සඳට බැළුම් හෙලූ අය

Oct 27, 2017

උඹේ ඔය හිනාවත් ඇත්තමයි ඉනාවක් !


Gym එකේ ඈත කෙලවර
යෝගා දැහැනකට සම වැද
සිහින් සංගීත ස්වර අස
හෙමින් උස් පහත් වෙන ළැම
බිදින්නට හදන්නෙම මගෙ කුමර ඹබසර

මහ විසල් කැඩපතට හිනැහෙන
හැරි හැරී ඉඟ සුඟද නලවන
ගෙල පුරා පිපුණු දහදිය මල
උදෑසන මගෙ හැඟුම් පොබකල

පෝනි ටේලය දැමූ මුහුළස
මුදා යලි උඩට කර බඳිමින
ඇස් කොනින් හෙලූ අඩ බැල්මට
සලිත වුන හැගුම් විසිරුනි දස

හිනාවක්වත් මගේ දෙසට විසි නොකරන
යකඩ ගොඩවලුත් මට වඩා පින් කර ඇත
ඔයාගේ ඔය දිගටි ඇස් ළඟ
six pack හීන මගෙ බොදවෙන

26 comments:

  1. ශා නියමයි. ජිම් එකට දැන් වැඩිය යැවෙන්නේ නැහැ. ලස්සන ගැහැණු ළමයි වැඩි හින්දම. ලැජ්ජයි නේ අප්පා. බඩ අඩු වෙන්නෙම නැහැනේ. :)

    ReplyDelete
    Replies
    1. හා .. හා අන්න දැක්කද මම ඉතින් කිව්වෙ බොරුද

      Delete
  2. අපි යන ඒවා හතර මායිමටවත් කෙල්ලෙක් එන්නෑනෙ නැත්තං මටත් සික්ස්පැක් ඇවිත් ගොඩක් කල්

    ReplyDelete
    Replies
    1. දැනුත් සික්ස්පැක් තියනවා බලන්ඩ කෙල්ලෙක් නැති නිසා පරිස්සමටත් එක්ක හොඳ තෙල්තට්ටුවකින් වහගෙන ඉන්නෙ

      Delete
    2. අවාසනාව අවාසනාව නැත්තන් වෙන මොකක්ද ඉතින්... හි හී

      Delete
  3. යකූ ජිම් යන්නේ කෑලි ටෝක් කොරන්ඩද?? මමත් අර බක්කරේ කියුව වගේ සික්ස් පැක් ටික තෙල් වලින් වහල තියෙන්න කෑල්ලක් සෙට් වුන දවසට තෙල් ටික අයින් කරල සික්ස් පැක් එලියට ගන්නව

    ReplyDelete
    Replies
    1. නැත නැත ජිම් වල කෑලි නැත.ජිම් වල නොව කොහෙත් ඇත්තේ සම්පූර්ණ ස්ත්‍රීන්ය.. ස්ත්‍රීන්ට කෑලි යැයි කීම අනුමත නොකරමි.

      Delete
  4. අන්නේකයි අපිල ජිම් නොයන්නේ.....!!

    ReplyDelete
    Replies
    1. අනේ මම මුකුත් කියන්නෑමයි

      Delete
  5. පෙම් වඩන ඈ කෙරෙහි තවත් කල් හිතාපන්
    ගිම් හාන මේ භවයෙ පිනක් නැත හිතාපන්
    නිම් නොවුනු මතු භවයෙ උපදින්න හිතාපන්
    ජිම් එකක යකඩ ගොඩවී ඉපදෙන්න පතාපන්....

    ජයවේවා!!!

    ReplyDelete
  6. සික්ස් පැක් තියා එයිට් පැක්ස් හදා ගත්තත් ඇති පලේ මොකෝ....
    වටිනා කම නොදත් අසවලා මගේ ලඟින් ඇතෝ....
    යකඩ ගොඩවල් අමතක වී කල් දැං බොහෝ ගියෝ...

    ReplyDelete
    Replies
    1. එයාට වටිනා කම කියල දෙන්ඩෝ

      Delete
  7. "පෝනි ටේලය දැමූ මුහුළස
    මුදා යලි උඩට කර බඳිමින
    ඇස් කොනින් හෙලූ අඩ බැල්මට
    සලිත වුන හැගුම් විසිරුනි දස "

    ******************************

    බැලූ බැල්මට ඔබේ
    අමතක උනෙමි මට මගේ
    දේඅත ඇති යකඩ ගුලි අනේ
    ඇවිදින්න බෑ දැන්
    කිලෝ 10 කකුල උඩ අනේ

    ReplyDelete
    Replies
    1. හි හී හොද වැඩේ හොද වැඩේ

      Delete
    2. හි හී හි හී , පව් නැද්ද හා ?

      Delete
  8. This comment has been removed by the author.

    ReplyDelete
  9. ජීම් යනවා ද ?
    කවිය නම් ලස්සනයි.එත් ඉතිං ජිම් ගිහින් කී දෙනෙක්ගේ අත පය කඩලා දන්නෑ නේ දැනට

    ReplyDelete
    Replies
    1. හි හී මමත් යනෝ... ඒත් මම අහින්සකයි නොවැ

      Delete
  10. පොඩි බලාපොරොත්තුවක අවසානයක් නැතිද?.
    කවි ගැලපීමට හිනා වෙන්න එපා....

    බිදුනත් සවි ගතේ සිහිනය
    සිත මතම ඇත නෙතෙහි ඇති රුව
    gym එකට වී නසමි කාලය
    දිගැටි ඇස් මා සොයයි පතමින

    ReplyDelete
    Replies

    1. හරි අපූරුයිනෙ... මොකටද හිනා වෙන්නෙ... ස්තූති මෙහෙ ආවට

      Delete
  11. කෝ ඉතින් මට අම්ම ජිම් යන්න දෙන්නෙ නෑනේ

    ReplyDelete
    Replies
    1. වෙන්නෙ මොකද්ද කියල අම්ම දන්න නිසා වෙන්න ඇති

      Delete
  12. ඒකනෙ මන් යන්නෙ නැත්තෙ ඕවට

    ReplyDelete
    Replies
    1. සදුනම් යන්වා කියලා දන්නවා. හැබැයි සික්ස් පැක් හීන පොඩි නොකර හිටු

      Delete
    2. අනේ අපි අයින් වෙලා පයින් යන්නේ

      Delete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...