සඳට බැළුම් හෙලූ අය
Nov 6, 2017
මතකද හැන්දෑවේ !
අඬනකොට මහා හයියෙන් අහස
කොටනවා විදුලි මගෙ හිත මත
තනිව තෙමෙමින් විසුල අහස යට
හොයනවා බොඳව වියැකුණු මතක
නිල් පාට මල් ඉහුන කුඩේ යට
තාම පුසුඹයි නුඹේ සුසුම් සර
වැහි දියට තෙමෙන කම්මුලක් මත
ගලන්නේ කඳුළු කැට ගොඩක් අද
දන්නවා මේ වැස්ස යටම ඔබ
ඇගේ අත අරන් පියමනින බව
අනේ හමුවුනොත් පෙර අපෙ මතක
දැක්ක නොදැක්කා වගේ යනවාද
Subscribe to:
Post Comments (Atom)
දිනූ මගේ යකෝව්....!
මෝඩ තරිඳු බැලුවාය.කෙටියෙන්ම කියනවා නම් මරුය..මරේ මරුය.සතියේ දවසක 7.30 ශෝ එකද හවුස්ම ෆුල් ය.මියුසික් අතිවිශිෂ්ටය..හැමෝගෙම ඇක්ටිං ද එහෙමය.මං ...
-
මේ දවස්වල මගේ සාමාන්‍ය දින චරියාව සේරම අන්ජබජල් වෙලා. අනේ කාටවත් කිසිම කරදරයක් නැතුව කතාවක් කවියක් ලියාගෙන සිංදුවක් අහගෙන ඉඳලා හිටලා සත්තර...
-
අද මැයි මාසේ 17 වෙනිදා.... අද වගේ දවසක ඔයා මේ ලෝකේ එළිය දකිනවා අද වගේම දවසක මම ඔයාගේ ලෝකෙට එළිය අරන් එනවා ( ඒ ඔයා කියන විදිය ) ඔව්... ඒ ...
-
සුන්දර සුවබර බිනර මාසයක් වේවා ඔයාලට!💐💐💐 බොහොම අවිවේකී සති අන්තයකට පස්සෙ සදුඳාට එළිය වැටුනේ අලුත් මාසයක් එක්කමයි.සැප්තැම්බර් ඒ කියන්නෙ ...

එකම වැස්සක
ReplyDeleteදුක - සතුට දෙක
කුඩේ ඉහලන්
ගමන් යන හැටි!
ම්ම්ම් ඔව්නෙ...
Deleteමෙහෙමත් වැස්සක්...!!!
ReplyDeleteමම මේ බලා ඉන්නේ පායන කාලෙට මොනා ලියාවිද කියල...!!
අයියෝ ආකියෝ... පායනා කාලෙදී රෑ දවල් මහන්සි වී කන්න දේ රැස් කරන්න තීනවා , කවි ලියන්න වෙලාවක් නෑ එතකොට
Deleteකරපිංචා කැඳ බොන්න බෑ කූඹියන්නට ....!
Delete"අදුරු ලළා සෙංකඩගල වැස්‌සේ
ReplyDeleteදිය දහරා පාටයි දේදුනේ
තෙමි තෙමි ආදර මදු වැස්‌සේ
ගිය දෙදනා අද යනවා දෙමන්තලේ"
මේක තමයි මට මතක් උනේ ............
ඔව්නෙ ඒකත් හරි අපූරු සින්දුවක්...ස්තූතී කළණ
Deleteඅපොයි.. අමාරුවෙන් අමතක කරගෙන ඉන්න අපේ මතක.. :'(
ReplyDeleteඅපි මතක් කරන්නං, දැන්ම කරන්නද ::P
Deleteඑච්චරම අමාරුද ...
Deleteඅපොයි ඔව් !
ReplyDeleteනැතුව නැතුව
Deleteඅහස ගුගුරා සිහින් වැහි පොද පොළව දෙසටම එයි පෙරී
ReplyDeleteපහස නුඹ හා විඳි අතීතය මතක මතුපිට එයි හැරී
රහස නුඹෙ හා මගේ ළෝකේ යලිදු සිහියට ගනු බැරී
අහස දෙසටම සුසුම පාකර සිනාසෙනු දැන් ගෙන දිරී....
ජයවේවා!!!
ස්තූතී දුමී හරිම අපූරුයි ඔයාගේ පද
Deleteවැහි බ්ංදු නුඹෙ සිත තෙමන්නැති කදුලු බිදු හා මුසුවෙලා
Deleteසුසු නින්දු උණුහුම හැගෙන්නැති රස අතීතය සිහිවෙලා
ගැයු සිංදු කව් හද මැවෙන්නැති ගිගිරුමක නද පරයලා
නෙත රැන්දු රුව හිමි නොවෙන්නැති සසරෙ මදි නුඹ පිං කලා
නෙල්ලිPrince
Deleteනෙල්ලි කොහෙද හිටියේ අප්පා මෙච්චර කල්
This comment has been removed by the author.
ReplyDeleteස්තූතී
ReplyDeleteඅපේ මතක වෙලාවකට අපිව අඩවනවා නේද කියලා හිතුනා...
ReplyDeleteඇත්තටම එහෙම හමු උනොත්....
අදුනන් නැහැ වගේ යයිද??
අනේ මන්දා
Delete//අනේ හමුවුනොත් පෙර අපෙ මතක
ReplyDeleteදැක්ක නොදැක්කා වගේ යනවාද//
බොළද වැඩිකමටම ඒකෙ දැනීම වැඩියි
ම්ම්ම් ඔව්නේ එහෙමත් වෙනෝ ඉතින්
Delete