සඳට බැළුම් හෙලූ අය

Nov 8, 2017

ඔබ මගේ ප්‍රාණයයි !





ඔබ මහා අනුහස් ඇති ශ්‍රී මහ බෝධිය වෙන්න

මම මළුවේ දැල්වෙන පුංචි පහනක් වෙන්නම්...

ඔබ බැතිබර හැගුම් දනවන රුවන්වැලි මහා සෑය වෙන්න

මම උවැසිය වී අනිමිසලෝචනය කරන්නම්...

ඔබ පිංසාර නුවර වැව වෙන්න

මම කුමුදු මලක් වී ඔබ පාමුල පිපෙන්නම්...

ඔබ සීතල සුදු මීදුමක් වෙන්න

මම මහරත් මල් පිපෙන හන්තාන කදු මුදුන වී දෝවනය වෙන්නම්...

ඔබ දුර ඈත ක්ෂිතිජය වෙන්න හැමදාම

මම මෑත ඉදන් බලන් ඉන්නම් ජීවිතේ පුරාම...


22 comments:

  1. අනුහස් කිව්වම මට හිතුනෙ දෙවෙනි ඉනිම කියලා

    ReplyDelete
    Replies
    1. මේවා මම ඉස්සර ලියද්දි ඔය අනුහස්ල කරළියට ඇවිල්ලත් නෑ අනේ.. අවුරුදුම හතකට කලින් එකක්

      Delete
  2. ඔබ මේ වගේ හැමදාම බ්ලොග් පෝස්ට් ලියන්න.. මම හෙමිහිට ඇවිත් කොමෙන්ට් එකක් දාල යන්නම්..

    ReplyDelete
    Replies
    1. හාය... ඒකත් ලොකු දෙයක්ය... ස්තූතිය

      Delete
  3. හැමදාම වගේ ලස්සන පොස්ට් එකක් .

    * * *

    ආ .... " සීතල සුදු මීදුමක් " "හන්තාන කදු මුදුන" මේ කොටස කියෙව්වම මට මතක් උනේ මගේ පරණ පොස්ට් එකක් .

    ReplyDelete
    Replies
    1. ස්තූතී පෝස්ට් එක ලින්ක් කලානම් මටත් කියවලා බලන්න තිබුනානේ

      Delete
    2. http://magelokaya01.blogspot.com/2017/11/blog-post.html

      Delete
  4. Replies
    1. තඩියාගේ තඩි වැටට ස්තුතිය

      Delete
  5. නුවර වැව කොහොමෙයි පිංසාර වෙන්නේ ඇහැලෙපොල කුමාරිහාමිව ගිල්ලානේ...අවුරුදු හතකට කලියෙන් පහලවෙච්ච හිතිවිල්ලක් උනත් ඇත්ත කියන්න එපැයි...ශ්‍රී මහබෝධිය, රුවන්වැලි සෑය, මීදුම් ක්ෂිතිජ වගේද අප්පා නුවර වැව වෙන්න කිව්වාම...ඇති බැන්දා....:)

    ReplyDelete
    Replies
    1. නුවරට මුකුත් කියන්න එපාය.ඒ මගේ සිහින නගරය.ඔය නුවර වැව කිව්වේ බෝගම්බර වැවට නොවේය. අනුරාධපුරයේ නුවර වැවටය. හි හී කෝමද මගෙ ටිකිරි මොලේ.

      Delete
    2. එහෙනං හුටාය....!
      :) :)

      Delete
  6. බැඳීම් අතහරින්න කියලා නොකියා කියන දේවල් දිහා බලාගෙන බැඳීම් වැඩි කරගැනීමට ඇති හැකියාව ගැන සුභ පතමි. හරියට බෙහෙත් බීල ලෙඩ වැඩිකර ගැනීමේ විශේශ හැකියාවක් වගේ.

    ReplyDelete
    Replies
    1. බඳිම් වලින් මිදෙන්න ඕන කියලා හිතුන දවසක මේ දෙවල්ම උපමාවට අරන් ලියනවා මිදෙන හැටි,බැඳිම් කියන්නෙ ලෙඩක්නම් ඉතින් ආදරේ තමා බෙහෙත දැනටනම් මට , හි හී

      Delete
  7. ටිකක් සැර වැඩි වගේ නේද? මහ තඩි පතාක මුරුන්ගා ගහක් යට ඉදන් ලියලා වගේ නැත්ද?

    ReplyDelete
  8. just joking.. cheer up... නුවර වැවයි, නෙලුම් මලයි කියුවම ගැප් එක ටිකක් වැඩි වගෙයි පේනවා. කිව්දිය ගහ මුල නමි.. හබියා මුරුන්ගා ගහ උඩද?

    ReplyDelete
    Replies
    1. අපෝ මුරුන්ගා අතු හයිය නෑ කියනවනේ.. මම එයාව තියන්නේ හොද හයිය හත්තිය තියෙන අත්තක. හි හී

      Delete
  9. ඔබට හැකිනම් ඇණයක් වෙන්න
    මට හැකිය මිටියක් වෙන්න
    එවිට ඇහැකිය මට හැමදාමත් තලන්න(මෙව්ව ඉතින් කුණුහබ්බ කියනවා එහෙම නෙවෙයි ආදරෙට කරන තරවටුවක් ගැන කියන්නෙ)

    ReplyDelete
    Replies
    1. ආ... නේ හරී...ඊ ලා...ස්සන තරවටුව

      Delete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...