සඳට බැළුම් හෙලූ අය
Dec 5, 2017
ඔබ නිදුකින් උන්නාවේ !
ඔබේ මතකයන් වලදැමූ
පස් කන්ද මත
තාමත් ඉදහිට පිපෙනවා
සුදු රෝස...
සීයා ආච්චී ලොකු තාත්තා
විතරක් නෙවෙයි
චූටි බාප්පත් එක්කම
එකම ස්මාරකයක ඉන්න
ඔයාට අපිට තරම් තනි නැතුව ඇති
මහ හුඟක් වේලාසනම යන්න ගිය
ඔයා ගැන තරහටමයි වෙලාවකට
අහක බලාගෙන යන්නෙ
ඔයා නැවතිච්ච තැන පහු කරනකොට
' තාත්ත ආච්චිට විතරක් ඇයි සීයෙක්
කෝ අම්ම ආච්චිට සීයෙක් '
ඔයාගේ එකම මුනුබුරා අහනකොට නිතර
ඔයාගෙ නෝනට දුක හිතෙන බව
හදිස්සියෙ ගිය ඔයාටවත් නොතේරෙනකොට
මේ පොඩි එකාට තේරේවිද ?
ඔබ නැතුව ඔබ එක්ක මහ දුරක් ආවාට
මේ අමාරුම දවස් මම පහුකරන
ඔබව නිතරම හිතට එන
කමක් නෑ ඔබ නිදුකින්නම්
අදත් මට පුලුවන් මේ කඳුළු
රහසේම හංගන්න...
Subscribe to:
Post Comments (Atom)
දිනූ මගේ යකෝව්....!
මෝඩ තරිඳු බැලුවාය.කෙටියෙන්ම කියනවා නම් මරුය..මරේ මරුය.සතියේ දවසක 7.30 ශෝ එකද හවුස්ම ෆුල් ය.මියුසික් අතිවිශිෂ්ටය..හැමෝගෙම ඇක්ටිං ද එහෙමය.මං ...

වේදනාව කියන්නේ වෙන්වීම නම් අපි හැමෝම අසරණයි නේද ?
ReplyDeleteහ්ම්ම් ඔව් ...
Delete/// මේ අමාරුම දවස් මම පහුකරන
ReplyDeleteඔබව නිතරම හිතට එන////
බොරුනේ...හැමදාම මෙහෙම නේද...?
ලබන ආත්මේ හමුවේවි දරුවෝ...නිදුකින් නං එච්චරයි....!!
ඉස්තරන්ට ලෝකේ හැටි කියල දෙන්න මේක නිමිත්තක් කරගන්න...එහෙමයි දේවල්වෙන්න ඕන...!
මේ ආත්මෙ නොලැබුන දෙවල් ලබන ආත්මෙ වැඩක් නෑ අනේ...
Deleteදුකක් දැනෙන හොඳ නිර්මාණයක් සඳූ.
ReplyDeleteජයවේවා!!!
නිර්මාණයක්ද මේක ?? අනේ මන්දා දුමී
Delete+++++++++
ReplyDeleteස්තූතියි
Delete++++
ReplyDeleteස්තූතියි
Deleteරහයි සඳූ
ReplyDeleteකඳුළු ලුණු රහයි අනේ...
Delete+++++++
ReplyDeleteජයග්‍රාහී තුන් වෙනි වැට.
Deleteageyi
ReplyDeletehmmm
Deleteඔයා කියන විදියට නැන්දලා ලොකු අප්පච්චිලා ආච්චිලා සීයලා ඔක්කොම එක්ක ඔය කියන තැන ඉන්න අපේ අප්පච්චිටත් නැතුව ඇති පාළුවක් අපිට තරම්..
ReplyDeleteහ්ම්ම් ඔව් .... එයාලත් සතුටින් ඇති.... එහෙම වෙන්න ඕනෙ ඉතින්
Delete