සඳට බැළුම් හෙලූ අය

Nov 15, 2017

නුවර අහස යට !






නුවර මන්දාරමේ හීගතුව ඉවසාන
රොබෝරෝසිය මලක් වැව් දියට  ඉඟි පාන
දළදාව වීදියේ අතෑරුන සුබ සීන
තාම සුවඳයි සුසුම් හෙලන අර හන්තාන...

දෙපා කකියන තුරුම ඇවිද ගිය මල්යාය
මීඳුමේ දුමාරය  පෙරවගත් කඳුයාය
මතක ගින්දර වැදී පිච්චෙද්දි හද සෑය
අදත් පහුකර යද්දි හිතට ඔච්චම් පාය

මේ මතක අරන් යන්නට බැරිව මාවැලී
දියත් හඬනවා ගං දෑළ දෙවුරේ වෙලී
උණ පදුරෙ හෙවන යට එකම කුඩයේ ඇලී
පිරිමැදපු හැඟුම් ඒ තරමටම සියුමැලී

අස්ගිරිය උඩින් පායද්දි රෑ තරු රෑන
අත්හරින්නට බයයි අපි දැකපු ඒ හීන
ආයෙ කවදාවත්ම සෙංකඩට නුඹ නේන
මගේ කඳුළුත් අරන්  හඬාපන් හන්තාන


16 comments:

  1. සඳවතී නුවර අහස යට ලියවෙනකොට දකුනේ වෙරළට වඩා හැඟුමෙන් බර වෙනවා කියලයි අපිට දැනෙනේ...නුවර හීන තව දකින්න...!
    :)
    උණ (පදුර) පඳුර උනා නං...!

    ReplyDelete
    Replies
    1. ඒකනේ... මට ඉතින් නුවර ගැන තමා රහටම ලියවෙන්නේ... අයියෝ මේවා මේ ටයිපින් මිස්ටේක් අප්පා

      Delete
  2. දම්පාට රොබරෝසියා මලක පෙති සිඳුණු..
    වැහිදාක වැනි කඳුළු උණු උණුවේ එහි රැඳුණු..
    සංකාව නුඹ නැතිව සෙන්කඩගලින් මිඳුණු..
    හංගාන ඉකි ගසයි ඇහි පිය අගින් බිඳුණු..

    ReplyDelete
    Replies
    1. වා...ව්... කමීටත් ඉදලා හිටලා ලස්සන ලස්සන අදහස් එනවනේ

      Delete
    2. ඉඳල ඉඳල හිටියම එහෙම තමයි.. :)))))))))))))))

      Delete
  3. නුවර කියන්නේ හවසක මම දැකපු ලස්සන හීනයක්!

    ReplyDelete
    Replies
    1. ඇයි මම ? මමත් හැමදාමට නුවර ලස්සනට දකිනවා... හීන මවනවා

      Delete
  4. ගිරි දුර්ග අභිබවා ගලන මහවැලි නදී තෙර....
    විටෙක විය මාපියන් මෙන් සොදුර අප සිත් හට...
    පැණිදෙනිය, ගලහා හන්දිය හරහා අප ඇවිද ඇත දහස්වාරයක්...
    ගලපගත්තේ අපේ සිත් නුවර වැව රවුම මතය..
    අප අපේම ලෝකයක් තනන රිසියෙන්...
    හුදකලාවූ හැටි මතකද නෙත් දහස් වසා එතැන..
    අප පැතූ ලෝකයට එරෙහිවූ රූස්ස ගස් අතර තැනුනු මිටියාවත මැදින් නිරුපද්‍රිතව...
    සොදුරියෙ අප පා තැබූ හැටි සිහිනයකි තවමත් මා හට..
    තනිවෙලා නැත සොදුරියේ මහනුවර..
    ඔබ නැතත්, මා නැතත් අප වැනි පෙම්වතුන් පිරිවරා විරාජමානව....

    ReplyDelete
  5. Replies
    1. ම්ම්ම් ඔව් ඔව් දනිමි දනිමි

      Delete
  6. මේක පරන කවියක්ද? රොබේසියා මල් ගැන මතකයක් තියෙනවා සදූම ලියාපු

    ReplyDelete
    Replies
    1. මේක උණු කැවුම් වගේ රස්නෙ පිට එකක් රස්ති, ඒ ඔයා කියන්නෙ වෙන එකක්..

      Delete
  7. දෙපා කකියන තුරුම ඇවිද ගිය මල් පාර
    අදත් එහෙමයි අපෙ මතක එහි තවම
    සෙංකඩගලත් හඩනවා තාම නුඹ නැතුවාම
    හන්තාන උබ අඩපන් මගෙ කදුලු අරගෙනම


    ����❤️��

    ReplyDelete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...