහන් දාලා බොන්න හොඳේ...
ReplyDelete