සඳට බැළුම් හෙලූ අය

Dec 1, 2017

ඇයි ඔච්චරටම ගනන් !


සීතල මේ තරම් රුඳු බව
වැහි බිඳිති මේ තරම්  රළු බව
ඔබ නේන දහවලද මේ තරම් දිගු බව
දැනුනෙ මට වැඩියෙන්ම
ඔබ අහක බැලූ දා සිට...

සොඳුර !

අ'තැර මේ නෝක්කාඩු මදකට
වරුවකට ඇවිත් මදහස මැද
සීතලට ගැහෙන තෙත හිත මත
තබන්නකෝ  හාදුවක උණුහුම ..

17 comments:

  1. /ඔබ නාපු දහවලද මේ තරම් දිගු බව/....

    සත්තරන්ට දවල්ට නාන්න එපා කියලා අවවාද කරන්න කියලා හිතුවේ හිටං...!!!
    :) :)

    ReplyDelete
    Replies
    1. කෝ කෝ කොහෙද මම එහෙම කියලා තියෙනවද ආ... හි හී

      Delete
    2. දැන් හරි...නාපු නේන උනානේ....!
      :)

      Delete
  2. අපිවගේ කවි අරහං උදවිය වෙනුවෙන් අතරින් පතර කතාත් ලියන්ඩකෝ.

    ReplyDelete
    Replies
    1. ඔව්නෙ කාලෙකින් ලිව්වෙ නෑ.. ඉක්මනටම දෙන්නම්කෝ

      Delete
  3. එන්නේ කෝමද මට පේන්නෙම ඔහේල මුණ කළු කරං මගේ දිහා බලං බලං ඉන්නව වගේ කොට.

    ReplyDelete
  4. යන්න ගියත් මතකයෙ හැම දේම ඔතා
    දන්න හිතත් හැඬුවා ඔබෙ සුවඳ පතා
    ගින්න නැගුනි මේ හීතල වෙලී ලතා
    එන්න හිතයි යලි නුඹ උනුහුමක් පතා....

    ජයවේවා!!!

    ReplyDelete
  5. මම ලියු කවියේ දුක තවත් වැඩි උණා වගේ දැනුණා

    ReplyDelete
  6. සන්ග්ලාස් දාන්න කැමතියි වගේ

    ReplyDelete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...