සඳට බැළුම් හෙලූ අය

Nov 11, 2017

මලක මකරන්ද තවරන්න මැදියම !





රූමස්සලට උඩින් පිපුනාම අඩ සඳ
ඉල් මහට වැටෙන වැහි  සිඹී සිඳු බඳ
ප්‍රේමයේ සියුම් තත් පිරිමදිනකොට හද
මට කියා දෙන්න ආදරේ නිබ්බුත පද

කොටු බැම්ම මත හැපෙන සෙනෙහසේ රල
වහං කර ගන්නවා කිරි කවඩි පෙල
නිල්වැල්ල සිප හමන  හීන් මදනල
පිනි මිදුන හීනයක සතපවයි හදමල

සඳ එළිය මුවා කර රෑයේ තුන් යම
මුතු වෙරළ මත රඟන සඳකිදුරු පෙම
ළිහිණියක තුඩින් පාරවා හද ඉම
මලක මකරන්ද තවරන්න මැදියම

20 comments:

  1. මේක හරිම වෙනස් භාවයන් මතුවෙන කවියක් ශානි, හිමිකමකසියිම් සතුටත් අහිමි බවක රිදුමත් හිතට දැනෙන හරි අපුරූ නිර්මාණයක්..

    ReplyDelete
    Replies
    1. *හිමිකමක සියුම්

      Delete
    2. අම්මෝ ගොඩක් කලෙකින් එරන්දි මෙහෙ ඇවිත්... ස්තූති

      Delete
  2. සඳවතී සිහින නගරයෙන් දකුණට සැපත් වෙලා නේද....?
    රූමස්සල..ගාල්ලේ.......නිල්වැල්ල...දික්වැල්ලේ...!
    මරු...!

    ReplyDelete
    Replies
    1. හිත නුවර උනාට සැබෑවටම මගේ මුල් දකුණේ නොවැ. තාත්තා අහංගම... සත්තලන් බෙලිඅත්ත.. ඒ උනාට දකුණට පෙම් නොකරමි. මේක මේ ලිව්වෙ මගේ යාලුවෙක් ඇයි නුවර විතරක් ලියපංකො දකුණ ගැනත් කියල මට අභියෝග කල නිසාවෙනි.

      Delete
    2. සඳවතී ...ගාල්ලෙ රොමෑන්ස් ගැන මමත් ලියන්න ඕන.
      මට දැන් රොමෑන්ස් ලියන්න බැහැ වගේ ඒ උනාට

      Delete
    3. බෑ ...කියල නොහිත ලියන්න අප්පා...

      Delete
  3. ලස්සනයි සඳූ.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතී දුමී...කවියක්... කවියක්

      Delete
  4. නුවරයි ගාල්ලයි මගේ ෆැන්ටසි . ගාලු කොටු බැම්ම දිගේ රූමස්සල පේන මානේ ඉඳලත් හීනගත වෙන්න පුලුවන් හන්තාන මුදුනේ ඉඳන් වගේම

    ReplyDelete
    Replies
    1. නුවර හීන ගැනනම් අපි ටිකා...ක් දන්නවනේ කොච්චිගේ...

      Delete
  5. මේක ගොඩක් ලස්සනයි !

    පෝය දවසට ගාලු කොටුවේ ඉදං ඈත මුහුද බලන්න එක අමුතුම මෙව්වා එකක් .
    එක කියන්න නෑ වචන වලින් .

    ReplyDelete
    Replies
    1. ම්ම්ම් ඔව් එක වෙනස්ම අද්දැකීමක් වේවි...

      Delete
  6. ඔකෙ පෙම් කරන එකටත් පවිත්‍රා ගේම දුන්නනෙ. නොදකින්.....

    ReplyDelete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...