සඳට බැළුම් හෙලූ අය
Oct 27, 2017
උඹේ ඔය හිනාවත් ඇත්තමයි ඉනාවක් !
Gym එකේ ඈත කෙලවර
යෝගා දැහැනකට සම වැද
සිහින් සංගීත ස්වර අස
හෙමින් උස් පහත් වෙන ළැම
බිදින්නට හදන්නෙම මගෙ කුමර ඹබසර
මහ විසල් කැඩපතට හිනැහෙන
හැරි හැරී ඉඟ සුඟද නලවන
ගෙල පුරා පිපුණු දහදිය මල
උදෑසන මගෙ හැඟුම් පොබකල
පෝනි ටේලය දැමූ මුහුළස
මුදා යලි උඩට කර බඳිමින
ඇස් කොනින් හෙලූ අඩ බැල්මට
සලිත වුන හැගුම් විසිරුනි දස
හිනාවක්වත් මගේ දෙසට විසි නොකරන
යකඩ ගොඩවලුත් මට වඩා පින් කර ඇත
ඔයාගේ ඔය දිගටි ඇස් ළඟ
six pack හීන මගෙ බොදවෙන
Subscribe to:
Post Comments (Atom)
රංකඳ රාවණා !!
ඔන්න කාලෙකට පස්සෙ මගේම බ්ලොග් එක මටම මතක් වෙලා මේ පැත්තට ආවා.හදිස්සියෙම එන්න හිතුනෙ නම් මගේ ජීවිතේ තවත් හීනයක් සැබෑ වීමක් ගැන පුංචි ආරංචිය...
-
අද මැයි මාසේ 17 වෙනිදා.... අද වගේ දවසක ඔයා මේ ලෝකේ එළිය දකිනවා අද වගේම දවසක මම ඔයාගේ ලෝකෙට එළිය අරන් එනවා ( ඒ ඔයා කියන විදිය ) ඔව්... ඒ ...
-
මේ දවස්වල මගේ සාමාන්‍ය දින චරියාව සේරම අන්ජබජල් වෙලා. අනේ කාටවත් කිසිම කරදරයක් නැතුව කතාවක් කවියක් ලියාගෙන සිංදුවක් අහගෙන ඉඳලා හිටලා සත්තර...
-
ඔන්න ඉතින් ඔයාලට මතක ඇතිනේ මේ ළඟදී මං ගිය පොදු ගමනාගමනයේ චාරිකාව. ඒක කොයි තරං ජොලිද කියනවනම් තාමත් මගේ දකුණු අත උස්සනක...
ශා නියමයි. ජිම් එකට දැන් වැඩිය යැවෙන්නේ නැහැ. ලස්සන ගැහැණු ළමයි වැඩි හින්දම. ලැජ්ජයි නේ අප්පා. බඩ අඩු වෙන්නෙම නැහැනේ. :)
ReplyDeleteහා .. හා අන්න දැක්කද මම ඉතින් කිව්වෙ බොරුද
Deleteඅපි යන ඒවා හතර මායිමටවත් කෙල්ලෙක් එන්නෑනෙ නැත්තං මටත් සික්ස්පැක් ඇවිත් ගොඩක් කල්
ReplyDeleteදැනුත් සික්ස්පැක් තියනවා බලන්ඩ කෙල්ලෙක් නැති නිසා පරිස්සමටත් එක්ක හොඳ තෙල්තට්ටුවකින් වහගෙන ඉන්නෙ
Deleteඅවාසනාව අවාසනාව නැත්තන් වෙන මොකක්ද ඉතින්... හි හී
Deleteයකූ ජිම් යන්නේ කෑලි ටෝක් කොරන්ඩද?? මමත් අර බක්කරේ කියුව වගේ සික්ස් පැක් ටික තෙල් වලින් වහල තියෙන්න කෑල්ලක් සෙට් වුන දවසට තෙල් ටික අයින් කරල සික්ස් පැක් එලියට ගන්නව
ReplyDeleteනැත නැත ජිම් වල කෑලි නැත.ජිම් වල නොව කොහෙත් ඇත්තේ සම්පූර්ණ ස්ත්‍රීන්ය.. ස්ත්‍රීන්ට කෑලි යැයි කීම අනුමත නොකරමි.
Deleteඅන්නේකයි අපිල ජිම් නොයන්නේ.....!!
ReplyDeleteඅනේ මම මුකුත් කියන්නෑමයි
Deleteපෙම් වඩන ඈ කෙරෙහි තවත් කල් හිතාපන්
ReplyDeleteගිම් හාන මේ භවයෙ පිනක් නැත හිතාපන්
නිම් නොවුනු මතු භවයෙ උපදින්න හිතාපන්
ජිම් එකක යකඩ ගොඩවී ඉපදෙන්න පතාපන්....
ජයවේවා!!!
ස්තූතී දුමී
Deleteසික්ස් පැක් තියා එයිට් පැක්ස් හදා ගත්තත් ඇති පලේ මොකෝ....
ReplyDeleteවටිනා කම නොදත් අසවලා මගේ ලඟින් ඇතෝ....
යකඩ ගොඩවල් අමතක වී කල් දැං බොහෝ ගියෝ...
එයාට වටිනා කම කියල දෙන්ඩෝ
Delete"පෝනි ටේලය දැමූ මුහුළස
ReplyDeleteමුදා යලි උඩට කර බඳිමින
ඇස් කොනින් හෙලූ අඩ බැල්මට
සලිත වුන හැගුම් විසිරුනි දස "
******************************
බැලූ බැල්මට ඔබේ
අමතක උනෙමි මට මගේ
දේඅත ඇති යකඩ ගුලි අනේ
ඇවිදින්න බෑ දැන්
කිලෝ 10 කකුල උඩ අනේ
හි හී හොද වැඩේ හොද වැඩේ
Deleteහි හී හි හී , පව් නැද්ද හා ?
DeleteThis comment has been removed by the author.
ReplyDeleteජීම් යනවා ද ?
ReplyDeleteකවිය නම් ලස්සනයි.එත් ඉතිං ජිම් ගිහින් කී දෙනෙක්ගේ අත පය කඩලා දන්නෑ නේ දැනට
හි හී මමත් යනෝ... ඒත් මම අහින්සකයි නොවැ
Deleteපොඩි බලාපොරොත්තුවක අවසානයක් නැතිද?.
ReplyDeleteකවි ගැලපීමට හිනා වෙන්න එපා....
බිදුනත් සවි ගතේ සිහිනය
සිත මතම ඇත නෙතෙහි ඇති රුව
gym එකට වී නසමි කාලය
දිගැටි ඇස් මා සොයයි පතමින
Deleteහරි අපූරුයිනෙ... මොකටද හිනා වෙන්නෙ... ස්තූති මෙහෙ ආවට
කෝ ඉතින් මට අම්ම ජිම් යන්න දෙන්නෙ නෑනේ
ReplyDeleteවෙන්නෙ මොකද්ද කියල අම්ම දන්න නිසා වෙන්න ඇති
Deleteඒකනෙ මන් යන්නෙ නැත්තෙ ඕවට
ReplyDeleteසදුනම් යන්වා කියලා දන්නවා. හැබැයි සික්ස් පැක් හීන පොඩි නොකර හිටු
Deleteඅනේ අපි අයින් වෙලා පයින් යන්නේ
Delete